Friday, October 6, 2017
75. සඳුදා ව ....
උදෑසන ඇහැරෙමි
කුදු මහත් කටයුතු නිමවමි
දුම් රියට දිව එමි..
සටනෙන් අසුනකට පැනගමි....
මුහුණු පොත විමසමි
කවි එකිනෙකින් කියවමි
සිනහවක් විසුරමි
සෙනෙහසින් අදහස්ද පවසමි.....
හිස ඔසවා බලමි
වියැලි මුහුණුම විමසමි
හිනාවක් නොදිටිමි
වෙහෙසින් ඉවත හැරුණමි.....
යායට පිපී එන..
නම නොදත් කහ මල් යායක
දම් දියබෙරලියාවක
වල්මත් වූ බත් කූරෙකි ....
ගං දෑල අසබඩ
දියට නැමි එක පඳුරෙක
ලා කොළ කදුරු ගෙඩියක
වසා උන් සමනලෙකි වල්වැද.....
හිනාවක් දවටමි
ජීවිතය සොඳුරු යැයි පවසමි .......
(සතුට ඇත්තේ අතලඟය....ඔබ එය විමසන තුරු නොදකී )
~~~ විසිරි ~~~
Labels:
විසිරි කවි
Subscribe to:
Post Comments (Atom)
Hmmmm
ReplyDeleteස්තුතියි ඔබට
Deleteඅපි නම් සඳුද උදේ දහයටත් නිදි තාම
ReplyDeleteහැදෙන ළමයි නේ
Delete+++++++
ReplyDeleteස්තුතියි ගොඩක්
Delete//සතුට ඇත්තේ අතලඟය....ඔබ එය විමසන තුරු නොදකී// ඒකනම් පට්ට
ReplyDeleteබොහෝ දෙනෙක් නොදත් දේ
Deleteහිනා වෙන්න හිනා වෙන්න එතකොට (තව) තර වෙන්නේ.. හැක් .. මං නං සතුටට වැඩිකමට තමයි බුම්මං ඉන්නේ..
ReplyDeleteඅන්නේකයි
Delete