.
ඒත් මම කියන මනුස්සයා පරිසර ජීවියෙක් කරන්න අඩිතාලම මට වැටුනෙ අපේ ගමේ මහ ගෙදරින් ......
.
ඉතින් නිස්කාංසුවේ කල්පනා ලෝකෙක ගිලෙන වෙලාවක අන්න ඒ සුන්දර කුඩා ජීවයෙන් පිරිලා තිබ්බ අපේ ඒ නිවහනට මම ස්තුති වන්ත වෙනව...
.
නිල්වලා ගං මිටියාවතට නුදුරු බිමක මීට දශක ගණනාවකට එහා මතකයක ඇවිදිනකොට මට හමුවෙනව කෙට්ටු කෙසඟ කෙල්ලක්....එයා උන්න ඒ නිවහන විදුලි බලය නැති ලාම්පු එලියෙන් පොත් බලන ගෙදරක්....
.
රෑ හත වෙද්දි අම්මා තාත්තා මල්ලිල ආච්චි සීයා එක්ක කෑම කාල සීයාගෙන් කතා අහල නිදාගන්න යන අපූරු උණුසුම් නිවහනක්....
.
උදේ ම කාමරේ ජනේලෙ ඇරියම හීන් හීතල හුලඟක් එක්ක කෝපි ගස් වල මල් පිපෙන කාලෙට ඒ සුවඳ මුසු වෙන .....
මිදුල ඉස්සරහ කහ රෙද්දක් එලපුව වගේ ඇහැල මල් හලන රූස්ස ඇහැල ගහකුයි....ගෙදරට එන වැලිපාර කෙලවර ඇට්ටේරියා මල් ගහකුයි තිබ්බ ගෙදරක්.....
.
උදේට නැගිටලා මල් සුවඳ ඉහිරුණ උදේම සුදු වැලි මිදුල පොල්ලතු රටා තියෙන්න අතුගාපු, හැන්දෑවට පාට පාට හෙන්දිරික්ක මල් වට්ටි නෙලල ආත්තම්මා ට බුදුන් වඳින්න හදල දීපු නිවහනක්.....
.
ගේ වටේට තියන වපසරියෙ අඹ , පේර, ලාවුලු, දොඩං, අනෝදා ඈ කී නොකී පල දරන...උදේම උඩින් කෝපි ඉහුණ උණු එළකිරි වීදුරුවක් බොන්න ලැබුණ ගෙදරක්.....
.
ඉතින් ...ජීවිතේ සුන්දරම හැඟීම් එක්ක ඒ නොස්ටාල්ජියානු මතක වල ඇවිදින්න තාමත් මට ඉඩ හසර සලසන අන්න ඒ ආදරය පිරි නිවහනට....ස්තුති නොකර කොහොමද.....?
මං පරිසරයට අනුගත වෙන ජීවියෙක් කල ඒ නිවහන තමයි මං ස්තුති වන්ත වෙන පළමු තැන....
විසිරි ❤️
No comments:
Post a Comment