ඉස්සර දවසක ලියූ කවක්...අද ආයෙම සිහිවුණා...
මේක යලි අවදිවෙන නිමිත්ත වුණේ...වැඩ ඇරිලා එද්දි ඊයේ දුටු...වියපත් අම්මෙක්...රජයේ කාර්‍යාලයක ලිපිනය අහන්න නැවතුනාම..
මේ... කවිය බොහෝ දිගයි..නමුත් කෙටි කරන්නට අමාරුයි ...
ආණ්ඩුවේ කන්තෝරුවෙ මැතිඳුන්ට
ලියමන් අරන් ආවයි ගම් ඉමේ සිට
වසරක් එහා මියැදුණ හිමියන් නමට
කරදහි මදි කමින් පැන්සොන් නැති හෙයින...
කොලොම් තොටට ආවේ මුල් වතාවට
ගනිච්චියක් නෑ යන එන කලාවට
අහන් ආමි මං සලකුණු පමාවට
අනේ මහතුනේ නොසරුප් නොවෙන් මට...
මාවත් දිගට කහ ඉරි නම් එමට ඇති
පනිනා කෙනෙක් කිසි විටෙකත් දුටුවෙ නැති
රතු එළි තියෙද්දිත් පාරේ පැන දුවතී
නොසරුප් කතාවෙන් බැන රිය සක ඇදෙතී...
හඬවනු නොයුතු තැන් වල රිය හඬම දෙති
මල පොත නොදත් මුත් සලකුණු මට ඇහැකි
අම්මෙක් කියා නොහිතා ගොර බස් දොඩති
මෙහෙව් රටක අගනගරය මෙහෙම වෙති....
කන්තෝරුවේ මහතුන් ලිපි කඳු උඩය
පෑගෙන අපේ දාබිඳු හෙම පිළිකුල් ය
සුන්දර ලඳුන් ඉඟිබිඟි පානා සැරය
මගෙ ලියුමට ඉතින් මේසේ ඉඩමදිය...
කහට කෝප්පය බනිසක් පොඟා කන
මා දෙස බැලූ නෙත් දහසක් කතා වුණ
කළ යුතු වැඩේ ගැන හරියට පමා වෙන
අරුමය නොසැලකූ එකමයි විනේ මට...
අන්තිම බසේ අල්ලන්නට යායුතුය
ලියුමේ අත්සනට පැය කාලක් මඳිය
ඊලඟ සතියෙ එන්නට අතමිට මඳිය
ඊටත් මගමරුන් ඇති මග මට බැරිය...
වැදෙනා හුලඟ හිස කරකරනා සුලුය
ගම්මැද ගහ කොලක සිහිලස කිසිත් නැත
පණ රැක ගන්න දෙවියන් බුදුනගෙ නමට
ආවෙමි යළි කොලඹ පස් පාගන්නේ නැතිය....
ලියමන් අරන් ආවයි ගම් ඉමේ සිට
වසරක් එහා මියැදුණ හිමියන් නමට
කරදහි මදි කමින් පැන්සොන් නැති හෙයින...
කොලොම් තොටට ආවේ මුල් වතාවට
ගනිච්චියක් නෑ යන එන කලාවට
අහන් ආමි මං සලකුණු පමාවට
අනේ මහතුනේ නොසරුප් නොවෙන් මට...
මාවත් දිගට කහ ඉරි නම් එමට ඇති
පනිනා කෙනෙක් කිසි විටෙකත් දුටුවෙ නැති
රතු එළි තියෙද්දිත් පාරේ පැන දුවතී
නොසරුප් කතාවෙන් බැන රිය සක ඇදෙතී...
හඬවනු නොයුතු තැන් වල රිය හඬම දෙති
මල පොත නොදත් මුත් සලකුණු මට ඇහැකි
අම්මෙක් කියා නොහිතා ගොර බස් දොඩති
මෙහෙව් රටක අගනගරය මෙහෙම වෙති....
කන්තෝරුවේ මහතුන් ලිපි කඳු උඩය
පෑගෙන අපේ දාබිඳු හෙම පිළිකුල් ය
සුන්දර ලඳුන් ඉඟිබිඟි පානා සැරය
මගෙ ලියුමට ඉතින් මේසේ ඉඩමදිය...
කහට කෝප්පය බනිසක් පොඟා කන
මා දෙස බැලූ නෙත් දහසක් කතා වුණ
කළ යුතු වැඩේ ගැන හරියට පමා වෙන
අරුමය නොසැලකූ එකමයි විනේ මට...
අන්තිම බසේ අල්ලන්නට යායුතුය
ලියුමේ අත්සනට පැය කාලක් මඳිය
ඊලඟ සතියෙ එන්නට අතමිට මඳිය
ඊටත් මගමරුන් ඇති මග මට බැරිය...
වැදෙනා හුලඟ හිස කරකරනා සුලුය
ගම්මැද ගහ කොලක සිහිලස කිසිත් නැත
පණ රැක ගන්න දෙවියන් බුදුනගෙ නමට
ආවෙමි යළි කොලඹ පස් පාගන්නේ නැතිය....
//////මගෙ ලියුමට ඉතින් මේසේ ඉඩමදිය.../////////
ReplyDeleteතාමත් මේ වගේද....ඉස්සරට වඩා හොඳ ඇතැයි සිතමි. මේ වගේ සිද්ධීන් මතක් වෙනකොටත් මහා බරක් දැනෙනවා. ලෝක දෙකක්.
තාමත් බොහොමයක් තැන් මෙහෙම තමයි.....
Deleteසුභ පැතුම් විසිරි සිහින
ReplyDeleteස්තුතියි
Delete