Monday, February 10, 2020

119. පොලියානා සහ මම

පොලියානා සහ මම





ජීවිතේ දුක සතුට සමබර ව එන්නෙ නෑ කියලයි මම අදටත් විශ්වාස කරන්නෙ....ඒක සමබර කරගන්නත් අමාරුයි ..මොකද ඔය අන්ත දෙකින් සතුට හැම තිස්සෙම ඉන්නෙ අව පස..................
දුක ඉන්නෙ පුර පස....
ඇයි එහෙම වෙන්නෙ...
.
එහෙම වෙන්නෙ හුඟක්ම වෙලාවට අපේ බලාපොරොත්තු වල නොතිත් බව නිසා....එකින් එක පොදි ගැහෙන බලාපොරොත්තු එක්ක මිනිස්සු අතෘප්තිකර ජීවිත ගත කරන නිසා....
.
පසු ගිය දාක මම දැක්ක එක පුවරුවක්....ඒ පුවරුව ලියලා තිබ්බෙ මීට අවුරුදු හැට හැත්තෑවකට එහා වෙන්න ඕන....
.
ඒකෙ තිබ්බෙ මෙහෙම

Mental conflict is an imbalance between desire and fear......
.
ඒ ගැන හිතුවාම ඒක සහතික ඇත්තක් නේද කියල මට ආයෙමත් හිතුණ.....
.
අපි මනස එක්ක ...ජීවිතේ එක්ක නිරායාසයෙන් ගැටුම් ඇති කරගන්නෙ අතෘප්තිකර ආශාවන් සහ ඒවා වෙත ලඟා වීමේ බිය නිසා.......
.
මිනිස්සු හුඟක් වෙලාවට කියනව අතහැරීම තමා ජීවිතේ සැනසීම කියල...ඒත් ඔය අතහැරීම කියන දේ ඇත්තෙන්ම අපිට හිතන තරම් පහසුවෙන් කරන්න පුලුවන් ද ...කියල මඳක් සිතන්න....
.
ඇත්තෙන්ම බෑ .....
.
හුඟාක් දෙනෙක් පොලියානාට කැමතියි....ඒ කතා ත්‍රිත්වය කියවලා තියනවනෙ...පොලියානා ගේ විශේෂත්වය මොකක්ද...
.
ඇය ඕනෑම දෙයක සොඳුරු පැත්ත දකිනව...හැම අඳුරු දේකම ඇය සතුටු වෙන්න හේතුවක් හොයාගන්නව...ඇත්තෙන්ම පොලියානා කතාව අරඹන කොට ඇය පුංචි දැරියක්...
.
දරුවන්ගෙ ලෝකය එහෙමයි....ඔවුන් සතුටින් තියන්න මහා දේවල් අවශ්‍ය වෙන්නෙ නෑ ...අපි නොහිතන අපි වටිනාකමක් නොදකින හුඟාක් දේවල ඇති සතුට දරුවො දකිනව.....
.
අපිට ඇයි එහෙම වෙන්න බැරි....බැරිකමට වඩා අපි හැම තිස්සෙම අඳුරක දකින්නෙ අඳුර පමණයි....එහි ඇති කණාමැදිරි ආලෝකය වත් අපි දකින්නෙනෑ....ඒ නිසාම දකින අඳුරේ අඳුරුම පැතිකඩෙහි ම ගිලෙන්න අපි බලන්නෙ....
.
අපි හැම කෙනෙක්ගෙම ජිවිත ඇතුලෙ පොලියානා කෙනෙක් ඉන්නව...ඇයව හොයාගන්න...ඒක ටිකක් අමාරුයි....මම කාලයක් ගෙවිලා හෝ මා තුල උන් ඇයව හොයාගත්තා...එදා සිට ඕනෑම දෙයක අසුබ දේ ට කලින් මට සුබ දේ පේන්න ගත්තා ..
.
ඒකෙ ප්‍රතිපලය ...
දුක හිතෙන එක...හිත රිදෙන එක ....අඩු උනා...
