Wednesday, February 21, 2018

85. Be Cool

ඔබට තරහා යනවාද..?

ඕක අහන්නත් දෙයක් ද ...?...ඔබ කියාවි...
උදේට දහසකුත් එකක් රාජකාරි ඉවර කරල බස් එකට දුවන ඔබ.....ඒ බස් එක පමා වුණත් කේන්ති ගන්නවා...

ඔබේ වාහනය රිය තදබදයක හිරවුණාමත් ඔබට ඇතිවෙන්නෙ තරහක්...

සුපිරි වෙලඳ සලක...බඩු තෝරගන්න ගියාම..බැංකුවේ පෝලිමේ ඉන්නකොට....
තරහ එන්න හේතු ගොඩයි....
.
.තරහ යෑම සාමාන්‍ය දෙයක්....නමුත් හරි කෙනා එක්ක ...හරි වෙලාවට....හරි ප්‍රමානයෙන්...හරියාකාර හේතුවකට...ඒ වගේම හරි විදියකට...තරහ ගැනීම පහසු දෙයක් නොවෙයි.......මේක කියන්නෙ ඇරිස්ටෝටල්.....

ඒ කියන්නෙ අපි තරහ ගන්න හේතු බැලුවාම ...ඔය කියන කාරණා වලට අදාලවම නම් නෙවේ අපි තරහ ගන්නෙ...
.
නරකම දේ මෙන්න මේකයි...
අපි නිතර නිතර තරහා ගන්න කොට....ඒක අපිට පුරුද්දක් වෙනවා .....ඕනම දෙයක් නිතර වෙනකොට ඒක තමා ගේ පරිසර සාධකයක් වෙන්න ගන්නවා...ඉතින් තරහ ගැනීම ඔබේ සාමාන්‍ය තත්වය වෙද්දි......ඔබේ මිත්‍ර සම්බන්ධතා බිඳ වැටෙන්න පුලුවන් ...

ඔබේ ආයතනික සම්බන්ධතා කඩා වැටෙන්න...සමාජයේ ඔබ නොරුස්සන පුද්ගලයෙක් වන්න පුලුවන් ..
ඔබව දකින කෙනා....ආ එයා නට් ලූස් පොරක්...කුකුල් කේන්ති කාරයෙක් වගේ ලේබලයන් වලට ඉබේම හසුවෙන්න පුලුවන් ...

ඉතින් මේ තත්වයට ඔබ පත්විය යුතුද.....?

ඒ වගේම ඔබ දන්නා සාර්ථක පුද්ගලයන් ගැන බලන්න...ඔවුන් තමන්ගේ ආතතීන් පාලනය කරගන්නා අපූරුව බලන්න...ඔබ තරහ පාලනය කරගන්නෙක් වෙන කොට...ඔබ තරහ වගේ හේතූන් නිසා ඔබෙන් ගිලිහෙන කාලය ඉතුරු කරගන්නවා.....

වැදගත්ම දේ .....
ඔබේ වචන පාලනය කර ගැනීම.....

Words are like arrows.once released, they are impossible to retrieve .So choose yours with care.

මේ වැකිය අපි දන්නා දෙයක්..

තරහා පිටවෙන යමක් කියවෙන්නට පෙර 1 ඉඳලා 100ට ගනින්න කියන එක අපි අහලා තියන හොඳම වලක්වාගැනීමේ පියවරක්...නමුත් හොඳවයින් දෙකක් කියවෙන්න එනවෙලාවට ඉලක්කම් පවා අමතක වෙන එකනෙ නරක ...නේද....
.
මම කියවපු පොතක අපූරු සටහනක් තිබුණා...හිමාලයේ උන් පුරාණ ඉසිවරයන් කොට්ටාසයක් තමන් යමක් පවසන්න කලින් පිලිපැදපු එක් නීතියක් තියෙනවාලු ..ඒක තමා ත්‍රිත්ව දොරටු නීතිය....

මුල්ම දොරටුවේදී අපි සිතන්න ඕන අපි කියන්න යන දේ සත්‍යයක්මද කියලා..ඒකඔව් නම් දෙවනි දොරටුව වෙත යන්නට පුලුවන් .

.එතන්දී අපි යළි සිතන්න ඕනෑ මේ කියන්න යන දේ කීමට අවශ්‍යමද කියන එක...ඒකටත් එන්නෙ ඔව් කියන උත්තරය නම් ඔබ යනවා තෙවනි දොරටුවට..

