මිනිසුන්ගෙන් ඉගනීම...
මිනිස්සු කියන්නෙ පොත් වගේ
වෙනස පොතකින් අපි ඉගන ගන්නෙ තියරිය...theory
නමුත් application එක...යෙදුම වෙන්නෙ අපි හරහා...
මිනිස්සු දිහා බලන් ඉගන ගන්න එක ප්‍රායෝගික පැත්තට බර වැඩියි......
මිනිස් චර්‍යා කියන්නෙ අපූරුම දෙයක්.....
මේ සටහන ලියන්න මට උදාහරණයක් විදියට උදේ දුම් රියේ දිනපතා යන මනුස්සයෙක් ඉන්නවා.....
ඒ කතාව ඉස්සෙල්ලාම මම ලියන්නම්කො
ඔන්න මීට වසර හතරකට විතර කලින් මේ කියන පුද්ගලයා පදිංචි වෙලා උන්න නිවස කිට්ටුව අපි ගෙයක උන්නා...ඉතින් කෙනෙක් රෝහලකට සම්බන්ධයි කියන කොට දන්නවනෙ ...උපදෙස් අවවාද යොමු කිරීම් හොයාගෙන මිනිස්සු එන්නෙ....
රෝහල හරහා කර දිය හ්කි යමක් තියේ නම් ඒක කරල දෙන්න මැලි වෙන්න ඕන නෑනෙ...මාත් ඉතින් (අදටත්) කෙනෙක්ට උදව්වක් ඉල්ලුවාම පුලුවන් දෙයක් නම්.....ගෙදරිනුත් බැනුම් අහන් කරන මට්ටමට පත්වෙලා ඉන්නෙ....( හැදෙන්නෑ ...ඒ ගතිය නම්...)
ඉතින් මේ කෙනා ඒ දවස් වල සතියට දිනක් දෙකක් අපේ ගෙදර ගේට්ටුවට තඩි බානවා....වෛද්‍ය වරු ගැන අහන්න...රිපෝට් වල අවුල් තැන් අහන්න....ඔන්න ඔය වගෙ ඒවට.....අන්තරාසර්ග පද්ධතිය ට අදාල රෝගයක අත්දැකීම් බහුල නිසා මාත් අපරාදෙ කියන්න බෑ ඒ පැත්තෙන් අදාළ වෛද්‍යතුමන් ගැන එහෙම ඕන උපදෙසක් දෙනව..
කොහොමින් කොහොම හරි මේ පවුලෙම අයගේ රෝගයන් වලට රෝහල හරහා ඉතින් මම වසර දෙකක් තුනක් ඔය සේවාව කලා.....
ඉන් පස්සෙ දැන් මේ පුද්ගලයා මම දිනපතා උදේ වැඩට යන කාර්‍යාල දුම් රියේ යනවා...මම නගින ස්ටේශන් එකෙන්ම නගිනවා...මූණවත් බලන්නේ නෑ....හිනාවක් නෑ..කොටින්ම මාව ජීවිතේ ට දැකල වත් නෑ...වගෙ හැසිරෙන්නෙ...
අපූරුම දේ ඔන්න දවසක් අහම්බෙන් මම නැග්ගා ඒ කෙනා යන දුම් රිය පෙට්ටියට ...නැගලා වාඩිවෙන්න උනේ ඒ කෙනා අදාල සෙට් එකේ ඉඩක...මට ඉඳගන්න නොදෙන්න මේ කෙනා ලොකු උත්සාහයක් දැරුවා.....සමහර විට ඒ මටම කියලා නොවෙයි....සෙට් එකේ තැනක් අහිමි වීම ගැන ඇතිවන දුක නිසා වෙන්න ඕන.....
ඉන් පස්සෙ මම ඉතින් කණ දාගෙන අහන් උන්නා...මේ කෙනා ගෙ කතාබහ....අපරාදෙ කියන්න බෑ...රෝහල් ගැන සායන ගැන සහ අන්තරාසර්ග පද්ධතිය ට අදාල අර රෝගය ගැන එතුමා මහා පම්පෝරියක් ගහනවා අදාල අය එක්ක.....
මට ඇත්තෙන්ම තරහක් දුකක් ආවේ නෑ....මිනිස්සු මාරයි නේ කියලා හිතුණා...මොකද මම ඒ කෙනාට කියාදීපු දේ අකුරක් නෑර මතක කෙනාට මාව අමතක වෙන්න හේතුවක් ඇත්තේම නෑ...
අපිට අකුරු වලට වඩා human faces මතක හිටින නිසා....
ඒක බලහත්කාරයෙන් අමතක කිරීමක් .....
අදටත් මම ඒ කෙනා දැක්කම එයාට හදවතින් ස්තුති කරනවා....මිනිස්සුන්ගෙ චර්‍යා ගැන අපූරු උදාහරණයක් වීම ගැන...ඒ දෙන පාඩම ජීවිතේ ට හරියට වටිනවා.....
මගෙ තාත්තා මට කියාදුන් එක දෙයක් තියනවා....
"උදව් කරන්න...ඉන් පසු උදව්වක් කල බව අමතක කර දමන්න
ස්තුතිය බාර ගන්න
නමුත් ඔවුන් ඔයාව මතක තියාගනී කියා බලාපොරොත්තු නොවන්න
උදව් හැකිතාක් අඩුවෙන් ගන්න
ඒ උදව් හොඳින් මතකයේ තබා ගන්න
ඒ අයට හැකි තාක් ප්‍රසංශා කරන්න
ඒකෙන් වෙන්නෙ ඔයාගේ වටිනාකම ඉහල යෑම...."
විසිරි සිහින
උඹ ඒ මිනිහට ඇහැ දාන්න යන්න ඇති, ඌ බයවෙලා එකෙන්ම
ReplyDelete//ඒකෙන් වෙන්නෙ ඔයාගේ වටිනාකම ඉහල යෑම....//
Delete@ ඉවාන් ....මගේ තාත්තගේ වයසේ මනුස්සයෙක්ට ඇහැ දාන්න මට පිස්සුවක් තියේ ය...?
Delete@ pra jay ඒක තමා මං උගත් පාඩම
Deleteමට මේකේ අනික් පැත්ත වෙලා තියෙනවා පාරක් දෙපාරක්. මට මුහුණ් හුරුපුරුදු ඇති කෙනෙක් ඇවිත් මට ස්තූතියි කරනවා මම ඒ ගොල්ලන්ට අවුරුදු ගාණකට පෙර මොකද්ද උදව්වක් කලා කියල. මට පුද්ගලයාවවත් එහෙම කරපු උදව්වක් ගැනවත් මතක නැහැ.
ReplyDeleteසමහරක් එහෙම අත්දැකීම් මටත් තියේ..ඒ අයව මතක් කරගන්න බැරි වුනාම ත් අවුල් ඉතින්
Delete