අහිමි වීම් වලදි කඩා නොවැටෙන්න හිත හුරු උනා...
ලැබෙන හැම පොඩි දෙයකින්ම හිත ට සතුට කියන දේ ලබාගන්න හුරු උනා...
මට හිතට සැනසීම එන සහ අනවශ්‍ය ගැටලු අමතක කරවන ඉසව් මම හොයාගත්තා.....ඒවා මොනවද කියල මගේ fb wall එක බැලුවම ඔබ දන්නව.....
.
කිසිම දෙයක් ගැන බරපතල ව ඔලුවෙ මහ කන්දක් බර දේ පැටෙව්වා වගෙ හිතෙන දේවල් වලින් මම ඈත් වුනා...රැකියාව වගේම පෞද්ගලික සහ සමාජීය ජීවිතේ දි.....
.
අන් කෙනෙක් ගෙ සතුට තෘප්තිය දිහා බලල වෙනදට වඩා මට සතුටක් ලබන්න ඒ නිසා පුලුවන් උනා....අවස්ථාවන් ගිලිහිලා වෙන අයෙක් ඒ අවස්ථාව ලබා ගනිද්දි....ඇත්තෙන්ම එයා ඒ දේට සුදුසුයි...ඒක එයාට ලැබුණ එක හොඳයි කියල හිතන්න හරිම ලේසියෙන් හුරු උනා...
.
කොහොම උනත් අන් අයගෙන් හිතට විස තරහ පිරෙන වචන එද්දි කන් දෙක ඔටෝ වැහෙන සිස්ටම් එකක් මට ඇතිවුණා....😄....හිනාවෙලා හ්ම් වත් නොකියන එක හරි ලේසි දෙයක් උනා....
.
කොහොම උණත් මගේ ජීවිතේ පොලියානා මට ඉගැන්නුවේ ....ඉස්සෙල්ල තමන්ටම ආදරය කරන්න ...තමා වෙනුවෙන් තම සතුට වෙනුවෙන් කල හැකි දේ මං පොලියානා ඇසුරින් සොයාගත්තා ...තමන් තමන්ට ආදරය කරන කොට සෙසු ඕනම කෙනෙක්ට ආදරය කරන්න ට ඉඩහසර ඉබේම සැකසෙනව....එතකොට ජීවිතේ අපූරුවට ලස්සන වෙනවා.....
.
මේ ජීවිතය හරිම කෙටි එකක්....අපි කොච්චර වාසනාවන්ත අයද කියල මට මගේ රැකියාව කියල දෙන්න ගත්ත් මීට වසර විසිහතරකට පෙර ඉඳල....ඒක අදටත් මම ඇස් වලින් දකින අත්විඳින දෙයක්....හැම මොහොතෙම මම මගේ මේ සුන්දර ජීවිතයට ස්තුති වන්ත වෙනවා.....
.
ඉතින් අනුන් නිසා ජීවිතේ දුක් වෙන්නවත් සතුටු වෙන්නවත් යන්න එපා කියල ඔබට ඔබේ ජීවිතයේ පොලියානා හමුවුණ දාක කියාදෙයි....ඔබ ඔබේ ජීවිතයේ සියලු දේට වගකියන්න ඕන බවත් වගබලා ගන්න.....
.
ඉතින් පොලියානා හමු වුණ දාක .....ඇය ඔබට කියාදෙන දේ ඔබත් ඔබේ ලඟ සටහනකට එක්කරල තබා ගන්න .....

~~~~කිත්මා~~~~

4 comments:

  1. මම ඔය ‌පොත් තුන ගැන අහල තියෙනව. දැකලත් තියෙනව. කියවල නෑ. ‌ගොඩක් ස්තූතියි ‌මේ ලිපියට.

    ReplyDelete
  2. පොලියානා දුටුවා !

    ReplyDelete
  3. කිත්මා? අහල පුරුදු නමක්.. :)) (මාත් පොලියානා වගේ තමයි.. ඕනේ එකක ආතල් එකක් ගන්න දෙයක් හොයා ගන්නවා)

    ReplyDelete