Thursday, October 19, 2017

76. ජිවිතේ සුන්දරද මෙතරම්





ජීවිතේ සුන්දර ද මෙතරම්......
ජීවිතේ කියන්නේ ත්‍යාගයක්....
ඒක ඔබ ඉල්ලාගෙන ආව දෙයක් නොවෙයි..
ඔබට ලැබුණ දෙයක්...
කාගෙන් ද කොහොමද මොකටද නෙවෙයි...
හිතන්න ඒ කිසිත් නොදැන ඔබට තෑග්ගක් ලැබුනම ඔබට හිතෙන්නෙ මොනවද ....
ජීවිතේ ගැනත් එහෙම හිතන්න...
.
.මම වෙලාවකට හෙම්බත් වෙනව...
තියන වැඩ හරියට කලමනාකරනය කරගන්න බැරිඋනාම..
රොබින් ශර්මාගෙ පොතක පේලි ටිකක් කියවල හරි මම ආයෙ ට්‍රැක් එකට එන්න බලනව....
එහෙම නැත්තං චිකන් සුප් ෆෝ ද ලයිෆ් සීරිස් එකේ කතාවක් දෙකක්....
ඒවා සමහර වෙලාවට රෙඩ්බුල් එකක් බිව්වම වගෙ ක්ශ්ණික ව අර හෙම්බත් බවින් ජීවිතේ මුදවනව......
.
.
ජීවිතේ විඩාවෙන් බර වෙලාවට..
මං ඔබට කියනව . .
කියවන්න අන්න එහෙම පොතක්...
නැත්නම් අහන්න සිංදුවක්....
ඒක වික්ටර් ගෙ මිසක් ඉරාජ්ගෙ එකක් නොවෙන්න ඔබ වග බලාගන්න...
ඒ වගේම ..
එහෙම හෙම්බත් වෙලාවට එෆ්බී එන්න එපා...
ඒක ....ගැටලු විසඳාගන්න..හෙම්බත් බවින් මුදවගන්න තැනක් නෙවේ...
.
.ඔබ...ඔබම වන්න....
මම
විසිරි.....

10 comments:

  1. මට ඉරාජ්ව පේන්න බැරි බව ඇත්ත. නමුත් තමන්ගේ රිලැක්ස් එකට අහන්න ඕනේ කාගේ සින්දුවක්ද කියන එක සාපේක්ෂයි. වඩා වැදගත් වෙන්නේ සිත නිවන හෝ සමනය කරන දෙයක් වීමයි.

    රොබින් ශර්මාගේ පොත් තොගයක් අපේ ගෙදරත් තියෙනවා. ඒවා කියෝගෙන යන්න පුළුවන් නම් තමයි

    ReplyDelete
    Replies
    1. ඔව් තම තමන්ට අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්..
      ස්තුතියි ලිඛිතා

      Delete
  2. ජීවිතේ විඩාවෙන් බර වෙලාවට පැය භාගෙක වගේ කෙටි නින්දකින් පස්සේ ඇහැරලා උණු තේ එකක් බිව්වමත් හරි සැහැල්ලුවක් දැනෙනවා.

    ReplyDelete
  3. Replies
    1. මේ ඔහේ කවුද..මම දන්නෙත් නෑ මම අඳුනන්නෙත් නෑ

      Delete
  4. හිත තෙහෙට්ටු උනාම මමනම් කැමතිම තනි වෙන්න

    ReplyDelete
  5. විඩාබර කලබලකාරී කලකිරුණු වෙලාවට ඇස් දෙක පියාගෙන තමන්ගේ මනස කරන අරගලය දිහා බලන් ඉන්න පුළුවන් නම් එකෙන්ම තේරෙයි මේ සියල්ල ඇත්තටම ඇති දේවල් නොව - මනස අපට පෙන්නන දේවල් පමණක් බව! ඇත්තටම ජීවිතයවත් ඒක හා බැඳී සිදුවීම්වත් නෙවෙයි අපව වෙහෙසට පත් කරන්නේ.... අපේ මනසමයි ඒක කරන්නේ!
    හොඳ පොතක් තියෙනවා ඔය ගැන "The Power of Now: A Guide to Spiritual Enlightenment by Eckhart Tolle"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නදීර ඒ ඔත්තුවට..මම බලන්නම් ඒ පොත හොයාගන්න

      Delete