Tuesday, June 29, 2021

2021 (14) ඔබෙන් ඒ වෙනස අරඹන්න

ඔබෙන් ඒ වෙනස අරඹන්න...




මෙම සටහන සොයා ගනු ලැබ ඇත්තේ westminster abbey හි ඇති ඇංග්ලිකන් බිෂොප් වරයෙකු ගේ සොහොන් කොතේ සටහන්ව තිබියදී ය.

" මා තරුණ අවධියේ දී නිදහස්ව ගත කළ අතර මගේ කල්පිතයන් ට සීමාවන් නොවීය .මට අවශ්‍ය වූයේ ලෝකය වෙනස් කිරීමට ය. මා වයසින් සහ නුවණින් වැඩෙත්ම මා වටහා ගත්තේ ලෝකය කිසිදා වෙනස් නොවන වගය .එහෙයින් මම මගේ කල්පිතය මඳක් කුඩා කර මගේ රට පමණක් වෙනස් කරන්නට තීරණය කළෙමි .

නමුදු එය ද වෙනස් කළ නොහැකි බව මට පසුව වැටහී තිබිණි .

ඉන් තවත් කලකට පසු මම මගේ පවුල පමණක්... ඔව්.. මගේ සමීපතමයන් වන පවුල පමණක් වෙනස් කළ යුතු යැයි සිතීමි. නමුත් ඒ කිසිවක් ම ඉටු නොවීය.

දැන් මා මගේ මරණ මංචකයේ පසුවෙමි ... එක් වනම මට වැටහිණි.මා විසින් පළමුව මාවම වෙනස් කලා නම්....එසේනම් එය උදාහරණ කොට ගෙන මට මගේ පවුල වෙනස් කරන්නට තිබුණි....
.
ඔවුන්ගේ එම සුබවාදී වෙනස සහ උනන්දුව මත මට මගේ රට ට වෙනසක් ඇති කරන්නට ඉඩ තිබුණා සේම ලෝකයද ඉන්පසු වෙනස් කරන්නට හැකිවන්නට ඉඩ තිබුණි."

ඉතින් වෙනස ඔබෙන් අරඹන්න....

මුල් සටහන chicken soup for the soul කෘතියකින්

පරිවර්තනය කලේ විසිරි ❤️

2021 (13) මට මාව දැනුන තැන


ජීවිතේ ගැන ආපස්සට හිතුවොත් ස්තුතියි කියන්න හිතෙන තැන් හුඟාක් හමුවෙනව....
.
ඒත් මම කියන මනුස්සයා පරිසර ජීවියෙක් කරන්න අඩිතාලම මට වැටුනෙ අපේ ගමේ මහ ගෙදරින් ......
.
ඉතින් නිස්කාංසුවේ කල්පනා ලෝකෙක ගිලෙන වෙලාවක අන්න ඒ සුන්දර කුඩා ජීවයෙන් පිරිලා තිබ්බ අපේ ඒ නිවහනට මම ස්තුති වන්ත වෙනව...
.
නිල්වලා ගං මිටියාවතට නුදුරු බිමක මීට දශක ගණනාවකට එහා මතකයක ඇවිදිනකොට මට හමුවෙනව කෙට්ටු කෙසඟ කෙල්ලක්....එයා උන්න ඒ නිවහන විදුලි බලය නැති ලාම්පු එලියෙන් පොත් බලන ගෙදරක්....
.
රෑ හත වෙද්දි අම්මා තාත්තා මල්ලිල ආච්චි සීයා එක්ක කෑම කාල සීයාගෙන් කතා අහල නිදාගන්න යන අපූරු උණුසුම් නිවහනක්....
.
උදේ ම කාමරේ ජනේලෙ ඇරියම හීන් හීතල හුලඟක් එක්ක කෝපි ගස් වල මල් පිපෙන කාලෙට ඒ සුවඳ මුසු වෙන .....
මිදුල ඉස්සරහ කහ රෙද්දක් එලපුව වගේ ඇහැල මල් හලන රූස්ස ඇහැල ගහකුයි....ගෙදරට එන වැලිපාර කෙලවර ඇට්ටේරියා මල් ගහකුයි තිබ්බ ගෙදරක්.....
.
උදේට නැගිටලා මල් සුවඳ ඉහිරුණ උදේම සුදු වැලි මිදුල පොල්ලතු රටා තියෙන්න අතුගාපු, හැන්දෑවට පාට පාට හෙන්දිරික්ක මල් වට්ටි නෙලල ආත්තම්මා ට බුදුන් වඳින්න හදල දීපු නිවහනක්.....
.
ගේ වටේට තියන වපසරියෙ අඹ , පේර, ලාවුලු, දොඩං, අනෝදා ඈ කී නොකී පල දරන...උදේම උඩින් කෝපි ඉහුණ උණු එළකිරි වීදුරුවක් බොන්න ලැබුණ ගෙදරක්.....
.
ඉතින් ...ජීවිතේ සුන්දරම හැඟීම් එක්ක ඒ නොස්ටාල්ජියානු මතක වල ඇවිදින්න තාමත් මට ඉඩ හසර සලසන අන්න ඒ ආදරය පිරි නිවහනට....ස්තුති නොකර කොහොමද.....?

මං පරිසරයට අනුගත වෙන ජීවියෙක් කල ඒ නිවහන තමයි මං ස්තුති වන්ත වෙන පළමු තැන....

විසිරි ❤️

2021(12) ඔය සිනහ සුන්දර






නෙතු දෑල වෙහෙසවන
තරමට
ඔය සිනහ සුන්දරද ඔපමණ
ඉතින් නුඹ වෙත බැඳෙන අරුමය
සිහිනයක් තරමටම සොඳුරුය

විසිරි ❤