Saturday, April 20, 2019

106. ඔබ පරිසරයේ කොටසක්ද



ඔබ පරිසරයේ කොටසක්ද...?



ඔබ මේ අහන දෙයට සෘජුවම ඔව් කියලා උත්තර දෙන බව මම දන්නවා.නමුත් මඳක් සිතා බලන්න.අපි පරිසරය එක්ක සම්බන්ධ වන්නේ මොන තරම් අඩුවෙන්ද..?.

.ඔව් ..අපි එච්චරකටම කාර්ය බහුල අය....

ඔබ උදේට කුදු මහත් රාජකාරි දහසක් කරලා රැකියාවට යන්නට එලියට බහිනවා..ඔබ ඒ තියන හදිසියට ඔබ පිළිගන්න වගේ සිනාසෙන අලුත පිපුන මලක් දකින්නේ නැහැ...හදිස්සියේ බස් එකෙන් බැහැල ගෙදරට දුවන් එන ඔබව පිළිගන්න සිනාසෙන ගහක් කොලක් මලක් ඔබ දකින්නේ නැහැ...සමහරක් වේලාවට ඔබේ දාහය නිවන්න ඔබ වටේට හමායන සුළඟ ඔබට දැනෙනවා උනාට ඔබ එය විඳින්නේ නැහැ......

ඇත්තෙන්ම අපි පරිසරයෙන් දුරස් අය...

විනෝද ගමනක් ගියාම ...සියලු රාජකාරි වලින් ඔබ දුරස් වෙනවා..ඔබ පරිසරය විඳිනවා...එහි සුන්දරත්වය ඇසින් සිරුරෙන් උකහා ගන්නවා....නමුත් ඔබ ඔබේ එදිනෙදා ජීවිතයේදී එහෙම දෙයක් විඳිනවද....?

උදේම නැගිටින්න...පොඩිම වෙලාවක් ඔබ ඒ සුළඟ විඳින්න...ගහක කොලක සුන්දරත්වය ඇහැට ගන්න....හවස ගෙදර ආවම ...ඇඟපත සෝදාගෙන පොඩ්ඩක් මිදුලට බහින්න...ලෝකය ඉන්නේ ඔබ එනකල්...ගෙදර අයට වගේම පරිසරයටත් ඔබව අවශ්‍යයි....

ඔබ පරිසරය එක්ක ඉන්න හැම වෙලාවේම...ඔබේ පීඩනය අඩු වෙනවා...ඔබේ නිර්මානශිලිබව වැඩිවෙනවා...හිතට එන්නේ සාමකාමී සතුටුදායක හැඟීම්...ඒ වෙලාවට ඔබට ඔබේ වැඩ කටයුතු හසුරවා ගන්න පහසුයි...පෙළගස්වන්න ලේසියි...ඒ වගේම ගැටළු වල දැඩි බව හෙමින් මනසින් ලිහිල් වෙන්න ගන්නවා....ඔබ මනසින් වැඩෙන්නේ මෙන්න මේ වේලාවට....

ඉතින් ඔබ පරිසරයට අනුගත වෙන්න...අද ලෝකය දුවන්නේ තාක්ෂනය එක්ක..අපි පරිසරයෙන් ඈත්වෙන්න වෙන්න අපි නිර්මාණශීලි වෙන්නේ යාන්ත්‍රිකව..

අපි සොබාදහමේ අංශු..ඉතින් දවසට එක විනාඩි දහයක් ඔබ ව නිර්මාණය කල ඒ පරිසරයට ඔබේ සිනහව ලබා දෙන්න.....එය ඔබේ කෘතගුණ දැක්වීම වෙනු ඇති....නිසැකවම.

මම 
විසිරි 

2 comments:

  1. සීයට සීයක්ම ලිපියට එකඟයි අක්කේ.. පරිසරය සමග මොහොතක් සිටීම මගේ පුරුද්දක්.
    ජයවේවා!!!

    ReplyDelete
  2. ඇත්ත තමයි විසිරි. පුංචි වෙලාවකට හරි පරිසරයේ කොටසක් වෙන එක කොච්චර හිතට සතුටක් ද කියලා දන්නේ එහෙම කරන අය.

    ReplyDelete