Tuesday, May 22, 2018

89. හැකි නම් වන්න අන් වතක සිනහවක්

හැම දවසකම , පෙර නාඳුන්නෙක් හට ඔබට හැකි නම් කාරුණික වන්න ...

මම මේ ස‍ටහන පසු ගිය දවසක කියෙව්වා...පොතක තිබිල...

ලෝක ප්‍රකට ඇඩොල්ෆ් හක්ස්ලි..සිය මරණ මංචකයේදී මේ අදහස කියා තියෙනවා...

හිතන්න මඳක්...

ජීවිතය කියන්නේ ක්‍රියාදාම සමුහයකට..මේ ක්‍රියාවන් කරුණාව , දයාව වැනි මානුෂික ගුණාංග වලින් පෝෂණය වුනාම ඒක ජිවිතයට ආශිර්වාදයක් වෙනවා..

ඔබේ ජිවිතයට එන යන දහස් දෙනෙක් ඇති.ඒ හැම කෙනාම ඔබේ ජිවිතයට ආවෙත් ආපසු යන්නෙත් හේතුවක් ඇතුව.ඔවුන් ඔබගේ ජිවිතයේ ඉන්න කාලය තුළදී...ඔබේ හැම දිනයක්ම ඔවුන් හට ඔබෙන් යමක් දෙන දිනයක් වෙන්නට ඇති.ඒ ගැන කිසිදු විටක පසුතැවෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.

හෙට දවසේ නාඳුනන එක අයෙක්ට හෝ ඔබේ කරුණාව, දයාව අවැසි වෙන්න පුළුවන්.ඔබේ එසේ නොදෙන්නට ඔබට හේතු තිබේදැයි සිතන්න.

ඔබට ඔබ අවට ලෝකය සතුටින් පුරවන්න පුළුවන්.හැකි නම් එක දවසකට එක අයෙක්ගේ සිනහවක් වෙන්න...එහෙමත් නැත්නම් ඔබට හැකි නම් ඔවුන්ගේ අවුල් සහගත මනස වෙනස් කර සතුටින් පුරවන්න..

ඔබේ ඒ දවස කෙතරම් වටිනවද..

මගේ කලින් රැකියා ස්ථානය මට හැම දිනයක්ම අලුත් කල තැනක්.මගේ වචනයකින් හරි දිරිමත් වෙලා නැගී සිටින්න බලන් ඉන්න මුණු ගානක් රෝහලේ උන්නා.ඒ හැම දවසම අධික වෙහෙසින් නිමා වුණත්..මම ගෙදර අරන් ගියේ සන්තුෂ්ටිය.අවුරුදු දහ අටක්ම ඒ සතුට මම නොඅඩුව වින්දා.

අද රැකියාව වෙනස් වුණත්..මම උත්සාහ කරන්නේ මගෙන් ඒ දේ වෙන්න ඕන කාටහෝ ඒ දේ නොඅඩුව ලබාදෙන්න.නමුත් මේ අතරේ ඒ දේම හිරිහැරයක් කරදරයක් වන අවස්ථා නැතුව නෙවෙයි.

නමුත් තවත් ජීවිතය ගෙවන්න ඇත්තේ ටික කලක් පමණයි.ඒ නිසා ජිවිතයේ හැම දවසකම සුන්දර යහපත් දෙයක් කරන්න මම කැමතියි.

ඔබට මම කියන්නේ.....ඒ දේදී පවා නිර්මාණශීලි වන්න.සමහරක් විට ඔය කියන සතුට ඔබට ලැබෙන...... කාරුණික වීම කියන්නේ බසයේ හිටගෙන යන කෙනෙක්ට අසුන දීම වෙන්න පුළුවන් , එහෙමත් නැත්නම් උදේට ඔබේ මුණ දෙස විමසිල්ලෙන් බලන වයසක කෙනෙක්ට සුබ උදාසනක් පැතීම වෙන්න පුළුවන්...

මේක මහා දෙයක් නෙවෙයිනේ.....ඔබ දැන් එහෙම හිතන බව මම දන්නවා....

ඒත් හිතන්න...අපි මේ සුළුම දේත් කරන්නේ නැහැ නේද කියල....ඒ නිසා අද ම පටන් ගන්න...ඔබේ සිනහව ට පුළුවන් කෙනෙක්ගේ මුළු දවසම වෙනස් කරන්න....

මම 
විසිරි 

4 comments:

  1. /ඒ හැම දවසම අධික වෙහෙසින් නිමා වුණත්..මම ගෙදර අරන් ගියේ සන්තුෂ්ටිය.අවුරුදු දහ අටක්ම ඒ සතුට මම නොඅඩුව වින්දා/

    You are one of the luckiest persons I know.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මේ ඔක්කොම කිව්වේ ඇඩොල්ෆ් හ්ක්ස්ලි කියලා...

      Delete
  2. මනා මනසකින් දිවි ගඟ ගෙවෙද්දී
    ගෙනා පිනෙන් මිනිසත් බව ලබද්දී
    දිනා ගන්න මිනිසුන් දුක් විඳිද්දී
    හිනා වෙන්න හැම දෙන මුන ගැසෙද්දී......

    අගෙයි අක්කේ ලියමන. රෝහලක රෝගීන්ට අපේ හිනාවෙන් දෙන්න පුලුවන් සුවය විශාලයි. ඒ අත්දැකීම මාත් ලබනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ඕල්ඩස් හක්ස්ලි.....:)

    ReplyDelete