Tuesday, May 23, 2017

58. ජිවිතය සහ ආදරය ගැන පුංචි කතා 2

එක වරකට එක්කෙනයි....




දිනක් එක් පුද්ගලයෙක් . ..වියලි ගිය මැක්සිකානු මුහුදු වෙරල තිරයේ ඇවිද යමින් උන්නා.....ඔහු ඇවිද යන අතරමග දුටුවා ...ඔහුට තරමක් ඈතින් තවත් මිනිසෙක් සිටිනවා.ක්‍රම ක්‍රමයෙන් මෙම පුද්ගලයාට ලං වෙද්දී ඔහු දුටුවා එම මිනිසා ස්වදේශිකයකු බව...ඔහු බිමට නැඹුරු වෙමින් යම් දේවල් අසුලමින් නැවත ඒවා දියට විසි කරමින් උන්නා.....කාලයත් එක්කම ඔහු මේ දේ නොකඩවා කරමිනුයි උන්නේ...

මුලින් කි තැනැත්තා මේ පුද්ගලයා ට ලං වෙත්ම ඔහු දුටුවේ ස්වදේශිකයා තාරකා මාළුවන් (star fish ) අසුලමින් මුහුදට විසි කරන බවයි...මේ තාරකා මාළුවන් මුහුදු දිය සමග වෙරළට ගසා ගෙන ආ සතුන් ....ඔහු ඔවුන්ව නැවත විසි කරමින් උන්නා....

පළමු තැනැත්තා ස්වදෙශිකයාට ලංවී මෙලෙස ඇසුවා..." යාලුවා..ඔබ මේ කරන්නේ කුමක්ද කියන එක මට හිතාගන්න අමාරුයි..."

" මම මේ තාරකා මාලුවන්ව නැවත මුහුදට විසි කරනවා...ඔබට පේනවා ඇති දැන් පවතින්නේ බාදිය අවස්ථාව....මේ තාරකා මාළුන් හට නැවත මුහුදට දැන් යන්නට බැහැ ...ඔවුන් වෙරළේ රැඳිලා....මම ඔවුන්ව මෙසේ මුහුදට විසි නොකලොත් ඔවුන් ඔක්සිජන් හිඟ කමින් මෙතන මිය යන්නට පුළුවන්..."

" ඔව්..මට තේරෙනවා...." මුල් පුද්ගලයා පැවසුවා...

" නමුත් මේ වගේ තාරකා මාළුවන් දහස් ගණනක් මේ වෙරල තීරයේ ඇති....ඔබට ඔවුන් සියල්ලම මෙලෙස විසි කරන්න බැහැ නැවතත්....මේක එක අතකට සරලයි...ඔබට හිතාගන්නවත් බැහැ නේද..මේ සාගර වෙරල තිරයේ දහස් ගණනක් තවත් වෙරළවල් ඇති...ඒවායේ තව කොපමණ ඇත්ද.....
ඔබට හිතන්නට බැරිද....ඔබට මෙම තත්වයෙහි වෙනස සිදු කරන්නට බැරි බව....."

ස්වදෙශිකයා මන්ද සිනහවක් පෑවා....නැවත බිමට නැඹුරු වී තාරකා මාලුවෙක් අතට ගෙන සයුරට විසි කරන ගමන් මෙලෙස කීවා....

