Sunday, March 3, 2024

තෑග්ග





සතුටු කතන්දර කිහිපයක්ම ලියන්න අතමානයේ තියෙද්දිත් අද අහම්බෙන් සිදුවුණ පොඩි කතාවක් ලියන්න හිතුණා.

දිවා ආහාරයෙන් පස්සෙ ආපහු සැරයක් පේෂන්ට්ස්ලා බලන්න වාට්ටුවට රවුමක් ගිහින් එනවා මම.සමහර අයව දවසට දෙපාරක් බලන්න ඕනෙ නිසා.

ඉතින් ඔහොම යන වෙලාවක එක ආච්චි අම්මෙක් මට අතවනලා කතාකරනවා.එයාට අපි මාරි කියමුකො.සාමාන්‍යයෙන් මාරි කියන්නෙ ටිකක් කේන්තිගන්නට බර එක්කෙනෙක්.ප්‍රතිකාර කටයුතු වලදි බෑ කියාගත්තු ගමන් ඉන්න එක්කෙනෙක්.බොහොම යාප්පුවෙන් ඇවිටිලි කරලා තමයි ව්‍යායාම වලට එක්කන් යන්න ඕනෙ.

ඉතින් ඒ කම්මැලි කම කොහොම වුණත් උදේට දැක්ක ගමන් "හායි කිත්මා..How are you today?" කියලා නම් මුලු වාට්ටුවට ඇහෙන්නම කෑගහන්න එයාට පුළුවන්.

ඉතින් හවස් යාමේ වාට්ටුව හරහා යන වෙලාවේ "Hey kithma ...come here darling.I have something to give you.."

කියලා ඔන්න කිව්වා.මම ඉතින් එයා ලඟට ගියේ මොකක්ද මේ දෙන්න යන්නෙ කියලා බලන්න.එයාගේ අතේ තිබුණේ හැමදාම උදේට වාට්ටුවේ පේෂන්ට්ස්ලාට දෙන්න දිනපතා පුවත්පත...ඒක මෙට්‍රෝ කියල එකක්.

"This is a gift to you from me.."

පත්තරේ මගෙ අතේ තියලා මාරි එහෙම කියනවා.පත්තරයක් උනත් එයා ඒක තෑග්ගක් කියලනෙ දුන්නේ.මම එයාට ගොඩාක් ස්තුතියි කියල පත්තරේ අරගත්තා.

"ඇයි ඔයා ඕක ඉතින් බලන්නෙ නැද්ද?"

එයා මගෙන් අහනවා.මම ඒකත් අරන් ආපහු යන්න හැදුවා විතරයි.ඉතින් හිත නරක් කරන්නෙ කොහොමද ?මම එතනම ඉඳන් පත්තරයෙ පිටු පෙරලුවා.මාරි මගෙ දිහා ඇස් පිල්ලන් නොගහ බලන් ඉන්නවා.එයාගේ මූණෙ පොඩි දඟ හිනාවකුත් තියනවා වගේ.

ඔහ්....දෙයියනේ....මට ඇත්තෙන්ම හිනාවක්  ආවා ඊලඟ පිටුව එක්ක....

"අනේ ඔයාට ගොඩාක් ස්තුතියි මාරි....this mean so much to me.."

මම කිව්වා...

"ඒක දැක්ක ගමන් මට ඔයාව මතක් උනා.මම දන්නව ඔයා ඒක දැක්ක ගමන් ආස වෙන බව..."

එයා කියනවා....

ඉතින් ඒ තෑග්ගෙ පින්තූරයක් මේ එක්ක මම අමුණනවා.මීට වඩා සතුටක් වෙන කොයින්ද ඉතින්...ඒක මාරිට දැනුණ එක මට ඊට වඩා සතුටක්....


ආයේ එන්නම්.


මම 

විසිරි සිහින

11 comments:

  1. හොඳ හිත ඇතිව දෙනවා නං ළූණු බිකක්
    ඒක තෑග්ගක්- වටිනා මහාමෙරක්!

    ReplyDelete
  2. මොන තත්ත්වයක තිබුණත් උපන් රට ගැන අගය කිරීමක් දකින කොට සතුටුයි තමා.

    ReplyDelete
  3. පිටරටක ඉන්න ගමං එහෙම එකක් දකිනකොට මාර කික් එකක් එනව ඇති නේ.. ☺️☺️☺️❤

    ReplyDelete
  4. Replies
    1. පත්තරේ බලහන් 😀

      Delete
    2. පත්තරේ බැලුවට තේරුන්නෑ, මොකද මම කියෙව්වෙ විසිරි ලංකාවෙ ඉන්නවා කියලා හිතාගෙන...කමෙන්ට්ස් බලලා තමා පස්සෙ ගොඩ දා ගත්තෙ.. :)

      Delete
  5. ඔය වගේ දෙයක් මටත් මගේ බොසා කලා...හැබැයි පත්තරයක් නෙමේ..එයා බලපු ටීවී වැඩසටහනක් ගැන...

    පසුගිය පුස්තකාල සටහනට අදාලා මගේ අත්දැකීම මම ලිව්වා....

    ReplyDelete
    Replies
    1. මේක ගැනත් ලියන්න.
      අර පෝස්ට් එක කියවලා එන්නම්

      Delete