Tuesday, February 5, 2019

132.. සපත්තු සහ ඔබේ දෙපා

සපත්තු සහ ඔබේ දෙපා





ඉතින් මේ සටහන ලියන්න මූලිකම වුණ කාරණාව වෙන්නෙ එදිනෙදා මගතොට දකින අයගෙ විස්තර...

මේක ලියන්න ගනිද්දි මට මතක් වුණ එක් දෙයක් සිහියට ආවා...මින් වසර බරගානකට ඈත....මම සෞඛ්‍ය සේවයට බැඳිලා පුහුණු වෙන්න ආව මුල් දිනවල අපේ ජ්‍යේෂ්ඨ සොහොයුරෙක් කිව්ව කතාවක්....

ඉස්සර අපි පාරෙ ගෑණු ළමයෙක් දැක්කම අපි බලන්නෙ කොණ්ඩෙ, ඉඟසුඟ , මුහුණෙ ලස්සන....ඒවද මේවද...
ඒ වුණාට මේ කෙහෙල්මලට ආව දවසෙ ඉඳන් පේන්නෙ ඇවිදින කොට කකුල ඇදද, කොන්දෙ ඇදයක් (scoliosis) වගේද ...මූණෙ facial palsy වගේද....දණිස්ස ඇදට ගිහින් ද...වගේ ඒවා නෙ බං......

ඇත්තෙන්ම විශේෂිත සේවාවකට ඇතුල් වුණාම ඒකෙ ප්‍රතිපලයක් ලෙස කෙනෙක්ගෙ ශාරීරික මානසික වගේම චර්‍යාත්මක සුලු වෙනසක් පවා ඉබේම ඇහැ ගැටෙනව....ඒ උගත් පාඩම් වල මහිමය.

ඉතින් මම ට්‍රේන් එකෙන් බැහැල යන ගමන් අපේ කන්තාවන්ගෙ විවිධාකාර ගමන් ශෛලියන් වගේම ඔවුන් ගෙ දෙපා වල ඇති පාවහන් ගැන විශ්ලේෂණයක් කලා...

අධික ලෙස අඩි උස සපත්තු දැමීම සහ ඒවායේ ඇඟිලි ප්‍රදේශය ඉතා ළංව පිහිටීම කෙනෙක්ගේ ඇවිදින ඉරියව්ව වෙනස් කරනවා...ගුරුත්ව කේන්ද්‍රය රැකගන්න ඕන නිසා කොන්ද ඒකට ගැලපෙන්න වක්‍ර වෙනව....මේකෙ පසු කාලීනව lordosis තත්වයක් ඇවිල්ලා ඒ වගේම කොන්දෙ අමාරු low back pains එන්න පුලුවන් ....කකුල ආශ්‍රිත ව වෙන විකෘතිතා ද එමටයි....ඉඳහිටක උත්සවයකට දැමීම ගැන නොවෙයි මේ කියන්නෙ....දිනපතා භාවිතයේ අහිතකර තත්ව...අනෙක පොදු වාහන වල දැඩි තදබදයක හිට ගෙන යන වෙලාවල්...ගමන දුර නම්....වේදනාව හා අතුරු ආබාධ වැඩියි

වැරදීමකින් අඩියක් ලිස්සා යාම අස්ථි භග්නයක් තෙක් පත්වීමේ අවදානමක් ද මෙහි තියනවා.....ඒ නිසා pointed heels දාන අය ඒ ගැන මඳක් සිතන්න....

ඒ වගේම ඔබේ සපත්තුවේ අඩිය ගෙවෙන අන්දම හ එක්ව නිරීක්ෂණය කරන්න ...ඒ ඔබ ඇවිදින ගමන් රටාව...මෙහිදි ඔබ වැරදි ක්‍රමයට පාද තබනවා නම් ඔබ ගේ සපත්තු ගෙවෙන්නේ සම්පූර්ණ ව නෙවෙයි ........එ නිසා දාර හෝ වම් හෝ දකුණු පස අනෙකට වඩා ගෙවෙනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න

සාරියක් අඳින නෝනාලාට full flat සෙරෙප්පු නම් හැඩ නෑ...අනෙක ,ෆුල් ෆ්ලැට් සෙරෙප්පු භාවිතය සාරිය එක්ක අමාරුයි...කොන්දට හොඳම වෙන්නෙ පොඩි wedge heel එකක් තියන සෙරෙප්පු .....

ඒ වගේම සෙරෙප්පුවේ පටි තදට තිබීමත් ටිකක් හොඳ නැ....සෙරෙප්පු පටි මගින් ලේ ගමනට අවහිරතා ඇතිවෙන්න පුලුවන් ...ඒ වගේම තුවාල....

අන්න ඒ නිසා සෙරෙප්පු දෙකක් ගන්න වෙලාවට මෙන්න මේ කාරණාත් පොඩ්ඩක් හිතලා බලන්න.....අනික් දවසේ

විසිරි සිහින.

Monday, February 4, 2019

104. මිනිසුන්ගෙන් ඉගනීම...

මිනිසුන්ගෙන් ඉගනීම...

මිනිස්සු කියන්නෙ පොත් වගේ 
වෙනස පොතකින් අපි ඉගන ගන්නෙ තියරිය...theory
නමුත් application එක...යෙදුම වෙන්නෙ අපි හරහා...

