Saturday, October 22, 2016

02.සිහින දකින්නට ඔබට හැකි නම්.... (අරමුණු)

සිහින දකින්නට ඔබට හැකි නම්  එය සැබෑ කරගන්නටද ඔබට හැකිය....





මේ වදන් පෙල...මා උපුටා ගත්තේ...වෝල්ට් ඩිස්නි නමැති අපූරු පුද්ගලයා විසින් කියා තැබූ ඉංග්‍රිසි කියමනක්  ඇසුරිනි...

මිනිසුන් බොහෝ විට සිහින යනුවෙන් සිතට ගන්නේ අපැහැදිලි රෑ නින්දක දුටු සිහිනයන් හා සමාන බලාපොරොත්තු වලටය....

නමුත් ජීවිතය පිලිබඳ සිහිනයන් ඔබ දකින්නේ නම් ඒ සිහින වලට සරිලන ඉලක්කයන් ඔබ සතු විය යුතු වේ....
මම පොතක් කියවමි....ඒ පොත එක්තරා අපුරුම පුද්ගලයෙකු පිලිබඳවය...ඔහු මහාචාර්ය රැන්ඩි පෝෂ්ය...
මහාචාර්ය රැන්ඩි පෝෂ් යනු අග්න්යාශයේ පිලිකාවක් හේතුවෙන් සිය මරණය මාස කීපයක් ඇතුලත  දැනගත් පසු ලෝකයට ජීවත් වීම කියා දුන් පුද්ගලයෙකු ලෙස මම අදහමි.

මේ පොත කියවූ පසු මම  නිවී සැනසිල්ලේ කල්පනා කලෙමි...මම ජීවත් වෙමි...එහෙත්...මගේ මරනය තීන්දු වූ දිනක මට සතුටු විය හැකි දේ නම් කීයක් මා කර ඇත්ද යන්නයි...මට මේ දක්වා මා විසින් කල කී දේ ගන සෑහීමක් ඇතත්....ඉතා තදින් හිතට දැනෙන අඩුවක් ඇත....ඒ මේ ලිවීමේ දි...මගේ ඇති අලස භාවයයි.....







අපේ සිහින පටන් ගන්නේ ලමා වියෙනි...මහාචාර්ය රැන්ඩි පෝෂ් මෙන් ...ලමා කාලයේ සිහින තුලට ගොස් චාරිකාවක් කරන්නට මටද සිතේ...ලිවීම මා යළි සුවපත් කර දෙනු ඇතැයි සිතා....මම සිහින දකිමි....
විශ්වාසය මත පදනම්ව කරන්නාවූ කිසිම ක්‍රියාවක් මග නවතින්නේ නැත...එහෙත් මට මා ගැනම කිසිදු විශ්වාසයක් නැත....අද මම දකිය යුතු සිහිනය මේ අලස භාවයෙන් මිදී ලිවීමට එක් වීමයි....

ළමා වියේ සිහින සත්තකින්ම සුන්දර සටහන් වනු ඇත.....එය කවදා හෝ කාට හෝ අපූරු මතකයක් වන තුරු මට මගේ සිහින අකුරු කල හැක

අද දරුවන්ට නැති.....ඒ සොඳුරු ලමා විය..සරලව සුන්දරව පෙල ගස්වන්නට...මට ඇති බස පොහොසත් යැයි මම සිතන්නෙමි.....
එවිට කවදා හෝ මටද.....මා ලියූ අකුරු තුල ජීවත් වන ලමා පරපුරක් දැක .....නික්ම යා හැක






20161022

11 comments:

  1. ‘‘ලිවීම මා යළි සුවපත් කර දෙනු ඇතැයි සිතා....මම සිහින දකිමි...‘‘

    මම ද සිහින දකිමි. අවසන් දේශයන මමත් කැමතිම පොතක්... ඒ පොත පරිවර්තනය සමන් කළුආරච්චි ලියන බ්ලොග් එක තමයි මේ...මේ ලිපියෙ පොත ගැනත් සටහනක් තියෙනවා.

    https://sililara.com/2013/03/11/%E0%B6%B4%E0%B6%B8%E0%B7%8F-%E0%B7%80%E0%B7%99%E0%B7%80%E0%B7%93-%E0%B6%89%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD-%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරූ...කියවන්නම ඕන එය මම

      Delete
  2. අගෙයි.. සිහින ගොඩක් දකින ඒවා සැබෑ කර ගන්න වෙහෙසෙන ගමන් ඉන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්යාණ මිත්‍ර...ඒ සිහින සැබෑවේවා

      Delete
  3. සිහින රැසක ආරම්භය.. ස්තූතියි අක්කා, හරි හමන් ළමා වියක් තියා සිදු වෙන්නෙ කුමක්දැයි නොතේරෙන රැල්ලට දුවන මිනිස් සමාජයක ඔබේ වෑයම සාර්ථක වේවා !

    ReplyDelete
  4. Replies
    1. ඔබේ කියවීමත් දිරිගැන්වීමත් මට ඉතාම අගේ

      Delete
  5. මට ඇති බස පොහොසත් යැයි මම සිතන්නෙමි.. !!

    ඇත්තෙන්ම මේ තරම් වටිනා ජාතියකට හිමි භාෂාව අපිටම ලැබිම සතුටක් !

    ReplyDelete