Sunday, May 21, 2017

57. ජීවිතය සහ ආදරය ගැන පුංචි කතා 1




chicken soup for the soul නමැති පොත සහ එහි සිංහල පරිවර්තනය කියවලා ඇති ඔබ .....පසු ගිය දිනෙක කියවූ එම පොතෙහි ඇති කුඩා කතාන්දර ටික හෙමි හෙමින් පරිවර්තනය කරලා ලියන්නට හිතුනා..ඉතින් මේ එහි මුල් කතාව 
මේ කතා ඉතා කෙටියි...නමුත් කියවන්නට හා හිතට ගන්නට ඇති දේ බොහෝයි...

ආදරය ...නිර්මාණාත්මක බවේ ශක්තියයි...

වතාවක් මහාචාර්යවරයෙක් සමාජ විද්‍යාව උගන්නා තම සිසුන් බැල්ටිමෝරයේ පැල්පත් වල වසන තරුණ පිරිමි ළමුන් 200කගෙ දත්ත හා තොරතුරු සමීක්ෂණයකට යැව්වා...මෙම සිසුන්ට පැවරුන කාර්යය වුනේ ..මෙම සෑම පිරිමි ළමයෙක්ගේම අනාගතය සම්බන්ධ ඇගයීමක් කිරීමයි....

මෙම සියලුම වාර්තාවල සිසුන් සඳහන් කර තිබුනේ...." ඔහුට අවස්තාවක් නැත " යන්නයි....

මේ සිදුවීමෙන් වසර විසිපහකට පමණ පසු තවත් සමාජ විද්‍යාව උගන්වන මහාචාර්යවරයෙක්ට අහම්බෙන් මේ සමීක්ෂණ තොරතුරු ඇස ගැටුනා...ඔහුත් ඔහුගේ සිසුන්ව මේ සමීක්ෂණයෙ පසු විපරම සඳහා යැව්වා ..පෙර කි තරුණයන්ට සිදු වා ඇත්තේ කුමක්ද යන්න සොයා බැලීමට 

එම 200 දෙනාගෙන් 20 ක් පමණ මිය ගොස් හෝ වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වී තිබුණ අතර ඉතිරි 180න් 176ක්ම  නීතිවේදීන්..වෛද්‍යවරුන් සහ ව්‍යාපාරිකයන් ලෙස ඔවුන්ගේ පරණ ජන මට්ටමෙන් ඉහලට ගොස් තිබුණා 

මේ ප්‍රතිපලයෙන් විශ්මයට පත් වු මහාචාර්යවරයා වැඩි දුරටත් මේ ගැන සොයා බැලුවා ...වාසනාවකට මෙන් පෙර කි 176 දෙනාම ඒ අවට ප්‍රදේශයේ විසූ නිසා එක්එක් පුද්ගලයා සමග වෙන වෙනම කතා කළ හැකි වුනා 

" ඔබේ සාර්ථකත්වයේ රහස කුමක්ද ..? " ලෙසින් ඇසූ හැම පැනයටම ලද පිළිතුර ...
"එක ගුරුවරියක් " යන්නයි......

වාසනාවකට මෙන් ඇය ජිවතුන් අතර උන්නා...මහාචාර්යවරයා ඇයගෙන් මේ මායාකාරී බලය..පැල්පත් සිසුන් සාර්ථක කළ රහස විමසුවා....

ඇයගේ ඇස් දිදුලන්නටත් ..දෙතොල සිනාවෙන් හැඩවෙන්නටත් පටන් ගත්තා.....

" ඒක ඉතාම සරල දෙයක්.." 
ඇය මිමිණුවා....
" මම ඔවුන්ට ආදරය කළා..."

( පරිවර්තනයකි ....chicken soup for the soul)


28 comments:

  1. පොතේ නම නෑ නේද මුලින් ? ඒ වගේම මේක කෙටි වැඩි නිසාමද මන්දා මට අවස්ථා ටික සම්භන්ද වෙන විදිය තේරුම ගන්න අමාරුයි වගේ.

    ReplyDelete
    Replies
    1. එඩිට් කළා නංගි...ස්තුතියි

      Delete
  2. මේක අපූරු කතාවක් විසිරී. ආදරයට කරන්න පුලුවන් ගොඩක් දේ තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ආදරයට කරන්න පුලුවන් දේ අපමණයි..

    මේ පොත ගැන අහල තිබුනට කියවලා නෑ... අක්කගෙ උත්සහය අගෙයි... දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී...හෙමි හෙමින් ලියනවා

      Delete
  4. තමන් ගැන ම විශ්වාසය ඇති කිරීම තමයි වැදගත්!

    ReplyDelete
  5. අපුරු කතාවක්. පොතේ නම මොකක්ද? බැක්ටිමොරය ද බැල්ටිමොරයද ?

    ReplyDelete
  6. පුංචිම පුංචි කතා,නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බක්කරේ...දිගටම ලියන්න ඉන්නේ

      Delete
  7. Chicken Soup for the Dog Lover's Soul
    කියවල තියනව

    ReplyDelete
    Replies
    1. ඒ සෙට් එකේ මාර ගොඩක් තියනවනේ...

      Delete
  8. ආදරය ට කර හැකි දේ....

    ReplyDelete
  9. මං දන්න සෝලයක් නෑ. චිකන් සුප් නං දන්නවා.

    ReplyDelete
  10. විසිරි අක්කා වගේ වෙන්න ඕන ඒ ටීචරුත්
    ආදරෙන් හදවත් සුවපත් කරන්න පුළුවන්

    ReplyDelete
  11. අපේ පැත්තේ තියෙන වාඩිය කියන රෙස්ට් එකේ චිකන් සුප් එකක් හදනවා...... අම්මපා ලංකාවේ කොහේවත් නෑ එච්චර රසට සුප් එකක් හදන තැනක්.....

    ReplyDelete
    Replies
    1. මටත් ගිහින් බිලා එන්න හිතෙනවා අප්පා

      Delete