එකින් එක නියොන් එළි දැල්වෙන්න අරගත්තු
උයන් බිම අද්දරින් නැවතෙමි මොහොතකට
ඇස් ගැටෙන හැම සොඳුරු දැක්මකට ලොබ නොවී
බලා ඉමි හිතේ සුසුමක් හෙමින් මුදා හැර
උයන් බිම අද්දරින් නැවතෙමි මොහොතකට
ඇස් ගැටෙන හැම සොඳුරු දැක්මකට ලොබ නොවී
බලා ඉමි හිතේ සුසුමක් හෙමින් මුදා හැර
උනුන් තුරුළේ වෙලෙන පෙම්වත්තු සෙනෙහසින්
තුරු අසල බංකුවල මිදෙන්නට බැරි ලොබින්
ආදරේ හිත පිරෙන සුසුමකට මුවා කර
නෙතු පියමි සිනහවක් මුව අගට ගෙන හෙමින්
තුරු අසල බංකුවල මිදෙන්නට බැරි ලොබින්
ආදරේ හිත පිරෙන සුසුමකට මුවා කර
නෙතු පියමි සිනහවක් මුව අගට ගෙන හෙමින්
සැඳෑවට උයන් බිම දඟ කරන පොඩිත්තන්
නෙතු යොමා බලා ඇති උන්වෙතම මාපියන්
තනිකමක් හිත පිරෙයි ඇවිද යනු නොරිසියෙන්
මා අයිති කොතැනටද අසමි නිහඬව මගෙන්
නෙතු යොමා බලා ඇති උන්වෙතම මාපියන්
තනිකමක් හිත පිරෙයි ඇවිද යනු නොරිසියෙන්
මා අයිති කොතැනටද අසමි නිහඬව මගෙන්
අඳුර ගලනට කලින් හිත පිරෙයි දොම්නසක
පලායන්නට නොරිසි බව දැනෙයි මේ හිතට
කවියක්ව අකුරු වන හැඟුම් අහුරක් රැගෙන
නිවාගමි මේ දැනෙන මහ කටුක තනිකමද
පලායන්නට නොරිසි බව දැනෙයි මේ හිතට
කවියක්ව අකුරු වන හැඟුම් අහුරක් රැගෙන
නිවාගමි මේ දැනෙන මහ කටුක තනිකමද
/සැඳෑවට උයන් බිම දඟ කරන පොඩිත්තන්
ReplyDeleteනෙතු යොමා බලා ඇති උන්වෙතම මාපියන්
තනිකමක් හිත පිරෙයි ඇවිද යනු නොරිසියෙන්
මා අයිති කොතැනටද අසමි නිහඬව මගෙන්// ලස්සනයි
බොහොම ස්තුතියි ඔබට...සින්ඩියට එක් කරන්නට ඉල්ලීමක් කල හැකිද මට
Deletehttp://nelumyaya.com/?p=7172
Deleteකළබල පුරවරය මැද, උයන කොණක හුදකලාවූ කවි සිත....අපුරුයි ...බොහෝ...!
ReplyDeleteස්තුතියි අනුර අයියා
Deleteහරිම සුන්දර කවි පෙළක්....
ReplyDelete//මා අයිති කොතනටද//
මටත් ඔහොම හිතෙනවා...අලුත් අවුරුද්දේ වැඩි වැඩියෙන් ඔබේ අකුරු දකින්නට බලාපොරොත්තු වෙනවා.
ඇත්තෙන්ම ලියන්නට බලාපොරොත්තු වෙනවා . ස්තුතියි ඔබට
Delete