Sunday, August 1, 2021

00. පෙරවදන - ඔබ ආයෙමත් ඇවිදින්

කාලෙකට පස්සෙ කතාවක් ලියන්න හිතුණා. මේක මේ වෙනකොට මුහුණුපොතට ලියල අවසන් කළ එකක්.  

ඉස්සෙල්ලා කතාව වගේ කලබලයක් නැතුව එහෙනම් හෙමිහිට  මේකට එක්කරන්නම්


පෙරවදන





දුර ඈත අතීතයේ දිනක සිහිනෙන් ගෑ මල් සුවඳක් සේ සිත ලඟක දැවටුණ ප්‍රේමය 

ඉදින් අතින් අත මොහොතකට පමණක්ම දැවටී වෙන්ව ගිය ඒ සොඳුරු යෞවන හැඟීම 

සිතේ කෙලවරක තුරුළු කොටගෙන බලාඋන්නී ඈ...

හුදෙකලාවම...

ඇය... මෙත්මි සුලෝචනා රාජපක්ෂ


ලෝකයම එකම මොහොතක කඳුල සුසුමක ගිල්වා හැඬවූ දිනෙක

ලේ කඳුලු හැඬුම් සුසුම් අතරින් ජීවිතය යළි ගිලිහ නොයන්නට රැකදුන් 

වදනකිනුදු ප්‍රේමයක් කියන්නට නොහැකිවුවද...

හිතේ ඇය දරාගන්නට හැකිවූ...

ඔහු... සුහස් බිම්සර නානායක්කාර


ඉදින් මේ ලියවෙන්නේ මිනිසුන් අදටත් හඬාවැටෙන්නාවූ සංසිද්ධියක පසුබිමේ ලියවුණ කතාවක පෙරවදනයි.

සැබෑ ජීවිතයේදී .....සුලෝචනාලා බිම්සරලා මින් වසර දෙකකට පෙර සියැසින් දුටු මොහොතවල් සිහිකරමින් මම ලියාතබන්නේ අදටත් නොවිසඳුණු රහස් ඇති ඒ සිදුවීම් ජාලයේ වින්දිතයන්ගේ හැඟීම් සහ කතාවල එකතුවයි.

ප්‍රේමය,  සිතදවනා මොහොතක ඔසුවක් වනු ඇතැයි ඉතින් අදටත් මම විශ්වාස කරමි.

එන්න අපි ඔවුන් සමග ආදරය මුසු ජීවිතය අත්විඳිමු.


මම 


කිත්මා වාසනා දහනායක 

විසිරි

4 comments:

  1. හොඳයි, එකකින් ඊළඟ කොටසට යන්න ලිංක් එකක් දැම්මොත්...

    ReplyDelete
  2. සුළඟ වගේ ඇවිදින් ගතියක් දැනුන මේ ටික බලද්දි.... !!

    ReplyDelete