Saturday, January 27, 2018

83...ප්‍රේමය සුන්දරයි







සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැඳුණ දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම් ..
.
සමහරක් සිංදු ජීවිතේ ඊ සැරයක් වගේ වේගයෙන් මතක අවුලනවා..ප්‍රේමය කියන්නේ අපූරුම වස්තු විශයයක්....ඒක එක එක්කෙනා තමන්ට අයිති ආකාරයට වෙන වෙනම බාර ගන්නවා....
.
ඊයේ Charithaගෙ පෝස්ට් එකත්...මට මේක ලියන්න මතක රැසක් ගෙනාවා....
සමහරක් අය ලියද්දි....
ප්‍රේමයයි වෛරය යි අතරේ වෙනස කෙස් ගසකට සමයි ...කියල....
එහෙම නොවන අපූරු මානවීය බැඳීම් මිනිස්සුන්ගෙ ගාව ඉතුරු වෙනවා.......
.
ඉස්සරම බාලිකාවක් වෙලා උසස් පෙල කරන කාලෙ ......ජීවිතේ ට එක්කාසු වුණ ...මගදි කිසිත් හිතේ කහටක් නැතුව අත හැරී ගිය ...නමක් දෙන්නට අපහසු සුන්දර බැඳීමක් මටත් තිබුණා ...ඒකට මම ආදරය හෝ ප්‍රේමය කියන්නේ නෑ....සමහරක් වෙලාවට එතන යාලුකම ..සහෝදරකම...වගේම සෙනෙහසකුත් තිබුණා.......
.
මං තාම ඒ බාලිකා මතකයට ආස....
පුදුමාකාර සුන්දරත්වයක් ජීවිතේට එක් කල ඒ බැඳීම ....අත හැරුණත් ....කිසිම දාක ඔහු මට වෛර නොකල නිසා......සමහරක් විට ජීවිතේ තෝරා ගැනීම් වලදී......සමහර දේ අතහැරෙනව.......
..
කාලයක් ගතවෙලා ......අපි දෙමවුපියනුත් වෙලා.....වෙන වෙනම කුටුම්භ වල ජීවිත ගෙනියනවා.......අවුරුදු විසි ගානකට පස්සෙත්....ඉස්සර මතකයන්...මතක් කරලා හිනාවෙන්න .....ඔහුට වගේම මටත් හැකි........බැඳීම වගේම හිතේ කහටත් " අතහැරපු" නිසා........
.
අද කාලේ ඇතිවෙනවට වඩා කලින් බිඳෙන ප්‍රේම වෘත්තාන්ත දුටුවම .......පොඩ්ඩ එහාමෙහා වෙනවිට ...ආදරය අමතක වෙලා වෛරය පැසවන හැටි දකින කොට........
.
.
මට ඒ බැඳීම් ගැන දැනෙන්නෙ ඉස්සරම දවසක.....බාලිකා ඇසක් බිමට හැරුණාම ....අපූරු සෙනෙහස් බැල්මකින් ....බලපු යොවුන් ඇස් දෙකක මිහිර.....
.
එපමණයි........

මම

විසිරි

9 comments:

  1. හරි ආදරණීයයි අක්ක මේ ලියවිල්ල.... සඟවන්න එපා හසරැල් මම ආසම ගීතයක්... දවසට එක පාරක්වත් අහනවා මේ දවස්වල ...

    ReplyDelete
  2. එකඟයි අදහසට.

    ජයවේවා!!!

    ReplyDelete
  3. අපුරුයි අක්කා
    මේ සින්දුව මම ගොඩක් ආසම සින්දුවක්. ඔයා කියනවා හරි ප්‍රේමය තියෙන්න ඕන ඒ විදිහට තමයි.

    ReplyDelete
  4. හැමෝම ආදරේ ගැන ලියනවා. මෙහෙම ආදරේ කරන එකත් හරිම ආදරණීයයි.

    ReplyDelete
  5. මන් පොඩි කාලේ සෑහෙන හිතුවා හිතින් ලව් කරන ගෑල් ළමයි වෙන අයත් එක්ක පහුල් පන්සල් වෙලා ඉන්නකොට පාරක තොටක හම්බුනොත් ඒක කොච්චර කෲර වෙයිද කියලා. අපේ කොල්ලො සෙට් එකටම ඔය වගේ සෑහෙන ගැටලූ තිබුනා. කියන්න සන්තෝසයි දැන් ඔයින් එක සිතින් විතරක් පෙම් කරපු කෙල්ලෙක් එක්ක යාලු ඒ කාලෙ මාත් එක්ක ඒ හිටපු කොල්ලෙක්. මන් හිතන්නෙ උන් ළගකදි බදියි. මටත් වෙඩිමටත් එන්න කියයි. ඔය වල් නරියා අර ඩෙස් එකේ නම් ලියපු ඒවයි. ටොයිලට් එකේ i love u කියලා ගහපු ඒවයි ඔක්කොම කියලා ඇති. විලි ලැජ්ජාවෙ බෑ. (කෝමත් ඒ කෙල්ල මට ඌත් එක්ක සෙට් උනායින් පස්සෙ ලැයික් වැඩි උනාද මන්දා. ගෙට් ටු ගැදරයෙත් මාව තුරුල් කරන් ෆොටෝ කෑලි පන්සීයක් විතර ගැහුවා)

    ReplyDelete