Saturday, June 10, 2017

62. මිනිසකු වන්නට නම්.....


සැබවින්ම ජිවිතේ ලස්සනට පවත්වාගන්න ඔබ යන්න ඕන පාසලකට...ඒ පාසලට ඔබ ඇතුලත් වන්නේ ඔබ උපන් දා...ඉන් ඔබ පිටත් වන්නේ ඔබ මියයන දවසට ...ඒ තමා ජිවිතේ පාසල....

එහිදී.....මෙන්න මේ නීති ටික ඔබට අනිවාර්යයෙන් පිළිපදින්න වෙනවා.....

01. ඔබට ශරීරයක් ලැබිලා තියනවා.....

ඒකට ඔබ කැමති උනත්..ඔබ එය පිළිකුල් කලත්...ඔබේ මේ මිනිස් ජීවිතය පවත්නා තුරු ඔබට එය පවත්වා ගන්න වෙනවා....


02. ඔබ පාඩම් ඉගන ගන්නවා...

මේ ජීවිතය කියන නාමිකව සඳහන් නොකළ පාසලේ ඔබ පුර්ණ කාලීනව ඉගන ගන්නවා....හැම දවසක්ම ඔබ මේ පාසලින් අලුත් යමක් ඉගන ගන්නවා....සමහරක් විට ඔබ මේ පාඩම් වලට කැමති වෙන්න පුළුවන්...තවත් සමහරක් විට ඔබ මේවා මෝඩ තකතීරු පාඩම්..පලකට නැති ඒවා....වගේ වර්ග කරාවි...නමුත් ඔබ අනිවාර්යයෙන් ඒවා ඉගන ගත යුතුයි........




03. මෙහි අත්වැරදීම් නැහැ..ඔක්කොම තියෙන්නේ පාඩම්

වර්ධනය වෙනවා කියන්නේ සාර්ථක වීම් සහ වැරදීම් වල එකතුවක්...පරික්ෂණයන්....සාර්ථක වෙලා වැඩදායි වෙච්ච පරීක්ෂණ වගේම අසාර්ථක වෙලා වැරදුන පරික්ශනත් එක වගේම ජීවිතේට වැදගත් වෙනවා...



04. හරියාකාරව ඉගන ගන්න තුරු පාඩම්  ආයේ ආයෙම ඉගන ගන්න (රිපීට් )වෙනවා

සමහරක් පාඩම් ඔබට එකම විදියට නැතුව විවිධ අන්දමට ඉගන ගන්න ලැබෙනවා....ඔබ හරියාකාරව ඉගන ගන්න කල් ඒවා එහෙම ඔබට ලැබේවි....ඔබ එය නිවැරදිව ඉගන ගත්තට පස්සේ ඊළඟ පාඩමට ඔබට යන්නට පුළුවන්




05. ඉගන ගන්නා පාඩම් වල අවසානයක් නැහැ

ජිවිතේ කිසිම අංශයක් නැහැ පාඩම් වලින් තොරවන.....ඔබ ජිවත් වන තුරුම ඔබ ඒ පාඩම් නිරන්තරයෙන්ම ඉගන ගත යුතුයි...




06. එතන ට වඩා මෙතන හොඳ වීමක් නැහැ

ඔබට එතන කියන දේට වඩා මෙතන කියන දේ හොඳ වෙනවා නම්..ඊළඟ මොහොතේ වෙනත් එතනක් ඇති වෙනවා....අර කලින් හොඳයි කිව්ව මෙතන ට වඩා.....




07. අනෙක් අය කියන්නේ ඔබගේම කැඩපත් ඡායාව

මතක තබා ගන්න ඔබ යම් අයෙක්ගේ යම් දෙකට කැමති වෙනවා නම් ආදරේ කරනවා නම්...ඒ වගේම ඔබ යම් අයෙක්ගේ යම් දෙකට වෛර කරනවා නම් පිළිකුල් කරනවා නම්...එයින් පිළිබිඹු වන්නේ ඔබගේම ඇතුලාන්තය බව.....




08. ඔබ ඔබගේ ජිවිතයට කරගන්නා යමක් වේද...එයට වග කිව යුත්තේ ඔබයි....

ඔබට ජීවිතය පවත්වා ගන්න අවශ්‍ය තරමේ...උපකරණ..සහ සම්පත් නොඅඩුව ලැබිලා තියනවා...ඒවා භාවිත කරමින් මොන යම් දෙයක් හෝ කිරීමේ වගකීම සතු ඔබටමයි.....එක ඔබේම කැමැත්ත මිස අනෙකක් නොවේ .....




09. උත්තරය ඔබ තුලමයි.....

ජිවිතයේ කුදු මහත් ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ ඔබ තුලමයි....අවශ්‍ය වන එකම දේ.....පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න...ඇහුම්කන් දෙන්න...විශ්වාස කරන්න....ඔබවම ..





10. ඔබ මේ සියල්ල අමතක කරනවා......







~~~~ චෙරී කාටර් - ස්කොට් ගේ ලිපියක් ඇසුරින් ~~~~~


ලිව්වෙ විසිරි

12 comments:

  1. වටිනා ඔවදන් පෙලක්... මේක කියවද්දි මට බයිබලයේ තියෙන දෙයක් මතක් උනා... ඒකෙ මෙහෙම කියනවා... අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න... මේකෙන් අදහස් කරන්නේ කවුරුහරි අපේ කම්මුලට ගැහුවොත් , ගහපු එකාට වැටෙන්නම අනිත් පැත්තට ගහන්න කියලා නෙමේ... කවුරුහරි කෙනෙක් අපිට වැරැද්දක් කරනවට අපි අකමැතියි වගේම එයාලට කවුරුහරි වැරැද්දක් කරනවට එයාලා අකමැතියි... අපිට කවුරුහරි හොදක් කරනවට අපි කැමතියි වගේම අනික් අයට හොදක් කරනවටත් ඒ අය කැමතියි... ඒ නිසා නරක නොකර හැමවිටම හොද දේ විතරක් කරන්න කියලා තමා ඒ පදයෙන් කියන්නෙ...

    ReplyDelete
  2. හ්ම්ම්
    හැදෙන එකෙට්ට නං වටිනව
    ඒත් ඒම එකෙක් පේන තෙක් මානෙක නෑ හිහි
    වැදගත් ලිපියක් ඈ

    ReplyDelete
  3. ජීවිතේට අලුතින් හිතන්න දෙයක්..
    වැදගත් ලිපියක්

    ReplyDelete
  4. ඇත්තටම ජීවිතය කියන්නේ පාසැලක් තමා.

    ReplyDelete
  5. ම්ම්ම් ජීවිතයට හිතන්න යමක්....අපූරුයි අක්ක මේ හැම ලිපියක්ම ජීවිතේට එකතු කරගන්න පොඩි පොඩි දෙවල් බොහොමයක් තියෙනවා. ඒත් මට හිතෙනවා දැන් රයිලිගේ කතාවක් දැම්මනම් හොදයි කියලා.

    ReplyDelete
    Replies
    1. දෙයියෝ...රයිලිගේ කතාව මග හිටියා නේද...ඉන්නකෝ..ඊළඟට එකේ දෙවැනි කොටස දානකල්

      Delete
  6. ඕවා කියවල අපි හැදෙයි කියලද හිතාගෙන ඉන්නේ? හැක්.. (අම්මප බයෙන් කියෙව්වේ.. හිත වෙනස් වෙයි කියල)

    ReplyDelete
    Replies
    1. ඔහේව හදන්න කලින් මකන්න කෝවක් හොයන්න වෙයි....

      Delete