Saturday, January 5, 2019

102. දරාගැනීම




මිනිස්සුන්ගෙ ජීවිතේ කියන්නෙ යෑම් සහ ඊම් වල එකතුවක්...
ඒ වගේම දරාගැනීම් සමුදායක්....
.
අපි හිතනවා කාගේ හෝ බරපතලම ඛේදවාචකයක් ගැටලුවක් දුටුවම ඇහුවම...අනේ මට නම් ඒක දරාගන්න බැරි වෙයි...මම නම් මැරෙයි ඔහොම උනොත් ...කියල....
.
නෑ....අපේ ජීවිත ඇතුලෙ ඉන්නවා මහා හයිය චරිතයක්...ඒ කෙනා හැම තිස්සෙම ඉන්නෙ හැංඟිලා....නමුත් ඔබට අවශ්‍ය මොහොතෙදි ඒ කෙනා එලියට එනව....
.
මං හිතාගෙන උන්නෙ මම මහා දුර්වල චරිතයක් කියල...ඒත් ජීවිතේ එකම එක කාලෙක අම්මා ජීවිතෙන් සමු අරන් ගිය දවසෙ මං දැනගත්තා මං හයිය ගෑණියෙක් කියලා.... කෙනෙක් ට දරාගන්න අමාරු වියෝගයන් කියන්නේ අන්න එහෙම ඒවාට.....
.
ඒ කඩාවැටීමට මුහුණ දුන්න මට ඊට පස්සෙ ජීවිතේ ආව හුඟාක්ම නරක අත්දැකීම් ඕන එකක් දරාගන්න හැකි උනා.... ඔය සමහර වෙලාවට මිනිස්සු ජීවිතේ ඇතියි කියන කොට...පලා යන්න ඕනයි කියන කොට...මැරෙන්න අයිතිය අවශ්‍යයි කියනකොට ..මම නිහඬවම හිනා වෙන්නෙ ඒකයි....
.
ඒ අය තමන්ගේ අර ශක්තිය ගැන දන්නෙ නැහැ කියලයි මම හිතන්නෙ....තමන් තුල ඇති ශක්තිමත් මනුස්සයා තමන් වෙනුවෙන් පෙනී සිටින්න කැඳවාගන්න ඒ අයට ඕන කමක් නෑ......
.
කොහොම වුණත්.....
මම දන්න එකම දේ....
ජීවිතේ කියන්නෙ සුන්දර දෙයක් .....
ඒක විඳින්න ඕන ....

විසිරි

10 comments:

  1. "ජීවිතේ කියන්නෙ සුන්දර දෙයක් ....."

    එහෙමම ද?

    ReplyDelete
    Replies
    1. අපි එහෙම හිතමු නේද සෙන්නා

      Delete
  2. ඒවගේම ජීවිතය ගිනි ගන්නා නිවසකට තමයි බුදුන්වහන්සේ සමාන කලේ. හැකිතාක් වස්තුව ගින්නෙන් බේරා ගන්න ජීවිතය යොදාගන්නත් ඕනේ. ඒ දන් හා කුසල් වශයෙන්. එහෙම නැත්නම් තියෙන ඔක්කොම මරණයේදී ගිනිගෙන විනාශ වී හමාර වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්...ඒක හිතට ගත්තා

      Delete
  3. කොහොමත් තැලෙද්දි තමා වානේ වල වුණත් පන්නරය හොඳ වෙන්නෙ

    ReplyDelete