බලු පැටවුන් විකිණිමට තිබේ....
සුරතල් සතුන් විකුණන අලෙවි සලේ අයිතිකරු ...දොරේ දැන්වීමක් එල්ලුවා..." බලුපැටවුන් විකිනීමට තිබේ.."
මෙම දැන්වීම කුඩා ළමුන් ආකර්ෂණය කරගන්න සුළු එකක් වුනා...අනිවාර්යයෙන්ම...කුඩා පිරිමි ළමයෙක් වැඩි වෙලා නොගොසින්ම පුවරුවට යටින් කඩේට එබුණා...
" කොහොමද ඔයාගේ මිල ගණන් මේ බැලු පැටවුන්ට ...?" පිරිමි ළමයා ඇසුවා....
" ඩොලර් තිහේ සිට පනහ දක්වා ...අතර සීමාවේ...තමා මිළ ගණන්..." සාප්පුවේ අයිතිකරු පිළිතුරු දුන්නා.....
පිරිමි ළමයා සාක්කුවෙන් පර්ස් එක රැගෙන එහි වූ මුදල් මේසය මතට හැලුවා...." මගේ ළඟ තියෙන්නේ ඩොලර් දෙකකුත් තව සුළු මුදලක් පමණයි...." ඔහු කීවා...." මට ඔවුන් බලන්නට පුලුවන්ද...? "
සාප්පුහිමියා මඳ සිනහවක් පා විසිල් හඬක් නැගුවා.....එවිට බලුකුඩුවකින් එක්වරම බලු අම්මා කෙනෙක් දුවගෙන ආවා...ඇය පසුපස ඉතා කුඩා ලෝම බෝල ගුලි පහක් පෙරළෙමින් ආවා .....
එයින් එක බලුපැටියෙක්...අනික් අයට වඩා මඳක් පසුගාමී වනවා ළමයා දුටුවා....
පිරිමි ළමයා වහාම එම කොරගහමින් එන බලු පැටියව ....පෙන්වා ඇසුවා......" මෙයාට මොකද වෙලා තියෙන්නේ ...?"
එවිට වෙළඳ සැල හිමියා .....මෙසේ පැවසුවා....
" පශු වෛද්‍යවරයා මෙයාව බැලුව...මෙයාගේ උකුල් සන්ධිය නිවැරදිව වැඩිලා නැහැ ...ඒක සමහරවිට වැඩෙන්නේ නැතිම වෙයි.....මෙයා හැමදාම කොර බල්ලෙක්ම වෙයි...."
පිරිමි ළමයා ඉතාම විශ්මයට පත්වුනා....
" හරි මෙන්න මෙයා තමයි මට මිලදී ගන්න අවශ්‍යම බලුපැටියා ..." ඔහු උද්යෝගයෙන් කිව්වා.....
" නෑ ..ඔබට ඔහුව මිලදී ගන්නට අවශ්‍ය වන්නේ නැහැ...ඔබට ඔහුව ඕනෑම නම් ...මම ඔබට ඔහුව නොමිලේම දෙන්නම්..." සාප්පු හිමියා පැවසුවා....
එවිට කුඩා පිරිමි ළමයා ,මඳක් කනස්සල්ලෙන් සාප්පු හිමියා දෙස බැලුවා.....ඉන් පසු ඔහු ඉතා ස්ථිර කටහඬකින් මෙලෙස කිව්වා...
" නැහැ....මට එහෙම බලු පැටියා නොමිලේ ගන්න අවශ්‍ය නැහැ....මේ බලු පැටියත් අනික් පැටවුන් වගේම වටිනවා...මම ඔබට මගේ අතේ තියන මුදල දැන් දෙන්නම්...ඉන් පසු ඔහුගේ වටිනාකම සම්පුර්ණ වන තුරුම....මාසෙකට හැකි ගානක් මම ගෙවන්නම්...."
සාප්පු හිමියා යළිත් හඬ අවදි කළා,....
" ඇත්තෙන්ම දරුවෝ..ඔයා මේ බලුපැටියව මිලදී ගන්න අවශ්‍ය නැහැ...ඌ කවදාවත් අනික් බලු පැටවුන්ව වගේ ඔයා එක්ක දුවන්න...පනින්න...සෙල්ලම් කරන්න සමත් වෙන එකක් නැහැ..."..
මේ කතාව සමගම කුඩා පිරිමි ළමයා...බිමට නැවී ඔහුගේ කලිසම ඉහල රෝල් කළා....ඒ තුළ වූයේ...ඇඹරි විකෘති ව ගිය ....යකඩ බාරයකින් ශක්තිය සැපයු...පාදයක්......
ඔහු සාප්පු හිමියා දෙස හිස ඔසවා බැලුවා....ඉන් පසු ඉතා මෘදු හඬකින් මෙහෙම කිව්වා...
" මටත් එච්චරම හොඳට දුවන්න බැහැනේ....හ්ම්ම්...මේ බලු පැටියට ඒ තත්වය හොඳින් වටහාගන්න කෙනෙක් උවමනා වෙයි...නේද...? "
මේ කතාව ආයෙමත් මාව පුදුමයට පත් කරපු කතාවක්
ReplyDeleteමේ කතාවට සමාන කතාවක් තියෙන චිත්‍රපටියක් බැලුවා කතාව මතක නැ දැන්නම්
අපුරුයි අක්කා
මේ කතාවල වටිනාකම කියලා නිම කරන්න බැ හදවතට දැනේනවා
ෆිල්ම් එකක්ද ඩොක්‍යුමන්ට්‍රියක් ද ඇඩ් එකක්ද මතක නෑ මාත් බලල තියෙනවා කලින්..
Deleteදෙන්නගෙන් කාටහරි ඒක ආයේ හම්බුනොත් මටත් දෙන්න හොඳේ
Deleteඒක පට්ට.. හිතන්න දෙයක් ඉතිරි කරපු නැවතීමක්
ReplyDeleteමම ත් ඒකෙ අන්තර්ගතයේ කියවෙන දේට ආසයි
Deleteඒක ගොඩක් අර්ථවත් කතාවක්
ReplyDeleteස්තුතියි මල්ලී
Deleteලස්සන කථාව විසිරි.
ReplyDeleteස්තුතියි ඉයන්
Deleteලස්සනයි අක්කි ඒ වගේම අද ඌනෙම කරලා තියෙන කතාවක්...
ReplyDeleteමිනිස්සුන්ගේ ආකල්ප වෙනස් විය යුතු බවට හොඳ උදාහරණයක් නේද
Delete++++++
ReplyDeleteස්තුතියි
Deleteසිත් නිවන කතාවක්
ReplyDeleteආකල්පමය වෙනසක් වෙන්නත් කියාපු කතාවක්...
Deleteහිත හිරිවැටුන කතාවක්
ReplyDeleteඇත්තෙන්ම ඔව්
Deleteමේ වගේ පුංචි කතාවකට පුලුවන් ජීවිතයක් වෙනස් කරන්න
ReplyDeleteඇත්තෙන්ම ඔව්...ස්තුතියි සෙව්වන්දි
Deleteඅනේ... දුක හිතුනා...
ReplyDeleteහ්ම්ම්ම්...ඒකනේ
Deleteඔයාගේ කතා මට මිස් වෙලා.. මං ඒවා කියවන්න ඕනා හරි ලස්සනයි... මේවා කියවද්දි මට අලුත් අදහසුත් එනවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteheart touching story
ReplyDelete