.එතනදී ඔබ ඔබෙන් අහනවා..ඔබේ ඒ කියන්නට යන දේ කාරුණිකද කියන එක...ඒකත් ඔව් නම් ඔබට ඔබේ සිතුවිලි වදන් වලට හරවා පිටකල හැකියි.....
.
.මේ ගැන ආයෙම හිතන්න.......මේක මහ කාලයක් ගන්නා දෙයක් නම් නෙවෙයි...ක්ෂණිකව ඔබට කල හැක්කක්....එමෙන්ම ඔබේ තරහ පාලනය කරන්නට සුදුසුම පියවරක්.......

ඉතින් ...හුඟාක්ම තරහ යන්න ඉන්න මොහොතක....ඔබට හැකි නම් ......ඉවසන්න.....ඔබ ඉතුරු කරගන්නේ ඔබේම සැහැල්ලුව ....

එහෙනම් Be Cool....

මම 
විසිරි 

8 comments:

  1. වැඩේ කියන්නේ මට තරහා නොගියත් සමහරු හිතන්නේ මට තරහ ගිහින් කියලා... කොහොමත් තරහා යෑම පරිනත වීමත් එක්ක පාලනය වෙනවා කියලයි මට හිතෙන්නේ... ඒත් අසාධරන වලට තරහා යෑම නම් පාලනය කර ගන්න බැහැ සමහර වෙලාවට...

    ReplyDelete
  2. ඇත්තටම ඔයා කියන විදියට අපී ඉන්න උත්සාහ කරනවානම් ගේ ඇතුලේ තියන පොඩි පොඩි රණ්ඩු ගොඩාක් අඩු වෙයි නෙද,? එතකොට ඒ ඉවසීම එළියටත් ගෙනියන්න පුළුවනි. තරහා ගියාමනේ මේ ඔක්කොම වෙන්නේ. ඔයා හරි.

    ReplyDelete
  3. මේකනේ අක්කා තරහා යනවනම් හොදයිනේ, වැඩේ කියන්නේ තරහා එන එකනේ... හි හී

    ReplyDelete
  4. “Any fool can do something cool and look cool, but it takes skill to make something uncool cool again.”
    ― Criss Jami

    ReplyDelete
  5. සුපිරි! අම්මට සිරි ඔයා හිතන්නෙ මගේ හිතෙන්ද ඈ!? මම දන්න මේ ලොකේ මට වඩා කේනති යන එකෙකු ඇත්නම් ඒ අපේ අයියා! අපි පාරම් පරික කේන්ති කාරයෝ! " අපේ තාත්තා එතනින් ගියාම සීයා බාප්පලා මේ සියල්ල අපරාදෙ කියන්න බෑ එකෙකුට එකෙක් නොපරදින කේන්ති කාරයෝ! සීමා සහිත කේන්ති යන්නන්ගේ සමූපාකාර සමිතිය" කියලා අපි ඇයි නොපිහිටෙව්වේ කියලා හිතෙනවා! ඉතින් මේ කයි වාරුවට කියනවා නම් නොවේ. මගේ කොල්ලත් එමමයි! ඉතින් ඒ හින්දාම අපි නැතිකර ගත්තු දේවලුත් එමටයි! කේන්ති ගිහිල්ලා බැනලා , කෑ ගහලා , බඩු පොලොවෙ ගහලාස් මහා විනාසයක් කලාම තමයි අර 100 ට ගනින සීන් එක මතක් වෙන්නේ.

    ReplyDelete
  6. විසිරි සිහින බ්ලොග් එකක් ලියනවා කියලා දැනන් හිටියේ නැහැ නොවැ..!

    මටත් ඉස්සර නම් හරියට තරහ යනවා. පස්සේ අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවන්ගේ පොතක් කියවලා සෑහෙන්න හරි ගියා.

    ReplyDelete
  7. යුරොපානු හාමුදුරුවො කෙනෙක් ඉන්නෙ අර අජාන් චා බ්‍රක්මවන්ස වගේ නමක් තියෙන ඒ හාමුදුරුවො ගාවත් ඔය සම්බන්ධව ඉතාමත් ලස්සන කතා වගයක් තියෙනවා

    ReplyDelete
  8. තරහව ඔබව අප්‍රියජනක පුද්ගලයෙක් කරනු ඇත..ඒ නිසා be cool

    ReplyDelete