" මම අන්න අර තාරකා මාළුවාට වෙනසක් ඇති කළා....."


~~~~  විසිරි ~~~

පරිවර්තනය...chicken soup for the soul

24 comments:

  1. එකගයි ..
    මම පාරේදී අන්ද කෙනෙක් හරි අතින් කරකවලා පැදගෙන යන බයිසිකලේක යන කෙනෙක් දැකොත් ඒ කෙනාට උදව්වක් කරලයි යන්න ඒ වෙලාවට වටේ පිටේ මිනිස්සු මොනවා හිටහ්යිද කියලා මට අදාල නැහැ .
    මේ කතාව පොඩි මෙන්ඩ ට කියලා දෙනවා

    ReplyDelete
  2. මගෙත් ක්‍රමේ.. පුළුවන් වෙලාවට පුළුවන් විදියට උදව් ඕනේ එකෙකුට උදව් කරනවා.. එළකිරි!

    බුකියේ දාන ගොංපාට් කොමෙන්ට් ගැන කමත්වා!

    ReplyDelete
    Replies
    1. මෙහෙත් දාන්නකො අපිටත් සහබාගී වෙන්න

      Delete
    2. ඇයි ප්‍රා ඔට්ටු අල්ලන්න යන්නැද්ද ?

      Delete
    3. @ කමියා.....ගොංපාට් නම් මොනාද අනේ....කොමෙන්ට් එකක් දානවා කියන්නේ ඒක කියෙව්වා කියන ඒකනේ ( බොලාගේ ගති අරින්න බෑ )

      Delete
    4. @ pra jay හපොයි...ඒවා මෙහෙට ගෙනල්ලා බෑ...

      Delete
  3. හැකි වෙලාවට හැකි දේ හැකි පමණින් කීරිම.. මොනවා නොලැබුණත් තම හිතට ආත්ම තෘප්තියක් ගෙන දේ.

    ReplyDelete
  4. පුංචි කතාවක්. ඒත් හොඳ අර්ථයක්.

    ජයවේවා!!!

    ReplyDelete
  5. ඒකනම් හරිම ආදරණීයයි. ඇත්ත තමයි මුලු ලෝකෙම වෙනස් කරන්න එක මොහොතකින් හෝ එක දෙයකින් අපිට බෑ.ඒත් අපි හැමෝම අපිට පුලුවන් දේ කලොත් යම් පමණකින් හරි අපිට ඒ වෙනසට දායක වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ මට්ටමින් අපි කරමු

      Delete
  6. බැරි දේ නොවෙන දේ හිතනවාට, කිය කියා ඉන්නවාට වඩා තමන්ට පුලුවන් දේ පුලුවන් වෙලාවට කරන තමයි වැදගත්... හරිම වටිනා කතාවක් අක්කේ...

    ReplyDelete
  7. මුල හරිය කියවද්දි මට මතක් වුනේ යාලි හා ප්‍රොෆෙසර් ජෙරඩ් ඩයමන්ඩ්ව..

    ඇත්ත, ⁣හැමෝම ⁣තමන්ට පුලුවන් දේ කළානම් ලෝකෙ නිකන්ම ලස්සන තැනක් වෙයි! ස්තූතියි.

    ReplyDelete
  8. හරියට හරි... ඕක තමයි ක්‍රමේ..
    ජයවේවා..!!

    ReplyDelete
  9. තනියෙන් ලොකු දෙයක් කළහැකියි..... අඩුම ගානේ තමන්ටවත්......

    ReplyDelete
  10. ⁣meka කලින් බුකීyen kiyeuwa. හරිම අපූරුයි අක්කා . Ee කතා මෙහෙම බෙදා ගන්නවා ta ස්තුති. මම හරිම ආසාවෙන් කියවන්නේ me කතා ටික .

    ReplyDelete
  11. ස්තුතියි යාත්‍රා

    ReplyDelete
  12. ඔන්න මං මේකත් කියෙව්වා මඟ ඇරුනු ඒවා වලින්.. එකත් නියමයි.. මේ වගේ සරල කතා ඇයි මට හිතෙන් නැත්තේ කියලා මට වෙලාවකට හිතෙනවා.. මං එකම ටොපික් එකක් අල්ලන් දඟලනවා.. සමහරවිට මේ පරිවර්තන වලින් පස්සේ මට හොඳ අදහස් ටිකක් ගලා එන්න බැරි කමක් නෑ.. ඔයා කොහෙන්ද විසිරි මේවල ඔරිජිනල් එක හොයා ගන්නේ මට පොඩ්ඩක් ඒක කියන්නකෝ..

    ReplyDelete