මිනිස්සු දිහා බලන් ඉගන ගන්න එක ප්‍රායෝගික පැත්තට බර වැඩියි......
මිනිස් චර්‍යා කියන්නෙ අපූරුම දෙයක්.....

මේ සටහන ලියන්න මට උදාහරණයක් විදියට උදේ දුම් රියේ දිනපතා යන මනුස්සයෙක් ඉන්නවා.....

ඒ කතාව ඉස්සෙල්ලාම මම ලියන්නම්කො

ඔන්න මීට වසර හතරකට විතර කලින් මේ කියන පුද්ගලයා පදිංචි වෙලා උන්න නිවස කිට්ටුව අපි ගෙයක උන්නා...ඉතින් කෙනෙක් රෝහලකට සම්බන්ධයි කියන කොට දන්නවනෙ ...උපදෙස් අවවාද යොමු කිරීම් හොයාගෙන මිනිස්සු එන්නෙ....

රෝහල හරහා කර දිය හ්කි යමක් තියේ නම් ඒක කරල දෙන්න මැලි වෙන්න ඕන නෑනෙ...මාත් ඉතින් (අදටත්) කෙනෙක්ට උදව්වක් ඉල්ලුවාම පුලුවන් දෙයක් නම්.....ගෙදරිනුත් බැනුම් අහන් කරන මට්ටමට පත්වෙලා ඉන්නෙ....( හැදෙන්නෑ ...ඒ ගතිය නම්...)

ඉතින් මේ කෙනා ඒ දවස් වල සතියට දිනක් දෙකක් අපේ ගෙදර ගේට්ටුවට තඩි බානවා....වෛද්‍ය වරු ගැන අහන්න...රිපෝට් වල අවුල් තැන් අහන්න....ඔන්න ඔය වගෙ ඒවට.....අන්තරාසර්ග පද්ධතිය ට අදාල රෝගයක අත්දැකීම් බහුල නිසා මාත් අපරාදෙ කියන්න බෑ ඒ පැත්තෙන් අදාළ වෛද්‍යතුමන් ගැන එහෙම ඕන උපදෙසක් දෙනව..

කොහොමින් කොහොම හරි මේ පවුලෙම අයගේ රෝගයන් වලට රෝහල හරහා ඉතින් මම වසර දෙකක් තුනක් ඔය සේවාව කලා.....

ඉන් පස්සෙ දැන් මේ පුද්ගලයා මම දිනපතා උදේ වැඩට යන කාර්‍යාල දුම් රියේ යනවා...මම නගින ස්ටේශන් එකෙන්ම නගිනවා...මූණවත් බලන්නේ නෑ....හිනාවක් නෑ..කොටින්ම මාව ජීවිතේ ට දැකල වත් නෑ...වගෙ හැසිරෙන්නෙ...
අපූරුම දේ ඔන්න දවසක් අහම්බෙන් මම නැග්ගා ඒ කෙනා යන දුම් රිය පෙට්ටියට ...නැගලා වාඩිවෙන්න උනේ ඒ කෙනා අදාල සෙට් එකේ ඉඩක...මට ඉඳගන්න නොදෙන්න මේ කෙනා ලොකු උත්සාහයක් දැරුවා.....සමහර විට ඒ මටම කියලා නොවෙයි....සෙට් එකේ තැනක් අහිමි වීම ගැන ඇතිවන දුක නිසා වෙන්න ඕන.....

ඉන් පස්සෙ මම ඉතින් කණ දාගෙන අහන් උන්නා...මේ කෙනා ගෙ කතාබහ....අපරාදෙ කියන්න බෑ...රෝහල් ගැන සායන ගැන සහ අන්තරාසර්ග පද්ධතිය ට අදාල අර රෝගය ගැන එතුමා මහා පම්පෝරියක් ගහනවා අදාල අය එක්ක.....

මට ඇත්තෙන්ම තරහක් දුකක් ආවේ නෑ....මිනිස්සු මාරයි නේ කියලා හිතුණා...මොකද මම ඒ කෙනාට කියාදීපු දේ අකුරක් නෑර මතක කෙනාට මාව අමතක වෙන්න හේතුවක් ඇත්තේම නෑ...
අපිට අකුරු වලට වඩා human faces මතක හිටින නිසා....

ඒක බලහත්කාරයෙන් අමතක කිරීමක් .....

අදටත් මම ඒ කෙනා දැක්කම එයාට හදවතින් ස්තුති කරනවා....මිනිස්සුන්ගෙ චර්‍යා ගැන අපූරු උදාහරණයක් වීම ගැන...ඒ දෙන පාඩම ජීවිතේ ට හරියට වටිනවා.....

මගෙ තාත්තා මට කියාදුන් එක දෙයක් තියනවා....

"උදව් කරන්න...ඉන් පසු උදව්වක් කල බව අමතක කර දමන්න
ස්තුතිය බාර ගන්න
නමුත් ඔවුන් ඔයාව මතක තියාගනී කියා බලාපොරොත්තු නොවන්න

උදව් හැකිතාක් අඩුවෙන් ගන්න
ඒ උදව් හොඳින් මතකයේ තබා ගන්න
ඒ අයට හැකි තාක් ප්‍රසංශා කරන්න

ඒකෙන් වෙන්නෙ ඔයාගේ වටිනාකම ඉහල යෑම...."

විසිරි සිහින