Friday, December 22, 2017

81. නිදහස .....






ඔබ ජීවිතයේ ලබන්න කැමතිම දේ කුමක්ද කියලා යමෙක් ඇහුවොත්...
.
ඔබ වැඩි දෙනෙක් කියාවි...ඒ තමා නිදහස කියල....
ඇත්තෙන්ම ...ඇයි මිනිස්සු නිදහසට එච්චර කැමති....
.
මම මේ දිනවල මගෙ පුතා එක්ක වාර විභාගයට පාඩම් වැඩ කරනවා.....අපේ ඉතිහාසය ගත්තාමත් මිනිස්සු නිදහසක් ලබන්න...මොන තරම් කැප වෙලා තියද කියලා ආයෙ ආයෙම හිතෙනවා....
.
.ජාතියක් විදියට 
ආගමක් විදියට
රටක් විදියට.

ඒ ලබන නිදහස කියන්නෙ බහුතරයකට අවශ්‍ය දේ...අනුන්ට යටත් නොවී ඉඳීම...අනුන්ගෙන් යැපෙන මානසිකත්වයේ නොසිටීම....වගෙ දේවල් ....ඒ නිදහසේ ලකුණු..
.
නමුත් ...අපි ආධ්‍යාත්මික අතින් ගත්තාම....මානසික අතින් ගත්තාම ...අපි ඇත්තෙන්ම නිදහස් ද ......

මම සහභාගි වන එක් වැඩමුලුවක අපි කතා කල මාතෘකා අතරින් එකක් මේක....
සහභාගි වන අය එක එක අදහස් දුන්නා....
.
ඇත්තෙන්ම ඒ හැම අදහසකම එකතුව ...අපි ඉතාම නිදහසට කැමති බව...
නමුත් එතන උන්න අය කිසිවෙක්..නිදහස කියන්නෙ සීමා බැමි සංස්කෘතිය කඩාගෙන යැම කියන එක සනාථ කලේ නෑ.....
.
ඇත්තෙන්ම නිදහස කියන දේ අපි එකිනෙකා දකින අන්දමට අනුව වෙනස් ...
අම්මා කෙනෙක් ...නිදහස කියන දේ හුඟාක් වෙලාවට දරුවන් සහ කුටුම්භය වෙනුවෙන් කැප කරනවා....ඒත් එතන මට නිදහසක් නෑ කියලා කන්කෙඳිරි ගෑමක් නම් නෑ......
.
සීමා කඩාගෙන යැමට කලින් සීමාවල් ගැන ගෞරවනීය අන්දමට හිතන්න කෙනෙක්ට පුලුවන් නම් ....අන්න එතනදි....සැබෑම නිදහසක් අපිට හමුවෙන බව මට හිතෙනවා....
.
මම ආයෙ ටික දිනකින් එනතුරු....
ඔයාලගෙ අදහස් මට මෙතන ලියා තබන්න..
සංවාදයට විවෘත අදහසක්....


මම 
විසිරි 

3 comments:

  1. සීමා මායිම් නං නෑ අපි දන්නේ

    අපි සීමා මායිම් නැති පොරවල්නෙ. මායං වලට අහුවුනාම තමා අවුල

    ReplyDelete
  2. නිදහසය කියන්නෙ, මං හදාගත්ත කූඩුව ඇතුළෙ මට ඉන්ඩ තියෙන අයිතියට...

    ReplyDelete