එකමත් එක කාලයක බොහොම වටිනා මිනිසෙක් උන්නා...ඔහු ඔහුගේ සිහින වල ජීවත් වූ ගැහැණිය සමග විවාහ වූවා..ඔවුන්ගේ ආදරය එක්ක...ඔවුන් පුංචි දැරියක් නිර්මාණය කලා...ඇත්තෙන්ම ඇය හරිම දීප්තිමත් සුන්දර කුඩා දැරියක්...අර මිනිසා ඇයට බොහෝ ආදරය කලා.....
දැරිය කුඩා කලදී.....ඔහු ඇය ඔසවා ගෙන ..සියුම් සංගීත ස්වරයක් මුමුණමින් ..ඇය සමග කාමරය පුරා නටන්න පුරුදුවී උන්නා....ඔහු හැමවිටම...." මං ඔයාට ආදරෙයි..මගෙ පුංචි කෙල්ලේ..." කියන්න හුරු වෙලා උන්නා.....
දැරිය ක්‍රමයෙන් වැඩෙද්දි..මිනිසා ඇය වැලඳගෙන ඇයට මෙහෙම කිව්වා.." මං ඔයාට ආදරෙයි...මගෙ පුංචි කෙල්ලේ..." .දැරිය ඔහුට තොල් නොපිට පෙරලා මෙහෙම කිව්වා..." මම තව දුරටත් පුංචි කෙල්ලෙක් නෙවෙයි..."
මිනිසා මහ හඬින් සිනාසෙමින් " ඒ වුනාට මට...හැමදාම ඔයා මගෙ පුංචි කෙල්ල..." කීවා....
කුඩා දැරිය තව දුරටත් පුංචි කෙල්ලක් වුණේ නෑ...ඇය නිවසින් බැහැරව ලෝකයට ගියා...ඇය තමා ගැන වඩ වඩා ඉගන ගන්නා අතර මිනිසා ගැනත් වඩා ඉගන ගත්තා....ඇය වටහා ගත්තා...ඒ මිනිසා ඇත්තෙන්ම බොහෝ ශක්තිමත් ..උසස් අයෙක් බව....එමෙන්ම ඔහුගේ හැකියාවන් හා ශක්තීන් ඇය හඳුනාගත්තා.....ඔහු සතුවූ එක් වටිනා ශක්තියක් වූයේ පවුලට ඔහුගේ ඇති ආදරය ප්‍රකාශ කිරීමට ඇති හැකියාවයි.....දැරිය නිවසින් ලෝකයට ගියත්....මිනිසා ඇයට දුරකතනයෙන් කතා කර..." මං ඔයාට ආදරෙයි...මගෙ පුංචි කෙල්ලේ..." කියන්නට හුරුවෙලා උන්නා....
එක් දිනක් උදාවුනා....දැරියට තව දුරටත් දුරකතන ඇමතුම් නොඑන දිනක්.....
මිනිසා අනතුරකට පාත්‍ර වී තිබුණා..ඔහුට ආඝාතය ක් වැලඳී තිබූ අතර තව දුරටත් කතා කිරීමේ හැකියාව ඔහු සතුවුණේ නෑ...
වෛද්‍යවරුන් ඇයට පැවසූ පරිදි ඔහුට කියන දේ පවා නොවැටහෙන තත්වයක් උදා වී තිබුණා...තව දුරටත් ඔහුට ඇවිදින්නට..හිනාවෙන්නට ..නටන්නට..වැලඳගන්නට...ඒ කිසිවක් හැකි වුණේ නෑ....එපමණක් තියා තව දුරටත් " මං ආදරෙයි ..මගෙ පුංචි කෙල්ලේ...." කීමට ඔහුට නොහැකි උනා....
දැරිය ඔහු බලන්නට රෝහලට ගියා..තව දුරටත් ඔහු ඒ ශක්තිමත් මිනිසා නොවේ...ඇයට ඔහු පෙනුනේ ඉතා කුඩාවට..දුබලවට...ඔහු ඇය දුටු මනතින් ඇයට කතා කරන්නට තැත් කලද ...එය අසාර්ථක උනා...
දැරිය ඇයට කල හැකි වූ දේ කලා..ඇය සෙමින් ඇඳට නැග මිනිසා පසෙකින් වැතිරුණා...ඔවුන් දෙදෙනාගේම ඇස් වලින් කඳුලු ගලා ගියා...දැරිය ඇයගේ දෑත් මිනිසාගේ කඩාහැලුණ උරහිස් වටා යවා ඇයගේ හිස ඔහුගේ පපුව මත තැබුවා.....
ඇයට සිහි උනා...ඔවුන් ගත කල ඒ සුන්දර කාලය...ඇය කෙතරම් ඔහු තුළ ආරක්ෂාකාරී වූවාද යන බව ..ඒ ආදරය...
ඇයට ඇසෙන්නට ගත්තා මිනිසාගේ හදවත ගැහෙන හඬ .....මොළයට සිදුවූ හානිය ගැන කිසිත් ගණනකට නොගත් ඒ උතුම් හදවත පෙරසේම මාධූර්‍යයෙන් ගැහෙමින් තිබුනා...
ඒ හඬට සවන් දෙමින් ඉන්නා දැරිය විශ්මයට පත් කරමින් හදවත මුමුණන්නට වුනේ...
මං ආදරෙයි..මගෙ පුංචි කෙල්ලේ...
මං ආදරෙයි ..මගෙ පුංචි කෙල්ලේ ...
මං ආදරෙයි..මගෙ පුංචි කෙල්ලේ....
මිනිසා ට මුවින් පවසන්නට බැරිවුණ දේ හදවත තාල නගමින් තිබුණා.....ඇය පෙර සේම ඒ ආදරයෙන්.....සැනසුණා.....
~~~ විසිරි ~~~
පරිවර්තනය chicken soup for the soul වෙතිනි
ආදරේට මොනවද කරන්න බැරි... මේක කියවලා මට දැනුනේ එහෙමයි..
ReplyDeleteඇත්තෙන්ම ඔව් ...කල නොහැකි දෙයක් නැහැ
Deleteහොඳ පරිවර්ථනයක් මේක.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි දුමි
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි අරු
Deleteආදරේ කියන්නේ හැගීමක් , වචන වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ ඒක
ReplyDeleteජයවේවා
ඇත්තෙන්ම ඔව්
Deleteලස්සනයි .
ReplyDeleteස්තුතියි කෝ දෙයියනේ මේ හදනවා කිව්වා බ්ලොගේ
Deleteපියකුගේ සහ දියණියකගේ ආදරය ගැන ලස්සන පරිවර්ථනයක්
ReplyDeleteස්තුතියි ඉයන්
Deleteආසම කතාවක්
ReplyDeleteකලින් කියවලා තිබුණත් ආයෙත් ආසාවෙන් කියෙව්වා.
මම සමහර දෙවල් හරිම සමීපයි අක්කා.
ස්තුතියි නංගි
Deleteආදරය..රැකවරණය
ReplyDeleteසත්තකින්ම ඔව්
Deleteලස්සන පරිවර්තනයක් ...
ReplyDeleteස්තුතියි දේදුනුවෝ
Delete