Wednesday, October 26, 2016

03.ඒ අපූරු දවස් (මතක)






මගේ ළමාවිය අපූරුම සිහින ගොන්නක් අදටත් මට මවා ගෙන එයි.ගමක තම ළමා විය ගෙවන්නට වාසනාව ඇත්තා වියපත් වන තුරුම ඒ මතකයන්හි සරි සරයි...මම ද එවැන්නෙක්මි.

මගේ ළමා විය නිදහස් යුගයකි...කිසිත් හිරිහර ගැහැට නැති..අපූරුම කාලයකි.ගහට වැලට මලටෙ පෙම් බැඳි යුගයකි.කුරුළු හඬකින් උදාසන ඇහරෙන ....නැවුම් සුළඟින් පෙනහලු පුරවාගන්නට තරම් පවිත්‍ර බවක් එදා ගමේ තිබුණි...

ගමකට හිරු උදාවන්නේ කුරුලු හඬකිනි..අපේ ගමද ඕනෑ තරම් ලඳු දෙණි බඩවැටි වලින් ...කුඩා වන රොදින් පිරුණක්ම විය...ඒ කුඩා කැලෑ රොදවල් වල තිබුණ ගඩාගෙඩි වල නමක් නොදැන වුවත්...අපි කිසිදු බියක් සැකක් නැතිවම ගිලදැම්මෙමු.දං,බෝවිටියා( අපේ ගමේ බස් වහරට අනුව ඒවා කටකලුවාය )ගොඩපර,ඇඹිල්ල,එරමිණියා....නමක් අමතක ගඩාගෙඩි ඕනෑ තරම් කමින්...කටු පඳුරු වලට අපමණ සීරෙමින් ...ගතකල ඒ ළමාවිය අද අපේ ගමේවත් ඉතුරු වී නැත..

මතක් වෙද්දීත් ඇඹුල් රසයක් ගෙනෙන ඒ සුන්දර මතක වල මම අදටත් ගිලී නැහැවෙමි...නාන්නට ගඟට ගිය විට ගඟ අයිනේ තිබෙන අට්ටික්කා ද...ගඟට යාබදව ඇති වතුවල අයින් වල හැදෙන ගඩාගෙඩිද කන්නට කාගෙන්වත් බාධාවක් තිබුණේම නැත.

ළමාවියේ මතක පෙළගස් වන්නට අනුපිලිවෙලක් තවමත් මම සොයමි.එසේ නොකලද මේ මතක මේසේ හෝ සටහන් කර තබන්නට මට අවැසිමය.ඒ ඉතාම කෙටි කලකින් මේ මතක සදාකල්ම මතකයන් පමණක් වන නිසාය.අපෙ ලෝකය ඒ තරමටම ඉස්සරහට ගොසිනි....අත හැරී අත්තේ විඳීම පමණි....

4 comments:

  1. කුඹුරක් කුරුළු නදක් නොඇසෙන ඇස නොගැටෙන සමාජයක මේ ලියැවීම් අපූරුයි අපේ පොඩ්ඩන්ට අක්කා..

    ReplyDelete
    Replies
    1. මටත් ඔය දේම හිතෙනවා නxගි..මම අපේ දරුවන්ට ගම ගැන කියන සමහරක් දේ ඔවුන් දකින්නේත් අතිශයෝක්තීන් ලෙස

      Delete
  2. me tharamma nethath adatath mama oya gada gedi kanwa. Kurulu hadawal ahanawa. Gamen midenna beri ekayi.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුන්දර ගමක් තියන බව මම දන්නවා....හැම සති අන්තෙම දුවන්නේ ඒකනෙ

      Delete