අලුත උපන් දරුවෙකුගේ අත්පා වල මොළකැටි බව අපි බොහෝ විට විග්‍රහ කරන්නේ මල් පෙත්තක් වගේ, කුරුළු පිහාටුවක් වගේ .
සියුම් සුසිනිදු ලෙසින් දස මසක් මවගේ සුරක්ෂිත ගර්භය තුළ නිදුකින් ආරක්ෂාකාරීව සිටින දරුවා මෙලොවට වඩා දුන් මොහොතේ සිටම ස්පර්ශය කියන සංවේදනය අත්විදින්නට පටන් ගන්නවා.
පුද්ගලික ස්පර්ශයන් මෙන්ම තමා අවට ඇති ශරීරය ගැටෙන සීමාවෙහි ඇති දෑ දරුවාගේ මූලිකම ස්පර්ශ හෙවත් දැනීම් සංවේදන වේ. සියුම් හා රළු යන ස්පර්ශ විවිධත්වයට ක්‍රම ක්‍රමයෙන් දරුවකු හුරු විවිධත්වයට ක්‍රම ක්‍රමයෙන් දරුවෙකු හුරු වන්නේ එමෙන්ම මොළයට ලබා දෙන ස්පර්ශ ස්වේදන පණිවුඩ ඔස්සේ..
නමුත් ඔබ දැක තිබෙනවාද ඇතැම් දරුවන් ස්පර්ශයට දක්වන අසාමාන්‍ය බිය හා අකමැත්ත .....විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස නම් කරන ලද බොහෝමයක් දරුවන්ගේ මෙම තත්වය සුළබයි.
එවැනි දරුවන් සිය ශරීරය විශේෂයෙන්ම මුහුණ හිස හා අත් ස්පර්ශ කරනවාට ඉතා දැඩි ප්‍රතිරෝධයක් පළ කරනවා. ඇතැම් විට මෙම ප්‍රතිරෝධය හෙවත් අකමැත්ත පළවන්නේ චර්යා ගැටළුවක් ලෙසයි. එබැවින් බොහෝ දෙමව්පියන් හට දරුවාට පවතින්නේ ස්පර්ශ සංවේදනයේ ගැටළුවක් ද චර්යාවේ ගැටළුවක්ද යන්න වෙන් කර හඳුනා ගැනීම අපහසුයි.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගත් කළ ඔවුන් ස්පර්ශයට ඇතැම් විට අධික සංවේදී බවක් දක්වනවා. තවත් සමහර දරුවන් දක්වන්නේ අඩු සංවේදී බවක් .
මේවා පිළිවෙලින් hapersensitivity සහ Hyposensitivity ලෙස හැදින්වෙනවා. අධි සංවේදීතාවය දක්වන දරුවා බොහෝ විට ස්පර්ශය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් තම හිස මුහුණ හා අත්පා දෙමව්පියන් අල්ලනවාටත් අකමැති දරුවන් .
ඉතා දැඩි ලෙස එම ස්පර්ශයෙන් මිදෙන ඔවුන් කෑ ගැසීම, පළායාම ආදියෙන් එයට ප්‍රතිචාර දක්වනවා .
මෙබදු දරුවන් ක්‍රීඩා භාණ්ඩවලින් සෙල්ලම් කිරීමට ඒවා ග්‍රහණයට ඉතා මැලි වෙනවා. එමෙන්ම අතින් ආහාර ගැනීමට, ස්නානය හා ඇඟ සේදීමට ඇදුම් ඇදීමටත් ඉතා අකමැතියි. මෙමදරුවන්ගේ ලිවීම වැනි කුසලතා ඉතාම පසුගාමීයි.
මීට වෙනස් ආකාරය වන ස්පර්ශයට අව සංවේදී දරුවන් ගත් කළ ඔවුන්ට සාමාන්‍ය ස්පර්ශ සංවේදනයන් දැනීම සිදුවන්නේ නෑ. ඔවුන් එම නිසා ස්පර්ශයන් සොයනවා. මෙවැනි දරුවන්ගේ පැහැදිලිම ලක්ෂණයක් වන්නේ දැඩි ලෙස දෙමව්පියන් මෙන්ම ආගන්තුක අයටද ස්පර්ශයෙන් ලං වීටම ඇති කැමැත්ත.
ඇඟට පැනීම, රෙදි ශරීරයේ ඔතා ගැනීමට කැමැත්ත ආදියයි. බැලූ බැල්මට මෙම ක්‍රියාවලින්හි ගැටළුවක් නොපෙනුනද දරුවා මේ හේතුවෙන් සෙසු ක්‍රියාකාරීත්වයන්හි නියැලීමට දැඩි සේ පසුබට වෙනවා.
මෙම ස්පර්ශ සංජානනයේ ඇති දුෂ්කරතාවයන් ගත් කළ දීර්ඝ විස්තර කළ හැකි වුවත් අවබෝධ කර ගැනීමට ඉහත විස්තර ප්‍රමාණවත් වේවි. මන්ද දරුවාගෙන් දරුවාට ඉහත තත්ව වෙනස් වුවත් මා ඉහත නම් කළේ සුලබම ලක්ෂණයන්.
මෙවැනි දරුවකු ඔබ ළමා රෝග වෛද්‍ය විශේෂඥවරයෙකු මගින් වෘත්තිය චිකිත්සාව වෙත යොමු කිරීම වැදගත් එවිට මෙම දරුවන් මනා ඇගයීම් ක්‍රමයකට ලක් කර ඉන් පසු ඔවුන් හට සංවේදන ප්‍රතිකාර මාලාවක් ලබා දෙනවා.
එය sensory integration therapy ලෙස හදුන්වනවා.
මුල්ම අවදියේදී ගැටලු හදුනාගැනීමත් ඒවාට නිසි ප්‍රතිකාර ලබා දීමත් ඉතා වැදගත්. මෙබදු ප්‍රතිකාර සැලකූ කළ කිසිම විටක මිල අධික ප්‍රතිකාර උපකරණ භාවිතයක් නැහැ. අප සාමාන්‍ය ජීවන රටාවේදී භාවිත කරන ද්‍රව්‍ය හා උපකරණ භාවිතයෙන් දරුවාගේ ගැටලුවලට විසදුම් ලබා දීමක් සිදුවනවා.
ඔබේ දරුවාගේ සංවේදන ගැටලු ඇත්නම් ලඟ ම රෝහලේ සිටින වෘත්තිය චිකිත්සක නිලධාරීවරයා හමුවන්න ඔබගේඒ දරුවාට සම්බන්ධ සාර්ථක ප්‍රතිකාරයන් ලැබෙනු ඇත.
ඉතිං මා දෑත අල්ලාගන්න.. එය සුරක්ෂිත බව මට කියා දෙන්න
ස්තුතියි
Me lipi pele wadagathkama hatiumyata pothakin ho puwathpathakin eliyata enna ona. Jaya wewaa api me gana pothak karamu
ReplyDeleteස්තුතියි ඉවාන් මල්ලි.......දැනට වෙබ් අඩවි වල පලව ඇති....බලමු නේද කවදාහරි
ReplyDeleteඉතා වැදගත් ලිපියක්. මේ වගේ ලිපි ලිවීම වෙනුවෙන් ඔබට ස්තූතිවන්ත වෙනවා සහෝදරී
ReplyDelete