පසුගිය වකවානුවේ තරුණ ගැහැණු සහ පිරිමි දරුවන් කිහිප දෙනෙක්ගේම කතා වලට සවන් දෙන්නියක් වූ මට මෙන්න මේ කාරණය ගැන යළිත් ලියන්නට සිතුණේ....අදටත් වැදගත් වේ යයි සිතුණ නිසා.....
තාරුණ්‍යය කියන්නේ හැඟීම් වලින් පරිපූරණ වයසක් බව ඇත්ත. ඒ වයස පහු කරන් ආව කෙනෙක් සහ යොවුන් වියේ පුතුන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ....ඒ වගෙම යොවුන් වියේ දරු කැලකට උගන්වන ආචාර්‍ය වරියක් විදියට ....ඒ හැඟීම් වල උණුසුම සහ ආවේගාත්මක බව මම හොඳින් අඳුනනවා...
ඉදින්....මේ සටහන ඔබටයි....
ජීවිතයේ අපි හුදෙකලා වූවන් නොවෙන්නේ අප වටා තියන සමාජීය වපසරියෙ තරමට.නිවසින් පටන් ගන්නා ඒ සමාජීය සීමාව...එතනින් එහාට තමන්ගේ ජීවිතය ට එක්කාසු වෙන විවිධාකාර අය එක්ක ප්‍රමාණයෙන් වැඩිවෙනවා....
ඉදින්....ඒ අපේ පවුලේ අය..සමීපතමයන්...පසු කාලීනව අපේ ජීවිත වලට එක්කාසු වෙන පෙම්වතිය හෝ පෙම්වතා ,යාලුමිත්‍රයන්....රැකියා ස්ථානයේ සාමාජිකයන්...ඔන්න ඔය වගේ අයගේ විවිධාකාර හැසිරීම් සහ ප්‍රතිචාරයන් එක්ක ඔබටත් ඔබේ ජීවිතයේ සමහර දවසක " ඇයි මට එයාලා මෙහෙම කලේ ..." කියන ප්‍රශ්නය ඇවිල්ලා ඇති....
ජීවිතේ ඔන්න ඔය ප්‍රශ්නය එක්වරක් හෝ නොපැමිණි අයෙක් වේ නම් ....ඒක අසාමාන්‍ය සිදුවීමක්....ඉදින් ඒ ගැටලුව ගැන විශ්ලේෂණයක් අපි කරන්න ගියොත් ...ඒක මගේ සටහනේ අරමුණෙන් ඈතට යන එකක් වෙනව.....ඒ නිසා එහෙම හිතෙන මොහොතක අන්න ඊට පස්සෙ ඔබ කල යුතුම දේ ගැනයි මම ලියන්නෙ
අපි මනුස්සයන් විදියට ආදරය, දයාව,කරුණාව,සැලකිල්ල වැනි දේට හරිම ලෝබයි..ඒක සාමාන්‍ය මිනිස් අවශ්‍යතාවයක්.ඉතින් ලැබෙද්දී එයට ආසක්‍ත වීම වගේම නොලැබෙන කොට ඉන් කඩා වැටීම සාමාන්‍යයෙන් අපිට සිදුවෙන දෙයක්....
මෙන්න මේ තැනට එන තරුණ වියේ දරුවන්ට විශේෂයෙන්ම වෙන නරකම දේ තමා අනුන් අතින් තමා අත් හැරෙන වේගයට වඩා වැඩි වේගයකින් තමා අතින් තමා අත් හැරීයාම.බොහොමයක් වෙලාවට බරපතලම වෙන්නෙ තමන් අතින් තමා අත හැරීම...
මේ තැනට ආව හුඟක් දූපුතුන් ට මම කිව්ව ප්‍රධානම කාරණය වෙන්නේ ...තමන්ට මූලිකත්වය දෙන්න කියන එක....
අවධාරණයෙන් ..ලියන්න අවැසි එක් කාරණයක් තියනවා....මම උපදේශණය (counselling ) කරන අයෙක් නොවෙයි....ඇහුම් කන් දෙන්නියක් සහ තවත් මනසක් තේරුම් ගත හැකි පුලුල් සිතක් ඇති කෙනෙක් පමණයි..
අනුන් අතින් වෙන නොසැලකිල්ල සහ අනවධානය කියන කාරණා වගේම ප්‍රතික්ෂේප වීම් වලදීත් ඔබ ඔබෙනුත් ඈත් වෙනවා නම් ඔබ විසින්ම ඔබ නොසලකා හරිනවා නම් එතැනදී....පළවෙනි ගැටලුවට අමතරව ඔබ දෙවනි බරපතල ගැටලුවකුත් ඇති කරගන්න පටන් ගෙන.....
.
ඉතින් ඇයි මේ සියලු නොසැලකීම්, බිඳ වැටීම් සහ ප්‍රතික්ෂේප වීම් හමුවේ ඔබ ...ඔබට වඩ වඩා නොබැඳෙන්නෙ...ඔබට ආදරය නොකරන්නෙ...ඔබට වටිනාකමක් නොදෙන්නෙ.....
.
මොහොතකට හෝ ඔබ අන්න ඒ දේ සිතලා තියද....?
තමන් තමා හට ආදරය කිරීම කියන කාරණය බොහෝ ගැටලුවලට අපූරු විසඳුමක් බව මොහොතකටවත් ඔබට සිතිලා තියද...?
ඉතින් ...එහෙනම් අපි ඒ ගැන ඊළඟ සටහනෙන් කතා කරමු.....
එතෙක් මඳක් සිතන්න....
ඔබ කියන කෙනා...ඔබටම කෙතරම් අගනේද....? වටිනවාද ...? යන බව......
No comments:
Post a Comment