මේ දවස් ටිකේ තියෙන්නෙ දුවන ජීවිතයක්...
විසිරිත් ඉතින් බල්ලට හැතැම්ම නෑ වගේ ..ගමනෙමයි...
ඒත් ඒ අස්සෙත් ලියන්න කියවන්න කප්පරක් දේවල් එක්කාසු වෙනව....
.
කොහොමත් ගෙදර ඇවිල්ලා හුස්මක් කටක් ගන්නත් කලින් ...සමාජ සේවා වැඩ කටයුතු දුරකතනය දිගේ ගලාගෙන එනවා..තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉතින් මාත් දන්න කියන උදව් කරගෙන ....විස්තර එහෙම හොයල දීල ඉවර වෙලා ...
මං ගැන වද වෙන්නත් වෙලාවක් තිබ්බොත් හොයාගන්නවා... :D
.
පහු ගිය දවසක ඔන්න ඔහොම අපෙ නංගි කෙනෙක් මට කතා කරනවා...අසල්වාසී අයෙක්ට උදව් කරන්න කියල...
ඒ අම්මා මං දන්න තරමින් සැලකිය යුතු රැකියාවක වගකීම් සහිත තනතුරක් දරන්නියක්...පසුගිය කාලයේ සිදු වූ හදිසි අනතුරකින් ඇයගෙ ස්වාමියා මියගියා දැන් ඉන්නෙ දරු දෙන්නා සහ ඇය...
මෙයින් එක් දරුවකුගේ චර්‍යාමය ගැටලු සහිත තත්වයක් ගැන මගෙන් විස්තර අහගන්නයි මගේ සොහොයුරිය හරහා ඇය මා ඇමතුවෙ...
.
අදාල උපදෙස් දුන්නාට පසුව ඇයගෙ අනෙක් ගැටලුව ලෙස මගෙ සොහොයුරී කීවෙ " අනේ අක්කෙ එයාට ඔය කියන ඒවා කරන්න වෙලාවක් නෑ කියල...සල්ලි ගෙවලා කොහේ හරි ප්‍රයිවෙට් හරි කරගන්න තැනක් තියද අහනව" .
මම නිහඬවම දුරකතනය තැබුවා...පසුව මම මගේ සොයුරියට මේ ගැන කතා කලා...
අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ අතිශය කාර්‍ය බහුල අය වෙන්න පුලුවන් ..රැකියාවල් ඉතාම වගකීම් සහිත වෙන්නත් පුලුවන් ..ඒත් ඔබට ඒ සියල්ල එක්ක ඔබේම දරුවා බලාගන්න බැරි නම් දරුවාට අවශ්‍ය රැකවරණය සත්කාර ඔබේ අතින් දෙන්නට අපහසු නම් ...දවසේ පැය ගණන් වැඩ කරල උපයන දේත්...එයින් ලබන ආත්ම තෘප්තිය හෝ වෙන ඕනම ප්‍රතිලාභයකිනුත් ඇති වැඩක් තියද ?
.
ඉස්සර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එක්ක සේවා ස්ථානයේ සහ සමාජයේ වැඩ කල කාලයේ....මම දෙමවුපියන්ට මඳක් තදින් උන්නෙ...ඒ නිවැරදි ක්‍රමවේදයකට දරුවන් ට ප්‍රතිකාර කල යුතු නිසා..ඒ වගේම පෞද්ගලික ප්‍රතිකාර වලදීත් (බේරෙන්න බැරිම වෙලාවට කල ) මගෙ home programs වලට ඔවුන් වැඩ කලයුතු වුණා...ඇත්තෙන්ම ඒවායෙ ප්‍රතිපල සාර්ථකයි...
.
දරුවා සාමාන්‍ය දරුවෙක් උනත් විශේෂ අවශ්‍යතා සහිත අයෙක් උනත්....දෙමවුපියන්ගේ නිවැරදි කැපවීම ඔවුන්ගේ අධ්‍යාපන සහ කායික, මානසික සංවර්ධනයට පිටිවහලක් වෙනවා.....
.
ලෝකයේම බර ඔලුවෙ තියන් ගෙදර එන අම්මලා තාත්තලාට මං ආයෙ කියන්න කැමතියි...
ගේට්ටුවෙ එල්ලන්න පොඩි මල්ලක්..අන්න ඒකෙ අර ඔලුවෙ තියන බර එල්ලල ගෙට ගොඩවෙන්න....
ඔබේ ඇස් ඉස්සරහ තියෙන්නෙ ...ලෝකෙ තියන ලස්සනම දේ....ඒ ඔබේ දරුවන්...
විසිරි
කාලෙකට පස්සෙ වැදගත් පණිවිඩයක් අරන් අක්කා ඇවිත්.
ReplyDeleteජයවේවා!!!
ඇත්තටම හැමෝම දෙමවුපියෝ දරුවෝ ගැන මේ විදියට හිතනවානම් දරුවෝ කොයි තරම් සුරක්ෂිතද?
ReplyDeleteඒක ඇත්ත.....
ReplyDeleteMy most respectful salute to you dear Madam!
ReplyDeleteඅද ඉන්න සමහර අම්මලා තාත්තලා දැක්කම ඒ ළමයින්ගෙ අනාගතෙත් කොහොම වේවිද කියල හිතන්න අමාරුයි..
ReplyDelete++++++++++++
ReplyDeleteදරුවන් නිසා කොතෙකුත් ආර්ථික අපහසුතා තිබ්බත් මම රස්සාවෙන් අයින් වුණා..අද මව සතුටු වෙනවා මෙහෙකාරියන්ට එහෙමත් නැත්නම් කුල කියවන්න බලන් ඉන්න නෑදෑයින්ට දරුවන් බාර කලේ නැති එකට...දරුවෝ වෙනුවෙන් මොනාද අපිට කරන්න බැරි...
ReplyDelete