මට ඒ කාලේ මතක් කරන්න පුළුවන් ජිවිතේ හොඳම කාලේ වගේම නරකම අසීරුම කාලේ විදියට...
මං එහෙම කියන්නේ ඒ කාලේ වෙනකොට මම හරිම සතුටින් මගේ පළවෙනිම දරු උපතට සුදානම් වෙලා උන්න...ඒත් එක්කම මගේ අම්මා....ඔව් ඇය එක කලකදී ලෝකේ උන්න දිරිමත් ම කාන්තාව...ඇය මේ වෙද්දී උන්නේ ජීවිතය රඳවා ගන්න කරන සටනක පරාජය හමුවේ...ඔව්..ඒ මොලයේ හටගත් ගෙඩියක් නිසා.....
අවුරුදු දහයක් තිස්සේ මගේ අම්මා...ඔව්..ඇය හරිම ස්වාධින උත්සහවන්ත කාන්තාවක්....මේ අසනීපය එක්ක සටන් කළා.නමුත් සියලුම ප්‍රතිකාර, සැත්කම් හා පරීක්ෂණ සියල්ලම සාර්ථක වුණේ නැහැ.කෙතෙක් අසනීප වුවත් අම්මා ඇයගේ මුහුණේ පැවතුන ඒ සුන්දර සිනහව නම් නැති කරගත්තේ නැහැ කිසිම විටක.එහෙත්....ඔව්...එහෙත් වයස අවුරුදු පනස් පහ වනවිට ඇය පුර්ණ කාලීන ආබාධිත තත්වයට පත්වුනා....කතාකිරීමට, ඇවිදීමට,ආහාර ගැනීමට මෙන්ම තනිවම ඇඳුම් ඇඳ ගැනීමට පවා ඇයට හැකි වුණේ නැහැ.
අම්මා දිනෙන් දින මරණය වෙත ලඟා වනවාත් සමගම මගේ කුසේ උන් මගේ දරුවා උපත කරා දිනෙන් දින ලඟා වුණා.මට ඇතිවුන ලොකුම බය මේ ජිවිත දෙක අතර සම්බන්ධයක් ඇතිවන්නට පෙර අම්මා සමුගනිදෝ කියා යි....ඇත්තෙන්ම මේ එන්නට නියමිත ව තිබු සදාකාලික සමුගැනීම වගේම ....මගේ අම්මා සහ මගේ දරුපැටියා ඔවුනොවුන් දැන නොගෙන වෙන් වේද යන්න ගැන මම නිතරම වැලපුනා...
මගේ බිය තහවුරු කරමින් ප්‍රසුතියට නියමිත දිනට සති කීපයක් තියා අම්මා දරුණු කෝමා තත්වයකට පත්වුනා....වෛද්‍යවරුන්ට අනුව ඇය ගැන කිසිදු බලාපොරොත්තුවක් තබා ගැනීම නිෂ්ඵල වගේම ඇයට ආහාර ගැනීමට සවි කල බටය පවා තේරුමක් නැති එකක් වී තිබුණා....
අපි අම්මා ව ගෙදර රැගෙන ආවා...අයගෙම නිවහනේ ඇයගේ ඇඳ මත ඇය කිසිත් නොදැන වැතිර සිටියදී මම අම්මා ළඟ හිඳ ගෙන ඇයට හෙමින් හෙමින් දරුවා ගැන පැවසුවා...අම්මේ එයා දැන් දඟලනවා..මෙන්න පයින් ගහනවා...අම්මාට ඇහෙන්න නැතුව ඇති ඒ කිසිම දෙයක්..ඒත් මම විශ්වාස කරනවා ඇයට එය දැනුන බව....
මගේ ප්‍රසුත වේදනා ඇරඹෙන විටම අම්මා ඇස්දෙක ඇරලා තිබුණා...ඒ ගැන මට ගෙදරින් පවසන විට මම ඔවුන්ට කිවේ...අනේ ෆෝන් එක ඇයගේ කන ලඟින් තියන්න කියල...
අම්මේ...අම්මේ....මේ අහන්න...එයා එන්නයි හදන්නේ...ඔයා ඉක්මනින්ම ආච්චි අම්මෙක් වෙන්න යන්නේ...ඔයාට එක තේරෙනවද.....?
"ඔව් " මොන තරම් පුදුමයක් ද ඒ වචනය....මාස ගානකට පසුව ඇයගේ කටින් පිටවුණා එකම වචනය..මුල්ම වචනය...
මම නැවතත් පයකට පමණ පසු ඇයට අමතන විට ඇයව බලාගන්නා හෙදිය පැවසුවේ ..හිතාගන්නට බැරි දෙයක්...
අම්මා ඇඳ මත වාඩිවෙලා..ඇයගේ ඔක්සිජන් බටය පවා වෛද්‍යවරු ගලවලා....ඇය හිනාවෙනවා ආයෙමත්...
