Friday, June 2, 2017

60. වැඩ අවසන් නොකළ හදවත් උයන





ඔබ උද්‍යානයකට යන්න කැමතිද...
එහෙමත් නැත්නම් වගා කරන්න කැමතිද....
හැම නිවසකටම යාබදව තියන පුංචිම පුංචි වුණත් ඉඩකඩේ උද්‍යානයක් හදාගන්න කැමතියි නේද....
සමහර අය මල් වවනවා ...සමහරු එළවලු පලතුරු...තව සමහර අය ඔය දෙකම ...

සමහර අය සුළු පරිමාණයෙන් වවන අය..ගෘහස්ථ පරිභෝජනයට වගේ....එනමුත් තවත් සමහරු මහා පරිමාන උයන් හිමියෝ.....

උයනක් කියන්නේ මොකක්ද.....මම පහු ගිය දිනක අපූරු ලියවිල්ලක් කියෙව්වා...එකෙන් තමා මේ මාතෘකාව ඔලුවට ආවේ....ඒ සටහන ලියල තිබුනේ...එස්.ලීලාරත්න කියලා මහත්මයෙක්...ඔහුගේ ඒ සටහනට පාදක වෙලා තිබුනේ....අජාන් බ්‍රහ්මවංශ හිමිගේ දේශනයක්......

මම මගේ තුනපහ ලුණුමිරිස් ටිකක් ඒකට එක්කාසු කරලා මේ ලියන්න ගත්තේ.....ගංවතුර බැහැගෙන යනකොට ලියන්නම ඔලුව වද  දෙන නිසා....


කෙනෙක් උයනක් හදාගන්නේ මොකටද...නිකමට හිතන්න....වෙහෙස වෙලා රස්සාවේ ගෙදර කුස්සියේ ඔය එකී නොකී තැන් වල වෙහෙසිලා...ආයෙම මහන්සි වේවි වැඩ කරන්න නම් එම උයනෙන් වැඩක් තියද.....

අජාන් හිමියන් ....ගේ දෙසුමක තියනවා......

 මම උයන් හිමියන්ට කියනවා ....ටිකක් වැඩ කරලා...උයන ලස්සන කරන්න...ඒ සමගම ටිකක් විවේකයෙන් උයනේ ගත කරන්න...ස්වභාව සෞන්දර්යයෙ රසයෙන් ජීවිතය වර්ණවත් කරගන්න... කියලා

උයන් හිමියන් වර්ග හතරක් ඉන්නවා.....

පළමු වෙනි වර්ගයේ උයන් හිමියා....

එයා සිතනවා ලු...මේක කදිම අදහසක්....ඒ නිසා කරන්න තියන වැඩ ටික පැත්තකට තියලා ඔන්න එයා උයනේ වාඩිවෙනවලු ....ඉතින් ලස්සන නරඹන කොට මෙයාට පේනවා...සමහර ගස් මැරිලා..තණකොළ වැවිලා....වේලිච්ච කොළ හැමතැනම...කප්පාදු නොකළ පඳුරු ඒමට...ඔන්න ඔහොම ඒවා....ඉතින් උයන බලන එකෙන් එයාට කිසිදු සහනයක් හිතට ඇවිල්ලා නැහැ...
ඔන්න මේ නිසා එයා දඩිබිඩි ගාලා ආයෙම වාදක යෙදෙනවා...උයනෙන් ඔහුට අපේක්ෂිත සැනසීම ලැබුනේ නැහැ.....

දෙවැනි උයන් කරු....

ඔන්න පළමු එක්කෙනාට වඩා පොඩ්ඩක් බුද්ධිමත්....එයා උයනට ඇවිල්ලා..මොකද කරන්නේ..අර රේක්ක මල් බාල්දි...පෝර මලු ඔක්කොම දානවා පැත්තකට....
ඉන් පස්සේ උයනේ හදපු ලස්සන බංකුවට  වෙලා ලොකු සඟරාවක් කියවන්න ගන්නවා....ඒ සඟරාවේ ලෝකේ ලස්සන තැන්...දියඇලි..එහෙම තියෙන්න පුළුවන්...
ඒත් ....ඔහු විවේකයක් ලබා කියවීමක් කරනවා මිස උයනේ ස්වභාව සෞන්දරයය විඳින්නේ නැහැ.....

තුන් වැන්නා...කොහොමට ඇත්ද ....

ඔන්න එයා අර බංකුවේ වාඩිවෙලා මල් බාල්දි..පෝරමලු..රේක්ක ඔක්කොම පැත්තකට දානවා ....උයනේ ඇති ශාන්ත රසය විඳිනවා...ඔන්නමෙහෙම තත්පර කීපයක් ඉන්න කොට ඔහුගේ හිතට එනවා...මේක මිට වඩා ලස්සන කරන්න උපක්‍රම....ගස් කප්පාදු කරලා..තව වතුර පොකුණක්..මාළු..නෙලුම් මල්...ආදී අලංකරණ.....
එතකොට මෙතන තියන මල් පානදුර මෙතනට වඩා ගැලපෙන්නේ අතනට ..ඔන්න ඔය වගේ ඒවා....මෙය සිතීම හා අනාගත සැලසුම් කිරීම මිසක් උයනේ ස්වභාව සුන්දරත්වය විඳීම නොවෙයි......

