Tuesday, August 22, 2017

69 . මල් මතක




උදේම මිදුලට පැන මල් කීපයක ෆොටෝ ගන්නට සහ ඒවා කොමෙන්ට් ලෙස දමන්නට ගිය එකෙන් මතක රැසක් ඇවිස්සුනි...

ඉස්සරම අපේ ගෙදර හවසට පිපෙන හෙන්දිරික්කා මල් මහ යායක් තිබුණි..කහ පාට, සුදු පාට සහ තද රෝස පාට හෙන්දිරික්කා හවසට පිපෙන කොට සුලඟත් එක්ක හීන් සුවඳක් මට දැනේ..

.අපේ ආත්තම්මාගේ අණ ලැබෙන්නට පෙර මල් වට්ටිය පිරෙන්න හෙන්දිරික්කා නෙලන්නට මම එළියට බහිමි.වට්ටියක් පිරෙන්න මල් නෙලුවාට ඒවා ඔහේ වට්ටියේ දාගෙන බුදුපුදට යන්නට බැරිය...නැටි යටට සිටින සේ ඒවා ලස්සනට ඇසිරිය යුතුය....

කහ පාට වටේටත් ....මැදට තැනින් තැන අනෙක් පාටත් තබා එක එක මෝස්තරේට මල් වට්ටිය සැදුවාට ......බුදුහාමුදුරුවන් මා දෙස බැලුවේ එකම කරුණාබර ඇසකිනි......

හෙන්දිරික්කා මල් මතකයේ අපූරුම දෙයක් නම්.....ගස මැරෙන්නට පෙර අල ගලවා අපි කල පරික්ශණයන් ය .....පාට දෙකක අල ගලවා මැදින් බාග කපා තුනී රෙදි පොටකින් ගැටගසා එකට තද කර වැලලූ පසු නැවත එන ගසේ පාට දෙකකින් මල් පිපුණි.සමහර මල් වල පාට දෙකම විය......


මේ පින්තුර නම් අන්තර්ජාලයෙනි ....

මල් ප්‍රෙස් කරන කලාවට ඉතා අසීරු වෙන් එන හෙන්දිරික්කා මල් ......සියුම් වැඩිය.මම දැන් ආයෙත් හෙන්දිරික්කා වවමි...තාම ලඟ ඇත්තේ තද රෝස පාට පමණි...අනෙක් පාටත් සොයා ගත යුතුය.......

සමහරක් මල් පාඩුවේ පිපෙයි....තනිව පිපෙනවාට වඩා ගහක් පිරෙන්න පිපෙනවිට පුදුම ලස්සනය...
හෙන්දිරික්කා .....ඒ වගේමය...


~~ විසිරි ~~

18 comments:

  1. //"සමහරක් මල් පාඩුවේ පිපෙයි"//
    Me api wage mal neda?

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් පාඩුවේ පිපෙන කෙහෙල්මල...

      Delete
  2. හත්වලාමේ මටත් තියෙනවානේ ඔය වගේම හවසට හෙන්දිරික්කා මල් වට්ටියක් එක්ක ගතකරපු කාලයක්. මාරයිනේ.. මමත් ඔහොම්මම මල් වලින් වට්ටියක් පිරින්නම හදන්නේ පාටවල් මැච් කරලා. වටේට වටේට මල් අහුරගෙන ඇවිත් අන්තිම මලත් තියලා මුළු වට්ටියම පිරුනනහම් තිබ්බ ජොලිය කියලා වැඩක් නැහැ. මම ඒ කාලේ ආසම පාට කහපාට.

    ReplyDelete
  3. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. බුදුහාමුදුරුවො බලන්න ඇත්තෙ එයා කියපු දේවල් පැත්තක තියල ගස් වල තියෙන බල් කඩල ගල් පිළිම ඉස්සරහ තියන්නෙ මොන මෝඩියෙක්ද කියල වෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපිට බයෝ උගන්නපු සර් කිව්වා මල් තියන්නේ ගහේ ප්‍රජනනයට නිසා මල් තබා වැඳීම සමානයි........................................කියලා.😀😀

      Delete
    2. බක්කරේ +++++++++++++++++++++ ඉස්පොල්ලෙ ගියා බං

      Delete
  5. හෙන්දිරික්ක මල් කියන්නේ මොනවද? ඔය ෆොටෝ එකේ තියෙන්නේ එහෙම එකක්ද? අපේ ගවල්වලනං මං දැකල තියෙන්නේ ගොඩක්ම සුදුපාට මල් තියෙනවා බුදු හාමුදුරුවන්ට.. පාට මල් වලට ගන්නේ දාස්පෙති විතරයි .. අනෙක් පාට මල් ලේසියෙන් කඩන්නේ නෑ..
    අනික මොකාද ඔය මලට හෙන්දිරික්ක කියල ගොරහැඩි නමක් දාපු එකා? සෙහ්.. ඒ නමේ කැත.. :)))

    ReplyDelete
    Replies
    1. ගාල්ලේ මනුස්සයෙක් කියන කතා නේ...

      Delete
  6. ෂා මරු අපියත් තිබ්බා ඉස්සර හෙන්දිරික්කා මල් යායක්. මල් කඩන්න බාර උනේ නංගිට. එයා වට්ටිය ලස්සනට හදනවා. දැන්නම් හෙන්දිරික්කා මල් නෑ. ඒත් නංගි ගෙදර ඉන්න දවස් වලට මල් කඩනවා. අනේ මන්දා මට ඔය මල් කඩන ඒක කොයිම විදිහකටවත් කරන්න බැනේ.

    ReplyDelete
    Replies
    1. ඔයා මල් කඩන විදිය මම දන්නෝ

      Delete
  7. "පාට දෙකක අල ගලවා මැදින් බාග කපා තුනී රෙදි පොටකින් ගැටගසා එකට තද කර වැලලූ පසු නැවත එන ගසේ පාට දෙකකින් මල් පිපුණි."
    මේ විස්තරේ නම් අදමයි දැනගත්තේ . ජය වේවා

    ReplyDelete