" අම්මේ...මෙන්න ඔයාට මුනුපුරෙක්..." මම කගහුව සතුටින්..
"ඔව්...ඔව් මම දන්නවා.." ඒ ලස්සන තෘප්තිමත් උද්යෝගමත් වචන හතර......
මම දරු පටිය රැගෙන නිවසට එන විට අම්මා ලස්සනට ඇඳ ගෙන ඇයගේ හාන්සි පුටුවේ වාඩිවෙලා ඔහුව / අපව පිළිගන්නට බලා උන්නා......මගේ ඇස් කඳුළු පටලයකින් වැසෙද්දී...මම ඇයගේ ඇකයෙන් පුතාව තිව්වා..ඒ ඇස් හතර එකිනෙක යාවෙන මොහොත තරම් සුන්දර මොහොතක් මට වෙන නැහැ...
ඔවුන් දෙදෙනා එකිනෙකා ඇසුරේ තවත් සති දෙකක් උන්නා....ඇය මගේ බිළිඳා බලන්නට ආ සියල්ලන් සමගම සතුටින් කතා බැහැ කළා....
නැවත සති දෙකකට පසු ඇය පෙර ලෙසම දීර්ඝ ගැඹුරු කෝමා තත්වයට පත් වුණා...අන්තිමේදී ...කිසිදු වේදනාවක් නොවිඳ ..සන්සුන්ව ඇය ජීවිතය අතහැරියා...
මගේ පුතාගේ මතකය...එක්තරා විදියක කටුක මිහිරියාවක් මට ගෙන ආ සිද්ධියක් .
මම ජිවිතේ ඉගන ගත් දේ .....ජිවිතයේ සතුට දුක කියන්නේ එකට බැඳී එන හැඟීම්....
ආදරය ඒ සියල්ලම අභිබවා යනවා....
ඇත්තෙන්ම ආදරය,...සෙනෙහස කවදාවත් මියැදෙන්නේ නැහැ.....
chicken soup for the soul
moms know best....කතා මාලාවෙන්
පරිවර්තනය කලේ විසිරි
2017/ 09/ 21
😊
ReplyDelete+++++
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteආදරය... ආදරය අප වෙනුවෙන්, අප ඉන් බලාපොරොත්තු වන ඕනෑම දෙයක් සිදුකර දෙනු ඇත.
ReplyDeleteමා මෙය කියැවූයේ සැමියාත් බිරිඳත් අතර ඇති ආදරය ගැන කියැවෙන පොතකින්. ඒත් එය මිහිමත පවතින ඕනෑම උත්තරීතර ආදරයකට වලංගු වන බව මගේ විශ්වාසයයි.
ඇත්තෙන්ම ඔව් ...ස්තුතියි ඔබට
Deleteඅනේ අක්කා හිත හිරි වැටිලා ඇස් දෙකට කඳුළු ආවා...අනික මම මේකෙ අන්තිම වෙනකන්ම කියෙව්වෙ ඔයාගෙ කතාව කියල හිතාගෙන
ReplyDeleteසංවේදී කතාවක් ....මටත් දුකක් දැනුනා කියවද්දී
Deletehammo.... iyaaaw
ReplyDelete:)
Deleteමම හිතුවෙත් මේ ඔයාගෙ කතාවක් කියල කොහොම වුනත් ලස්සනයි දුකයි
ReplyDeleteස්තුතියි තඩියෝ
Delete+++++++
ReplyDeleteස්තුතියි ඉයන්
Deleteඅපෙ ආච්චි මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මම ඉපදුනෙ ,අපෙ අම්මට එයාව අන්තිම පාරට බලන්න කියලත් ඩොක්ටර්ල කියල.. ඒත් මම ඉපදුන ගමන් ආච්චිට සනීප වුන පුදුම විදිහට , එයා හැමදාමත් විශ්වාස කලෙ මම නිසයි එයා බේරුනෙ කියල..එයා මාව වඩාගෙනත් ඉදල. 1997 මම ඉපදුනෙ, ආච්චි අන්තිමට නැතිවුනෙ 2004. ඒ නැතිවෙන වෙලාවෙත් ආච්චි මාව මතක් කරල
ReplyDeleteමේ තියෙන්නේ ඒ වගේම උදාහරණයක් ..ඇත්තෙන්ම අපුරුයි
Deleteලස්සන පොතක්.අනේ මටත් ඔය කුකුළු සුප් පොක හොයාගෙන කියවැන්න ඇහැක් නං
ReplyDeleteකුකුළු සුප් පොත් සෙට් එකක්ම මහජන පුස්තකාලේ තියනවා ..සිංහල ඒවා හම්බුනේ නැහැ ..ඉංග්‍රීසි ඒවා නම් සැහෙන්න..වෙලාවක බලන්න වත්සලා නංගි...ඒවා හරි ලස්සනයි
Delete