Monday, February 15, 2021

2021(8) බලා හිඳීමත් ප්‍රේමය යැයි






කිසිවක් ම නොකියා දෑස් දෙස 
බලා හිඳීමත් ප්‍රේමය යැයි මම වටහා ගත්තේ ඔබෙනි.......
.
ඉඳහිටක එන ඇමතුමක
ජංගමයේ තිරය මත දිස් වෙන
ඔබේ සිනහවක් නැති ඔය රුව
ඉඳහිටක වදනකුදු නොකියාම
මා දෙසම බලා ඉන්නා ඔය නෙත...
ඉතින් ඒ ආදරයමැයි...
නොහිතාම ඉන්නද මම.....

.
සමුගන්න මොහොතකට කලියෙන්
යළි යළිත් ඇමතුමේ මා රඳවන...
එහෙත් කිසිවක්ම නොකියන
ඉවසීම ගිලිහෙන්න පෙරාතුව
ඔය වතෙහි උතුරන සිනහව
ඉතින් ඒ ආදරයමැයි
නොහිතාම ඉන්නද මම.....

.
ඇමතුමක නිහඬ බව බිඳලන
ඉනික්බිති එන කෙටිම කෙටි සලකුණ
ම 'සිත නුහුරෙන් පුරවන
KIT ......Keep In Touch ...
ඉතින් ඒ ආදරයමැයි
නොහිතාම ඉන්නද මම....
.


විසිරි ❤

2 comments:

  1. ආදරය යනු කෙතරම් සුවිසල් පරාසයක විහිද ඇති හැඟීමක් දැයි; කියා දෙන සුන්දර නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට ; මේ ඇගයුම මට සවියක්

      Delete