Thursday, September 7, 2017

72. තෑගී




ජීවිතේ උපන්දවසෙ ඉඳන් විවිධ අවස්ථා වල ..විවිධ කාරනා වලට...විවිධ තෑගි අපිට ලැබෙනවා....

අපි ඕනම කෙනෙක් කැමතියි තමන්ට පුංචි හරි තෑග්ගක් ලැබෙනවට...
මොකද ඒ ලැබෙන දේ තුළ...හැම තිස්සෙම තියෙන්නෙ ලබන්නා කෙරෙහි තෑග්ග දෙන කෙනා තුළ ඇතිවන සුවිශේෂී හැඟීමක්...
ඒක ආදරය..දයාව..සැලකිල්ල ..අනුකම්පාව ...ඕනමදෙයක් වෙන්න පුලුවන් ......

මට ජීවිතේ ලැබුණ තෑගි අතරෙ...වටිනාම තෑගි දෙකක් තියනවා...

ඉන් පලවෙනි එක...මගෙ ලොකු පුතා තුන වසරෙදි පාසලින් ගිය අධ්‍යාපන චාරිකාවකින්..ගෙදර එද්දි මට අරන් ආව කොණ්ඩ කටුවක්.....(ඒක පරෙස්සමින් තියාගත්තා ...පස්සෙ ගෙදරට ආව කවුද ..ඒක අරන් ගිහින්.... :(  ....)

අධ්‍යාපන චාරිකාව ගිහින් අනික් දරුවො සෙල්ලම් බඩු අයිස්ක්‍රීම් කඩචෝරු ගනිද්දි....ලොක්කා මනිබඩු කාරයෙක් ගාව කැරකිලා....රුපියල් විස්සකට ඒ ලා රෝස පාට කටුව අරන්....දරුවන් බාරව ගිය අම්මලා ඇස් වල කඳුලු පුරවන් මට ඒ කතාව එදා කිව්වෙ....

ඒක ඇඹරි ඇඹරි මගෙ අතේ ගුලි කල හැටි තාමත් මට මතකයි........

දෙවැන්න.....චුට්ටා තුනේ හතරෙ පන්තියෙදි මගෙ උපන්දිනේකට මට අරන් දුන්නා ඔරලොසුවක්..එයාට ඒකට රුපියල් තුන් සියයයක් වැය වෙලා තිබුණා.එයාට ඉඳහිට අතට දෙන සල්ලි එක්කාසු කරල.ඒකගත්තෙ...ඒ ඔරලෝසුව මම පුලුවන් තරම් කල් අතේ බැන්දා....දැනටත් මම ඒක අරන් තියලා තියනවා......

ජීවිතේ ඉන් පෙරත් ..පසුවත් රුපියල් දහස් ගනනින් වටිනා තෑගි මට ලැබිලා ඇති....නමුත් ජීවිතේ තමන්ගෙ හිතට අමතන සංවේදී ම තෑගි මෙන්න මේවා.....

~~~ විසිරි ~~~

12 comments:

  1. ලැබුන තෑගී වලදී මට වඩාත් වැදගත්වන්නේ එය ලැබුණු මොහොතයි. ඒ තෑග්ග කාලයත් එක්ක වියැකෙන්න , නැතිවෙන්න ඉඩ තියෙනවා. නමුත් මම නම් ලොකුවට ඒවා රකින්නේ නැහැ. නමුත් ඒ මොහොතවල් මගේ හිතේ සදාකාලිකව තියෙනවා. සමහර ද්‍රව්‍යමය නොවන තෑගී වලදී එය වඩාත් හොඳින් දැනෙනවා.

    අපූරුයි

    ReplyDelete
  2. තෑගි.. හ්ම්මි.. තෑගි නේ .. අනේ මංද
    අපිට තෑගි නෑ නේ :-D :-D
    අර සිතුවයි හංසියයි ⁣ සොමිය යි තමා වටිනම තෑගි දුන්නෙ ඔව් ඔව් පොත් තමයි ඉතිං

    ReplyDelete
    Replies
    1. ඒ තරම් වටිනා තෑගී.....හරිම වාසනාවන්තයි ඔයා

      Delete
  3. ඔබේ දරුවන් දෙන්නා නම් ඉස්තරම්. අම්මාගේ ආදරය සහ වටිනාකම් වෙන්න ඇති ඔවුනුත් අනුගමනය කරන්නේ

    ReplyDelete
    Replies
    1. හැකි හැම විටම ආදරය හා වටිනාකම් තුළ ඔවුන්ව හැඩ ගස්වන්න බලනවා මම ...ස්තුතියි ඉයන්

      Delete
  4. අපුරුයි තෑගි නම්
    මේක කලින් කියෙව්වා. මටත් මේක ලිව්ව කෙනා වටින පොත් තෑගි කරනවානේ. ඒ තෑගි හරි වටිනවානේ ඉතිං.

    ReplyDelete