හතරවැනි උයන් කරු ඉන්නවා....

එයා මෙහෙම කල්පනා කරනවා....

මම දැන් ඕනෑතරම් වැඩ කරලා තියනවා...දැන් එකේ ප්‍රතිපල නෙලා ගන්න ඕන....ගස් කප්පාදු කරන්න ඕන..වල නෙලන්න ඕන...වතුර දාන්න ඕන...නමුත් මේ එකාට වෙලාව නොවෙ යි...මම ටිකක් දැන් විවේකයෙන් ඉන්නවා.....ඒ වැඩ පසෙකට දාල...
උයනේ පල වැලක් නෙලාගෙන කාලා...කුරුළු හඳට සවන් දීල...කොළ හා එක්ව යන නානා ප්‍රකාර පැහැයෙන් අස නිවාගෙන....ස්වභාව සෞන්දර්යය විඳිනවා.....
මේ වැඩ අවසන් නොකළ උයනේ ඔහු ලබන්නේ නියම චිත්ත සමාධියයි.....



පසු සටහන ....

අහන්න...ඒ කතාව ජීවිතේට එකතු කරගන්න...
අපේ ජිවිත හැමදාම වැඩ අවසන් නොකළ උයනක් වගේ.....
කිසිදාක අපි එහි වැඩ අහවර කරන්නේ නැහැ.....
ඒත් වැඩ අවසන් නොකළ උයන විඳින්න ...
නැත්නම් වැඩ විතරයි...
විඳින්න වෙලාවක් නැහැ,,,,,

ඉතින් මේ මගේ වැඩ අවසන් නොකළ උයනයි.....


උදේ ජිවන සටන පටන් ගන්න යන්න පෙර මම එන්නේ මෙතනට..නැවුම් හුස්මක...පිනි බිඳක මට දවසට ඕන හයිය එකතු වෙනවා ....
දුවන හැල්මේ දුවන දිවා කලක් ඉවර වෙලා...මං හැමදාම එන්නේ මෙතනට..මහා කළුවරේ හරි.....මගේ විඩාව බාරගන්න තුරු පත් නැළවෙනවා.....
මම මේකේ වැඩ අවසන් කරන්න උත්සාහ කරන්නේ නැහැ....
ඒත් විඳිනවා....
ඒකයි ජීවිතය ...


උයන් පල්ලෙක් වන්න ...ඒකට එක මල් පෝච්චියක්..ගහක් කොලක් ඇති....
වෙනස් කරන්න ඕන ඔබේ මනසයි...




~~~~  විසිරි ~~~~

14 comments:

  1. අපූරුයි... ඇත්ත නේන්නම් ජීවිතේ කියන්නෙ වැඩ අවසන් නොකල උයනක් තමා..මටත් කාලයක් වගා උණ ගහලා තිබුනා වගාත් කලා හැබැයි සේරෝම ගොලු බෙල්ලො කෑවා අනිත්වා වඳුරො ඇවිත් පාලු කරලා ගියා ඊට පස්සෙ කවදාවත් ආයෙ වගා කරනන් හිතුවෙ නෑ.හැබැයි අක්කගෙ මේ වගාව දකිද්දි ආස හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඔයා හෙටම පටන් ගන්නවාලු....

      Delete
  2. යනෙන නැවතෙන සසරෙ හැම අත
    බිඳෙන සිතිවිලි සැමට අඩු නැත
    විඳින උයනක පහස ලැබු සිත
    දැනෙන නිදහස කෙළවරක් නැත......

    හොඳ සටහනක් අක්කේ.

    ජයවේවා!!!

    ReplyDelete
  3. මං කොහොමත් අයිති වෙන්නේ අන්තිම උයන් හිමියාගේ ගොඩට... මොකද මං වස කම්මැලියෙක් :)

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඔයා විඳිනවා ඒ කියන්නේ

      Delete
  4. මම අයිති තුන්වෙනි උයන්පල්ලාගේ කාන්ඩේට.. හැමදාම උයන හදනවා.. විඳින්න වෙලාවක් නෑ.. :/

    ReplyDelete
    Replies
    1. අපි හතර වැන්නට මාරු වෙමු නේ

      Delete
  5. උේ ඉඳං රෑ වෙනකං කැලෑ දෙවනත් කර කර කසිප්පුවො හොයන එක ඇර මොන උයන්ද කියලත් හිතෙනව :-D
    තාම නිදහස තියෙයි විසිරි

    ReplyDelete
    Replies
    1. මට තාම නිදහස තියෙනවා මහේෂ් ....හිහි අර උඩ කතාව නම් මරු

      Delete
  6. මටත් උයනක් තියෙනවා ඒකගැන මෙහෙම කියන්න බෑ
    ඒත්අන්තිමට මටත් තියෙනවා ඔය කියන විදහේ උයනක් :D

    ReplyDelete
    Replies
    1. මං නොදන්නා උයන.....හිකිස්...

      Delete
  7. මටත් උයනක් තියෙනවා වගේ වගක් නැති

    ReplyDelete