Friday, October 6, 2017

75. සඳුදා ව ....



උදෑසන ඇහැරෙමි
කුදු මහත් කටයුතු නිමවමි
දුම් රියට දිව එමි..
සටනෙන් අසුනකට පැනගමි....

මුහුණු පොත විමසමි
කවි එකිනෙකින් කියවමි
සිනහවක් විසුරමි
සෙනෙහසින් අදහස්ද පවසමි.....

හිස ඔසවා බලමි
වියැලි මුහුණුම විමසමි
හිනාවක් නොදිටිමි
වෙහෙසින් ඉවත හැරුණමි.....

යායට පිපී එන..
නම නොදත් කහ මල් යායක
දම් දියබෙරලියාවක
වල්මත් වූ බත් කූරෙකි ....
ගං දෑල අසබඩ
දියට නැමි එක පඳුරෙක
ලා කොළ කදුරු ගෙඩියක
වසා උන් සමනලෙකි වල්වැද.....

හිනාවක් දවටමි
ජීවිතය සොඳුරු යැයි පවසමි .......

(සතුට ඇත්තේ අතලඟය....ඔබ එය විමසන තුරු නොදකී )

~~~ විසිරි ~~~

10 comments:

  1. අපි නම් සඳුද උදේ දහයටත් නිදි තාම

    ReplyDelete
  2. //සතුට ඇත්තේ අතලඟය....ඔබ එය විමසන තුරු නොදකී// ඒකනම් පට්ට

    ReplyDelete
  3. හිනා වෙන්න හිනා වෙන්න එතකොට (තව) තර වෙන්නේ.. හැක් .. මං නං සතුටට වැඩිකමට තමයි බුම්මං ඉන්නේ..

    ReplyDelete