Saturday, March 16, 2024

වියපත් නොවන හදවත්

 වියපත් නොවන හදවත්




අපේ රිහැබිලිටේශන් ප්‍රෝග්‍රෑම් එකේ කණ්ඩායම් ක්‍රියාකාරකම් හුඟක් තියනවා.රිහැබ් ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් සති හයක් අටක් අතර අපිත් එක්ක ගතකරන වෛද්‍ය පුනරුත්ථාපන වැඩසටහනේදි එයාලා සාමාන්‍ය ජීවිතයට ආපහු අනුගත කරන්න  තමයි ඒ කණ්ඩායම් ක්‍රියාකාරකම් සැකසිලා තියෙන්නෙ.

සමහර අය කෙලින්ම මේ වැඩසටහන් ප්‍රතික්ෂේප කරනවා.

I am not a very social person

ඔන්න ඕක තමයි නිදහසට කාරණය විදියට එහෙම කට්ටි පනින අය දෙන්නෙ.එහෙම වෙලාවට වරකට දෙකකට වඩා එයාලට බල කරන්න අපට බෑ.ඒක ශේප් එකේ යාප්පුවෙන් මිසක බලෙන් ප්‍රතිකාර වලට ගන්න අපට අයිතිය නෑ.

ඉතින් ඒ අතරෙ ඉන්නවා බොහොම කැමැත්තෙන් කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට එන අයත්.දවල් එකොලහට පටන් ගන්න phyical exercises වැඩ සටහන සකස් වෙන්නෙ එයාලාට රිද්මයානුකූලව ව්‍යායාම් ටිකක් කරවන්න.ලොකුම ලොකු තිරයක සංගීතයක් එක්වෙද්දි වාට්ටු වලින් එක එක්කෙනා day room එකට එනවා.සමහරු ඇවිද්දවගෙන, තවත් අය රෝද පුටුවෙ....එයාලා ට ඉඳගන්න පුටු රවුමට තියල තියනවා 

ලොකු වීදුරු ජනේල වලින් අව්ව පෙරිලා එනවා.එහා පැත්තෙ පුංචි කැලෑ රොදක රොබින් කුරුල්ලො අතුවලින් එහෙට මෙහෙට පැන පැන සිංදු කියනවා.day room එකේ බිත්ති වල වාට්ටුවල නම් වලට අදාල මල් වල පින්තූර.තව කොණක පුංචි පොත් රාක්කයක්...එතකොට ව්‍යායාම කරල ඉවර වුණාම සමූහයක් ලෙසට එකතු වෙන පොඩි games ටිකකුත් අපේ ගාව තියනවා.

තවම හිටගන්න බැරිඋනත් පුටුවෙ වාඩිවෙලා ඉන්න අතරෙත් වාදනය වන හැට හැත්තෑවේ දශක වල ඉංග්‍රිසි සිංදුවලට නටන ඉලක්කමින් වයසට ගියත් හදවතින් තරුණ ටික දෙනෙක් මං ඉස්සරහ තාලෙට පැද්දෙනවා.එයාලා අල්ලන් ඉන්න වෝකර්ස් වල උඩ තියන් ඉන්න අත්වල ලස්සනට කියුටෙක්ස් එහෙම ගාලා මුදු දාල හැඩට එයාල ඉන්නෙ.

එයාලාගෙ තවත් එක කණ්ඩායම් ක්‍රියාකාරකමක් තමයි අපේ breakfast group එක.දවසකට හය දෙනෙක් ...හැමෝම බෙදිලා යන ආකාරයට කාලසටහනට වැටෙනවා.ඉතින් උදේ අටහමාරට එයාලා අපි එක්ක අපේ model kitchen එකට එනවා.මුල් දවස්වල තේ එක හදාගන්න අපි උදව් වෙන්න ඕනෙ.සමහර අයට පොඩි කෙට්ල් එකෙන් වතුර වක්කරගන්නවත් බෑ...පාන් පෙත්තක බටර් ගාගන්න බෑ ....නමුත් එයාලා ටික ටික තමන්ගේ සරල කෑම වේලක් හදාගන්න අපි එක්ක හුරු වෙනවා.ඉන් පස්සෙ ඒ හයදෙනා රවුම් කෑම මේසෙට වාඩිවෙලා කතාකර කර කෑම කනවා.මේක පිටින් බැලුවාම සරල එකක් උනාට ඇත්තෙන්ම පහසු නෑ.නමුත් මේ හැම කෙනෙක්ම ස්වාධීන වෙන්න කැමති නිසා මේ ක්‍රියාකාරකම් වලට එකතුවෙනවා.

අවුරුදු අසූව අනූව වෙද්දිත් තමන් ගෙ වැඩ තමන් කරගන්න ඕන...ළමයින්ට කරදරයක් වෙන්න බෑ කියල හිතන ආච්චි අම්මලා තමා ගැහැණු වාට්ටු තියන තට්ටුවේ වැඩියෙන්ම ඉන්නෙ.ඒ අය එක්ක ගතකරන කාලය ඇත්තෙන්ම හිත සතුටින් පුරවලා දෙනවා.

වයසට ගියත් ක්‍රියාකාරී වෙන්න...සතුටින් ඉන්න...එයාලා මටත් උගන්වනවා....

8 comments:

  1. දීර්ඝායුෂ ලැබීම සතුටට කාරණයක් ද දුකට හේතුවක් ද කියලා හිතුනා.

    ReplyDelete
  2. වැඩි මහළු මිනිසුන් වෙනුවෙන් දක්වන කරුණාව මිළ කල නොහැක!
    එසේම එය සම කල හැකි යමක්ද නොමැත!
    ඔවුන් සතුටට පත් කිරීම වෙනුවෙන් තම තරුණ දිවිය ගෙවන මිනිසුන් ගැහැනුන් උපයන්නේ මුදල්ම පමණක් නොවේ!
    එය අගැයෙනවා හොඳටම මදිය!

    ReplyDelete
  3. අපේ අල්ලපු ගෙදර හිටිය අවුරුදු 90 ක ආච්චියෙක් තනියම

    ReplyDelete
  4. හ්ම්! ඔව්. තමුන්ට නොහැකි, බැරි පැත්ත ගැන තකන්නෙ නැතුව... හැකි දේ කරමින් සමාජීය යහපත් ජීවිතයක් කොහෙ හෝ හිට ගතකරන එකත් සතුටු වෙන්න කාරණාවක් තමා!

    ReplyDelete