Sunday, July 23, 2017

66..මේ අය ගැන දන්නවාද..?





01. බීතෝවන් ගේ සංගීත ගුරුතුමිය හැම විටම ඔහු ගැන පැවසුවේ සංගීත මෙහෙයවීම අතින් ඔහු අසාර්ථක බවයි..ඔහු වයලීනය හැම විටම අල්ලාගත්තේ වැරදියටලු..එමෙන්ම තමන්ට කැමති නාද මිස ඔහු උගන්වන නාද රටා ගැන තැකීමක් කලේ නැහැලු....

02. චාල්ස් ඩාවින් තමන්ගේ වෛද්‍ය ක්ශේත්‍රයේ  වෘත්තිය අත හැර දැමුවාම..ඔහුගෙ පියා ඔහුට කීවාලු..." ඔයාට ගැලපෙන්නෙ බල්ලො පූසො අල්ලන එක තමා " කියලා..
එමෙන්ම ඔහු තමන්ගේ චරිතාපදානය ලියද්දි මෙහෙම ලිව්වාලු...." මගේ සියලුම ගුරුවරුන් සහ මගේ පියා මා ඉතාම සාමාන්‍ය කොලුවෙක් සහ සාමාන්‍ය බුද්ධි මට්ටමට වඩා පහල මට්ටමක සිටින්නෙක් ලෙස සැලකුවා..."

03. වෝල්ට් ඩිස්නි නිර්මානශීලි අදහස් නැත්තෙක් යයි පවසමින් පුවත්පත් කතෘ වරයෙක් විසින් වරක් රැකියාවෙන් නෙරපා හැර තිබෙනවා.ඒ වගේම ඩිස්නිලන්තය නිර්මාණය කරන්නට පෙර ඔහු කීප වතාවක්ම බැංකු නය කරුවෙක් ලෙස ප්‍රසිද්ධ වුනා

04. ඇල්බර්ට් අයින්ස්ටයින් අවුරුදු හතරක් වන තුරු කතා කලේ නැහැලු..එමෙන්ම ඔහු වයස හතක් වන තුරු කියවීමෙත් අසමත් වීලු..ඔහුගෙ ගුරුතුමා කියා තිබේන්නෙ..ඔහු සෙමින් මනස වැඩෙන සමාජශීලි නොවූ..තමන්ගේම මෝඩ සිහින වල ජීවත් වන්නෙක් කියලාලු...එසේ පවසා ඔහු එම පාසලෙන් නෙරපා හැර තිබෙනවා

05. තෝමස් එඩිසන් ගේ ගුරුතුමා පවසා තිබෙන්නෙ ඔහු කිසිම දෙයක් උගන්නට අසමතෙක් කියලාලු

සමහරක් වෙලාවට ඔබත් අසාර්ථක පුද්ගලයෙක් කියල ඔබේ දෙමවුපියො..ගුරුවරු..අසල්වාසීන්..එහෙම කියනවා ඇති....
පේනවා නේද....උඩින් පල කල අය ඒ අය ගැන කට්ටිය කිව්ව අදහස් බොරු කල හැටි....
ඉතින්....
හිතට ගන්න...
එහෙම කෙනෙක් වෙන්න ඔබටත් පුලුවනි....හා නැද්ද....


~~~  විසිරි ~~~

18 comments:

  1. අන්න ඒකනේ මම මේ බයනැතුවබ් ඉන්නේ. කවදාහරි මම ලොකු වෙලා සාර්තක මනුස්සයෙක් වෙනවමයි...

    ReplyDelete
  2. ජීවිතයේ අවසාන කාලයේදී බීතෝවන් සම්පූර්ණයෙන්ම බිහිරි බවට පත් වූ බවත්, ඔහුගේ අති විශිෂ්ඨ නිර්මාණ බොහොමයක් බිහි වූයේ එම අවසන් දශක ද්විත්වය ඇතුළතදී බවත් මම අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව මාත් අහලා තියනවා

      Delete
  3. ඔව්. ඔව්. ඇයි නැත්තෙ.

    ජයවේවා!!!

    ReplyDelete
  4. මන්දා...
    මට නම් හැමෝම වගේ කියන්නේ සාර්ථක වෙයි කියලාමයි...
    ඒත් වෙන්නේම අසාර්ථක...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න...කවද හෝ සාර්ථක වේවි

      Delete
  5. ඕනැම කෙනෙක් ළඟ සැඟවුනු දක්ෂතාවයන් තියනවා. ඒවා මොනවාද කියලා හඳුනානොගන්න එක තමයි වරද.

    ReplyDelete
  6. මොකෝ බැරි ? මමත් පුලුවන් හා නැද්ද...

    ReplyDelete
  7. මටත් පුළුවන් වෙයිද?

    මෙක කියවද්දි නම් හිතට ගැම්මක් ආව

    ReplyDelete