Thursday, December 1, 2016

11.පෙම්වතී මම නොවෙද අතරමග අත හැරුණ (කවි)



රසින් රස මසවුළක ඔතා සෙනෙහස පිදුව
ජීවිතය බෝ කටුක දිනක සිට ලඟ සිටින
ඇඹෙණියක..යෙහෙළියක ..මවක වී නිති රැඳෙන
පෙම්වතී මම නොවෙද අතරමග අත හැරුණ



දුවන ගමනක අතින් අත මිදි ගොස් තිබෙන
අපි අපේ නමුදු හිත් බොහෝ දුරකට ගොසින
ඉඳහිටක කතාබහ අතීතේ සිහි කරන
දුක මිසක් කෝ සතුටු සිනාවක් මුව දරන


කෝල බැල්මක් හෙලූ කාලයක් මතක නැති
ජීවිතේ වෙහෙස විඳ විඩා බර දරා ඇති
ඉස්සරම මතක පොත අත හැරුණ තැනක් වෙති
ආයෙමත් ගිහින් ඒ තැන සොයාගනිමු අපි



2016 / 12 / 01

2 comments: