Monday, October 2, 2017

74. තාත්තාගේ පාඩම


ඉස්සරෝම කාලෙක අපේ තාත්තා මට අපූරු රාජකාරියක් බාර දුන්නේය.
එවකට ඔහු අධිකරණ ක්ශේත්‍රයට අයත් රැකියාවක නිරත විය.ඔහුගේ රැකියාවට අදාල කාර්‍යය වූයේ දික්කසාද නඩු සඳහා පැමිණෙන යුවලවල් උපදේශනයයි.
ඇතමෙක් ඒ උපදේශන ලබා තීන්දු තීරණ වෙනස්කොට සමාදාන වු අතර බහුතරයක් දික්කසාදයටම ගියහ.
මේ සියලු කතා නඩු වාර්තා සඳහා ලිඛිතව සටහන් තැබිය යුතු විය.
තාත්තා මට ඒ රාජකාරිය පැවරුවේ මගේ අකුරු ලස්සන නිසා යැයි මම මුලින් සිතුවෙමි.
නමුත් තාත්තා ගේ අකුරු ඊට වඩාම හැඩය.
මම ලියන ගමන් ඒ කටු සටහන් කියවන්නට ගත්තෙමි.
ඒ තුල තාත්තා මට නොකියා කියා දුන් පනිවිඩය මට වැටහුනි.
විවාහය ගැන පොත් දාහක් කියෙව්වද ..මගේ තාත්තා ව්‍යංගයෙන් මට පෙන්වා දුන්නේ.....විවාහයක් ගැන තිබිය යුතු ගෞරවනීය භාවය...අන්‍යෝන්‍ය අවබෝදය සහ බැඳීම් ගැනය.
ජීවිතය යනු ...හැලහැප්පීම් නැති කාපට් පාරක් යැයි සුරංගනා ප්‍රේම කතා වල තිබුනද ....තාත්තා real life stories වලින් ....ඒ යථාර්ථය මට කියා දුන්නේය....
ඇත්තෙන්ම .......
තාත්තා මට මහා පොතකි.....
ඒ උගත් පාඩම් ජීවිතේ දිනන්නට අදත් මට සවිය වේ..

18 comments:

  1. ඒ වෙනකොට ඔබේ වයස කීයද ?

    නැතිනම් ඔබව අනවශ්‍ය තැතිගැන්මකට යන්නටත් තිබුනා

    ReplyDelete
    Replies
    1. නෑ ලිඛිතා ඒ වෙද්දී මම අවුරුදු පහළොව දහසය කාලේ....ඔය වගේ පාඩමක් කියාදෙන්න සුදුසුම කාලේ එකයි කියල තාත්තා දැනගෙන ඉන්න ඇති

      Delete
  2. මිනිහත් එක්ක වලියක් දාගෙන වගේ

    ReplyDelete
    Replies
    1. ජජ්මෙන්ටල් වෙන්න එපා ඉයන්..

      Delete
    2. මෙන්ටල් වෙන්න එපා ලිකිතා :)

      Delete
    3. @ ඉයන් .....තාත්තාගේ පාඩම් නිසාම මම වැලි දාගන්නේ නැති භාර්යාවක් බවට පත්වුනා කිව්වොත් තමා හරිම

      Delete
  3. ඔව්ව හොඳ පාඩම් , රටේ හැමෝටම කියල දෙන්න වටිනව

    ReplyDelete
  4. එළ! :)

    තාත්තගේ රස්සාව පට්ට නේ.. දැනටත් එහෙම අය ඉන්නවද අධිකරණ වල?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ පවුල් උපදේශක කියලයි ඒ තනතුර තිබ්බේ...තාත්තා පස්සේ කාලෙක සමථ මණ්ඩල අධීක්ෂක කෙනෙක් බවට පත්වුණා..ඒකත් නියම රැකියාව

      Delete
  5. මේක මම ෆ්බී එකෙනුත් කියෙව්වා..මාර රැකියාවක් තමයි නේද ඒකත්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකට කියන්නේ පවුල් උපදේශක කියල...දැන් එහෙම රැකියාවක් නැද්ද මන්ද

      Delete
  6. /එවකට ඔහු අධිකරණ ක්ශේත්‍රයට අයත් රැකියාවක නිරත විය.ඔහුගේ රැකියාවට අදාල කාර්‍යය වූයේ දික්කසාද නඩු සඳහා පැමිණෙන යුවලවල් උපදේශනයයි./

    දැන් මම හිතන්නෙ මේ තනතුර ස්වෙච්ඡා පදනමින් කරන්නෙ.මාසික දීමනාවක් ගෙවනව. රජයේ හෝ පෞද්ගලික අංශයෙ වැදගත් තනතුරක් දරල විශ්‍රාම සිය ජීවිත අත්දැකීම් බහුල වැඩිහිටියන්ව මේකට යොදව ගන්නෙ...මගෙ යාලුවෙකුගෙ පියා එහෙම තනතුරක් දැරුව..

    ReplyDelete
    Replies
    1. මගේ තාත්තා ඒ තනතුරේ යෙදෙන කාලයේදී ඒක රජයේ රැකියාවක් උනේ..පසු කාලිනව ඔවුන්ව අර සමථ මණ්ඩල වලට ගත්තා

      Delete