Thursday, March 29, 2018
86. spider phobia
කෑම වේලාවේ මඳ අලස සුවයෙන් පසු වන විසිරිගේ නිදිබර දෑස නළලටත් මඳක් උඩට යවන්නට සමත් වූ අතිශය භයංකාර සත්වයා තාමත් බිත්තියේ ඉහල එහෙට මෙහෙට ඩිස්කෝ ඩාන්ස් එකක් දමයි.....
.
වරින් වර උන්නැහේ දෙස හොරෙන් බලමින් ...යටි සිතින් අනේ ඕකා වැටිලා අත් අටම උලුක්කු වෙයන් යැයි සිතමින් අතීතයේ සිටන් ස්පයිඩර්ස් ලා සම්බන්ධ මතක එකින් එක අවුස්සන්නේ...යාබද පුටුවට කකුල් දෙකත් තබා ගෙනය......
.
මට ඕනෑනම් ප්‍රාග් අයිතිහාසික යුගයේ උන්නා යැයි කියන දරුණුම ඩයිනසෝරයා මේ දැන්.....මා අබියසට ඒනම් කිසිදු බියක් නැතුව ඒ සත්වයා සමග මූණට මූණලා සටන් කල හැක.....ඒත් රුපියලේ කාසියකට වඩා ලොකු නැති කඳක් බඩක් සහිත මේ අද්භූත ජීවියා දිහා කෙලින් බැලීමටද බැරිය....
.
ඒක බයම නොවේ පිළිකුලයැයි සිතා මම මගේ නම්බුව බේරා ගනිමි....
.
ඉස්සර පොඩිම කාලෙ මේ වෛරක්කාර සතා මම නාන කාමරයට යන්නේ මොන වේලාවටද ..ඌටත් ඒ වෙලාවටම එහි යැමට උවමනාය...ඉතින් නාන කාමරයට ගිය වේගයට වඩා වේගයෙන් ඉන් එලියට පැන ...මගේ එකම ගැලවුම් කරු වන තාත්තාට බෙරිහන් දීමට මම පටන් ගමි.......
අනේ ඉතින් තාත්තා කොස්සක් ගෙන මකුලු උන්නැහේට තට්ටු කර කර එලියට යවයි......
.ඊලඟ දවසේත් එසේමය.......
.
.උසස්පෙල සත්ත්ව විද්‍යාවට කැරපොතතන් ගෙම්බන් කපන්නට ආවට වෙලාවට මකුලුවන් කපන්න තිබ්බෙ නැත.............තිබ්බා නම් මම විද්‍යා විශය අතහැර කලා විශයයන් කරමි..
.
කොහොමින් කොහොම හරි මම පුහුනුවට කොලඹ ආවාට පසු අපේ අම්මා මට දවසක් ලියුමක් ඇතුලේ මැරිච්ච මකුලුවෙක් දමා එවා..මුලු ජාතික රෝහලම තව ටිකෙන් මගේ ඒ භීතිකාව සහ කෑගැහිල්ලේ තීව්‍රතාවය දැන ගන්නවාය.......
.
ඒ මදි වාට.......psychiatric conditions ඉගන ගන්නකොට phobia ගැන ඉගන ගන්නවිට උදාහරනයට ගන්නේම මේකාය....මම ඒක කැරපොත්තා ලෙස වෙනස් කරමින් පාඩම් කලෙමි........සායන පුහුනුවේදී blood phobia ඇති අයෙක් accident service ගෙනිහින exposure කලාට spider phobia කෙනෙක් ආවා නම් මට යන්න වෙන්නෙ ගෙදරය...
.
අර ස්පයිඩර් මෑන් කතාවේ වගේ එහේන්මෙහේ එල්ලී යන බලයක් දෙනවා කීවත්.....මම මේ සතාට ඇති අකැමැත්ත නම්.......සදාකල්ම එසේමය........
.
අර උන්නැහේ නටනවා කෙලවරක් නැත........මම පෝස්ට් එක නවතා ක්ලීනින් සර්විස් එකේ ඇන්ටිව සොයන්නට යමි.....
විසිරි ගේ මතක
Labels:
මතක
Subscribe to:
Post Comments (Atom)
මගේ ජාතියේම පොරක් නේ...... ඕකා ඔහොම හිටියට හෙන වසයි මෝ ටීන් පාරක් ගහපු ගමන් ඌ අපේ පැත්තටමයි දුවන් එන්නේ... අනේ ඉතින් මමත් මගෙ කඳයි බඩයි උස්සන් වටේම තියන ඒව පෙරලාන දුවනව
ReplyDeleteහප්පේ එහෙමද ....
Deleteමහලොකු ටෝක් කතා කරනකොටනං , එයාගේ ඇගෙන් 1/100000 ක්වත් නැති සතෙක්ට පණ බයයි . අනේ බොල මැටි අක්කේ
ReplyDeleteඅනේ යනවා යන්න ...ඌ මහා භයානකයි
Deleteමේක කියවලා මම මේ කල්පනා කරනේ මට නැත්තේ මොන phobia එකද කියලා.දොස්තර phobia , බෙහෙත් phobia, ඉන්ජෙක්ශන් phobia, හූනු කැරපොතු මකුළු , උරග සත්තු phobia...හම්මේ වෙනම පෝස්ට් එකක්ම දාන්න ඕනේ අප්පා
ReplyDeleteදෙයියෝ සාක්කි
Deleteඇයි මේ කාන්තාවන් මෙපමණ මකුළුවන්ට බය?
ReplyDeleteපිරිමිත් ඉන්නවා බියසුළු නමුත් මගේ අත්දැකීම් අනුව වැඩි පිරිස කාන්තාවන්.
මෙන්න මා ලියූ මකුළු කතා දෙකක්-
1. වධකයා සහ උගේ බිරිඳ
https://rasikalogy.blogspot.com/2015/11/james-bond-with-licence-to-kill.html
2. පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා - I dont know why!
http://rasikalogy.blogspot.com.au/2018/01/i-dont-know-why.html
අනේ බයයි අප්පා...ඒත් කියවන්න ඕන මේ ටික නම්
Deleteඅද කාලේ බය වෙන්න ඕනේ සත්තුන්ට නෙවේ, සත්තු වගේ මිනිස්සුන්ටයි :)
ReplyDeleteඒක නම් සහතික ඇත්ත
Deleteඇත්තටම සත්තුන්ගේ විස තියෙන්නේ ශරීරෙ එක් කොටසක විතරයි. මිනිස්සුන්ගේ මුළු ශරිරේම විස තියනවා.ඒ නිසා අපි වැඩියෙම බය වෙන්න ඕනි මිනිස්සුන්ටයි .
ReplyDeleteඅර කවියේ වගේ..
Deleteනපුරු දුදනන්ගේ සියෝලන්ගෙහිම විසය
හම්මේ මේ චණ්ඩි ආච්චි බය වෙන දෙයක් හොයා ගන්න ලැබුණා. දැන් ඉතිං ගෙවල් පැත්තේ එද්දී මකුළුවෝ අරන් එන්නම් බලන්න
ReplyDeleteයනවා යන්න...ගේනවා නම් ලුකස් ව හොඳේ
Deleteඇයි ඉතින් ඌට බය? හපයි කියලද? ගෑවුනොත් පළු දායි කියලද ?
ReplyDeleteඔය ෆෝබියා එකට බේත් නැත්ද ?
දැන් නම් සැහෙන්න බය ඇරගෙන ඉන්නේ ...ප්‍රතිකාර තියනවා
DeleteI have Entomophobia :(
ReplyDeleteහප්පේ
Deleteබුහ්..
ReplyDelete