Thursday, March 21, 2024

මාවතක පා නගන තවත් එක සැඳෑවක



අඳුර හොරැහින් එබී ඉඟිමරන ඉසව්වක

අර ඈත අහස මට අතවනයි ඉගිලෙන්න

පත් වැරූ තුරු හිස්ද සුසුම් ලන දනව්වක

ඉතින් නෙතු නොපියාම හැකියි මට සැනසෙන්න.....


රන් රෝස පින්සලක් නිල් අහසෙ ඇඳෙන කොට

හුදෙකලා පාළු හිත නිවී යයි තරමකට

මාවතක පා නගන තවත් එක සැඳෑවක

කවියකට සිත් ඉමෙහි ඉඩ තියෙයි ඉබේටම.....

3 comments:

  1. නිශ්චල සැඳෑ සමය සිත නිවන දසුනක් තමයි. ඒ හැඟීම හොඳන් ගොඩනැ/ිලා තියන බව පේනවා.

    ReplyDelete
  2. හරිම ලස්සනයි නිර්මාණය අක්කේ.
    ජයවේවා !!!

    ReplyDelete