ජීවිතය .....පාඩම් මාලාව අතරමැද්දෙ ටිකක් කාර්‍යබහුල වුනා මම....
රාජකාරිමය වැඩ එක්කම....
ඉතින්...
පසු ගිය දවසක මම සහභාගී වන වැඩ සටහනක් ගැන මං මේ කියන්නෙ....
.
ඒක public speaking skills වැඩිදියුණු කරන්නට සැකසූ පුහුණු පාඨමාලාවක්...
.
එහි එක් අංගයක් තමයි...
.
තමන් ගැන නිර්මාණාත්මකව සභාවට විනාඩි තුනක කතාවක් කිරීම.....
.
ආයෙ මොනවද තමන් ගැන ...නේද....
මේකෙ වැඩ දෙකයි
එකක් ..
මේක ඉංග්‍රිසියෙන් කෙරෙන්නෙ
අනික නිර්මාණාත්මකව කෙරෙන්නෙ
.
මං මං ගැන කිව්ව හැම දේම නෙවේ...
ඉන් එක දෙයක්..
ඔබට කියන්නම්....
.
ඔබ දන්නවා නේද ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනිය..ඒ වගේම ළමා කතාකාරිණිය සිබිල් වෙත්තසිංහ මහත්මිය . ..
ඇය බොහෝ ස්වයං විග්‍රහයකදි කියන එක දෙයක් තමයි....
හැම වැඩුණු කෙනෙක් තුළම වයසට නොගිය කුඩා ළමයෙක් ඉන්න බව.....
..
.දැන් මෙතන සිට සැතපුම් සිය ගාණකට ඈත ගමක වෙල් දෙනි වල තණකොල පෙත්තන් පසුපස ඇවිද දුවන....කුඹුරු යායවල් අතරේ ඇති ඇලමං වල නිල් මානෙල් කඩන...දිය වක්කඩවල දංඩි පැටව් එක්ක අටෝරාසියක් කතා කියන කෙට්ටු ගැහැණු දැරියක්...අවුරුදු හතළිස් ගාණක් වන මගෙ ඇතුළෙත් ඉන්නවා....
.
සත්තකින්ම ...ජීවිතේ පීඩන මතුවෙද්දි....කඩා වැටෙන්න නොදී....කාර්‍ය බහුල රස්සාවක වගකීම් අස්සෙ අතරමං වෙන්න නොදී...මාව රැකගන්නෙ අන්න ඒ දැරිවි....
.මොකක් හෝ විකාරරූපී කටයුත්තක් කරන්නට..ඒක විඳින්නට සහ අන්තිමේ ඒ වින්දනය අකුරු කරන්නට .....
ඒ දැරිවි අදටත් මාව පොලඹවනව......
.
අපි බොහෝ දෙනෙක් වැඩිහිටියන් වෙන කොට ඒ ළමා චරිතය අතහැරලා එන්න බලනව....
එපා...
ඒක වෙන්න දෙන්නම එපා...
ඔබට ලෝකයම නැතිව ගියත්...
තමන්ගේ ළමාකාලය...ඒ සරල බව...සුන්දරත්වය ..සහ මෙලෝ සංසාරයක් ගණන් නොගෙන ඉඳීම වගේ අපූරුම ගුණාංග එතනින් ඉතුරු වෙනව.....
.
..
.
.කොහොමින් කොහොම හරි අර තණකොල පෙත්තන් පස්සෙ දුවන ගෑනු ළමයා සභාවක් ඉස්සරහ සාරිකාරියෙක් ඇතුළට වෙලා....සභාවම අල්ලාගෙන විනාඩි තුනක කතාව සස් ගාලා ඉවර කලාලු......
ස්තුතියි එහෙනම්
මම
විසිරි
කාලෙකින්නෙ මෙහෙ ආවේ... පෙස්ට් කීපයක්ම මඟහැරිලා... මුල ඉදන්ම එන්න ඕනෙ ගිහින්
ReplyDeleteජීවිතේ සරලයි, අපි වගේ උං විරලයි
ReplyDelete//"කෙට්ටු ගැහැණු දැරියක්...අවුරුදු හතළිස් ගාණක් වන මගෙ ඇතුළෙත් ඉන්නවා....
ReplyDelete."//
කෙට්ටු ගෑල්ලමයි හතලිහකට විතර ඉඩ නැතෑ ඉතිං ඔය ඇතුලෙ.
ඔයා ඉතිං කතාවට දස්සයා නෙව. අපි වගේ සයිලන්ස් බුවාලයැ
ඔව් ඔව්
Deleteමේ Toastmasters program එක නේද අක්කේ? මගේ කාර්යාල ජීවිතේ බාහිර ක්‍රියාකාරකම්වලින් මං ආසාවෙන්ම සහභාගි වෙච්ච වැඩසටහනක්. මේ තමන්ගැනම කතා කරන්න තියෙන්නේ ice-breaking speech එකේදි. ඒක තමයි මං මෙච්චර කාලෙකටම පවත්වලා තියෙන most passionate, වෙන විදිහකට කිව්වොත් බොක්කෙන්ම කතා කරපු speech එක. මං කතා කළේ මමයි මගේ ලිවීමයි ගැන. මං ඒ speech එක සිංහලට හරවලා බ්ලොග් එකෙත් දැම්මා කාලෙකට උඩදි. :)
ReplyDeleteමට ඒකෙ ලින්ක් එක දෙනවද නංගි
Deleteමේ තියෙන්නේ පළවෙනි එක - Ice Breaking speech එක: මගේ ලිවීම
Deleteඅනිත් දෙකනං සිංහලට හරවන්න වෙලාවක් හම්බවුණේ නෑ, එහෙමම දැම්මා:
Challenges
Conscience
Impromptu speeches.. හෆොයි.. ඒ කාලේ කලිසමේ චූ යන වැඩක්.. ඒත් ඒක මාර effective.. එහෙම පුරුදු වෙච්චි ඒවායිං අද දෙයියනේ කියල හදිසියකට මල ගෙදරක හරි කතාවක් කර ගන්නවා.. :)) පස්සේ කාලෙක මම බූස්සේ leadership school එකේ උගන්නනකොට හැම බැච් එහෙකටම වගේ ඕක include කරා..
ReplyDeleteඒක නියමයි නේද
Deleteජීවිතය ..සරලයි සුගමයි
ReplyDeleteඔව් ඇත්තෙන්ම
Delete/අපි බොහෝ දෙනෙක් වැඩිහිටියන් වෙන කොට ඒ ළමා චරිතය අතහැරලා එන්න බලනව....
ReplyDeleteඑපා...ඒක වෙන්න දෙන්නම එපා.../.
මට වෙලා තියෙන්නෙ වැඩිහිටි චරිතයට ඇතුල් වෙන්න තාමත් බැරි වෙච්චි එක..:(
එකනේ ඔය අපි එක්ක මෙහෙම ඉන්නේ
Delete