Saturday, August 19, 2017

68. හීන ඉසව්වක්




ඔබ එක්ක තනිවෙන්න මේ වගේ ඉසව්වක 
හීන කප්පරක් දුටු හිතක් තිබුණා මටත්
එකින් එක පැතු හීන ඉදිරිලා වැටෙන කොට 
අලුත් හීනයක් ඇස් මායිමට යළි ඇවිත් ....

තාම ආසයි ඉතින් මේ වගේ ඉසව්වක 
කාත් කවුරුත් නැතුව තනි වෙන්න මට ඉතින් 
හුදෙකලාවට ඉතින් ළඟ ඉන්න අරන් යමි
කටු අකුරු ගලපන්න පන්හිඳක් කොළ ගොඩක් ......



~~~~~ විසිරි ~~~~

16 comments:

  1. හුදෙකලාව කියන්නේ කලා නිර්මාණ බොහෝ බිහිවෙන්න පුලුවන් වෙලාවක් මටනම්. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් දුමි ...ස්තුතියි ඔබට

      Delete
  2. "ඔබ එක්ක තනිවෙන්න මේ වගේ ඉසව්වක
    හීන කප්පරක් දුටු හිතක් තිබුණා මටත්"
    මටත් තිබුනා ඇය එක්ක තනිවෙන්න එහෙම හිතක් . අවාසනාවක මහත :D

    ReplyDelete
  3. අන්තිම කවියේ ඉතින් වැඩී වගේ

    ReplyDelete
  4. Replies
    1. මේ ඇවිත් ඉන්නේ බක්කරේ

      Delete
    2. @ ඉවාන්...නෑ රෝස්පාන්

      Delete
  5. අපුරුයි
    ඒවැනි ඉසව්වක තනිවෙන්න ඇත්නම්
    ලස්සනයි අක්කා ගෙත්තම

    ReplyDelete
  6. මටත් තිබුනා එහෙම හීනයක්

    ReplyDelete
  7. හීන නම් බොහෝ ඇත

    ReplyDelete
  8. සුමානෙකට විතර කෑම බීම සහ ඉන්ටර්නෙට් පහසුකම් දෙනවනම් මාත් කැමතියි මේ වගේ තැනක නවතින්න.. ඒත් ඉතිං කවි ලියන්න තමයි දන්නේ නැත්තේ..

    ReplyDelete
  9. අළුත් හීනේ මොකක්ද දන්නේ නැහැ. මේ බුකියේ ගිය එකක් නෙමෙයි නේද?

    ReplyDelete