අංශභාගය සැදුන කෙනෙකුට මුලිකවම කල යුතු දේ..
මතක තබා ගැනීමේ පහසුව තකා අපි මේ ප්රතිකාර කොටස් වලට වෙන් කරලා කතා කරමු..
1. රෝගය සැදුන මුල්ම අවධියේදී....
මේ අංශභාගය සැදිලා ගතවන මුල්ම කාලය..මේ අවධිය මුලිකවම ගත වෙනේ රෝහලේ වෙන්න පුළුවන්..ඒ වගේම ගෙදර තියාගෙන ඉන්න අයත් ඇති...
මේ අවධියේදී බොහෝවිට අත් සහ පාද වල ක්රියාකාරීත්වය ඇත්තෙම නැහැ...ප්රධාන වශයෙන්ම සිදු වන්නේ ...අප්රාණික පැත්ත නොසලකා හැරීමයි...මෙහෙම වන්නේ..ඒ අංශයෙන් මොලයට යන සංවේදන නිසි ආකාරව නොලැබෙන නිසා..ඒ වගේම මොලයෙන් අවයව පාලනය සඳහා දෙන පණිවුඩත් හරියාකාරව ලැබෙන්නේ නැහැ...
මම මුලින් පොස්ටුවේ කී පරිදි ..නිවැසියන් සියලුම දෙනා වගේම වෛද්‍ය කාර්ය මණ්ඩලය පවා දැනුවත් විය යුතු දෙයක් තමයි..මෙවන් රෝගීන්ට අදාළ පැත්තෙන් සංවේදන ලැබෙන පරිදි...කටයුතු කිරීම..
මෙය කල හැකි විවිධ විධි තියනවා...
1. කාමරය මේ අවශ්යතාවයට අනුව සැකසීම..
රුපවාහිනිය , ජනේලය , ලොකරය...ආදිය රෝගියාගේ සංවේදන අඩු පැත්තෙන් තැබීම...
2. හැම විටම රෝගියා වෙත ලඟා වන විට හා..කතා කරන විට..රෝගියා ගේ අප්රාණික පසින් ලං වී කතා කිරීම..
මේවා ඒ තරම් අමාරු ඒවා වත් ..තේරුම් ගත නොහැකි ඒවා වත් නෙවෙයි..නමුත්..නිවැසියන්.මේ සම්බන්ධ ව දැනුවත් කරවීම ..වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් වෙනවා ද කියා නම් සැකයි..
මේ ප්රතිකාර වලට අමතරව..චිකිත්සක ප්රතිකාර කල යුතු වෙනවා...
රෝගියා ගේ අප්රාණික අංශය..සමහර විට කිසිදු චලනයක් නොමැතිව...බුරුල් එල්ලා හැලෙන ස්වරුපයෙන් තිබීමට ඇති ඉඩ කඩ වැඩියි..මේ අවස්ථාවේ සිටම ප්රතිකාර නොකළ හොත් වෙන්නේ..සන්ධි තද වීම්..සමහර සන්ධි..( උරහිස් සන්ධිය)..පැනීමට පවා පුළුවන්..
ඒ නිසා..භෞත චිකිත්සාව සහ වෘත්තීය චිකිත්සාව මෙහිදී ඉතා වැදගත් වෙනවා..
සරලම බසින් කිව්වොත් ව්යායාම කල යුතු වෙනවා...
මුලදී...අන් කෙනෙකුගේ සහයෙන් කරනු ලබන මේ ක්රියාකාරකම් සහ ව්යායාම..පසුව රෝගියා විසින් තනිවම කල යුතු වෙනවා..
මෙහිදී..රෝගියෙකුට වඩා වැදගත් වෙන්නේ..තමන්ගේ අනිත් පස අංශයයි..ඒ අංශය ක්රියාකාරී නිසා...එයින් ලැබෙන සහය ඉතා වැදගත්...
ලෝකයේ ම පිළිගත් mirror therapy කියන සංකල්පය මේ මුලික අවස්ථාවේදී වැදගත් වෙනවා
තෙල් ගෑම සහ තැවීම ගැන ..මට කතා කරන්නට බැහැ...
මොකද ඒ මගේ ප්රතිකාර ක්රමය නොවන නිසා...
නොදන්නා දෙයක් ගැන කීමට හෝ විවේචනය කිරීමට හෝ ..මට බැහැ..
නමුත්..මේ දෙකෙහි යම් යම්..පරස්පර විරෝධී අදහස් ඇති නිසා...මම දෙන උපදෙස නම්..කරන ඕනෑම ප්රතිකාර ක්රමයක් අනික සමග පටලවා නොගන්නා ලෙසයි..
ඒ කියන්නේ..සිංහල වෙදකම් කරන විට..මේ මා කියන ප්‍රතිකාරද ඒ සමග කිරීම ඒ තරම් වැඩකට ඇතැයි කියා මා නම් සිතන්නේ නැහැ..
පසු කාලීනව..මා ඉහත සඳහන් කරන ලද රෝගීන්..ගේ සන්ධි සහ මාංශ පේශි ආශ්රිතව..යම් යම්..තද වීම් ඇති වෙන්න පුළුවන්..
මෙය ප්රතිකාර පටන් ගත්ත කාලය අනුව..ඇති වීමට හෝ නොමැති වීමට පුළුවන්..
ඒ කියන්නේ..කාලයක් ව්යායාම් නොකර ඉඳලා එන කෙනෙක් ගත්තම ඔවුන් ගේ අත් සහ පා වල තද ගතියක් දකින්න පුළුවන්...
වෘත්තීය චිකිත්සාව යටතේ මෙය වලක් වන්න අපි පතුරු ආධාරක..(splints) හදනවා..
මේ මගින් අත් වල නිවැරදි ඉරියව් පවත් වාගත හැකි වනවා මෙන්ම ...තව දුරටත් තද වීම වලක්වනු ලබනවා....
කථනය පිලිබන්ධ ගැටළු ද විවිධාකාරයි..සමහර අයට..කියන දෙය මොළයෙන් තේරුම් නොගන්න අතර...තවත් සමහර අයගේ..කථනය කියන දේ ගැටළු සහිත වෙනවා...
සමහර අය කතා කලත්..පැටලිලි සහිතයි..
මෙයට විශේෂ ප්රතිකාර කථන හා භාෂා චිකිත්සාවෙන් ලබා ගත හැකියි..
සමහර අයගේ මතකය..(memory)....දැනුම හා අවබෝධය ..(cognition)... ලෝකය හා සංවේදන ග්රහණය කිරීමේ හැකියාව..(perception) ආදියත් දුර්වල වෙනවා...
මෙය ප්රධාන ලෙසම වෙන්නේ...ශරීරයේ දකුණු පස පණ නැති වෙන අයගේ...
මොළය බෙදී ඇති අන්දම වෙනස්...
මේ බලන්නකෝ..
මොලයේ දකුණ සහ වම විවිධ ක්රියා පාලනය කරන්නේ මෙන්න මේ අනුවයි...ඉතින් ගැටළු තියන තත්වය අනුව තමයි ප්රතිකාර තීරණ වෙනස් වන්නේ...
අත් පා වලට ප්රතිකාර කිරීම පමණක් මදි වෙන්නේ ඇයි කියලා දැන් වැටහෙනවා නේද..?
මතකය සහ අවබෝධය වගේ දේවල් වල ගැටළු ඇති වුනාම...වෘත්තීය චිකිත්සක නිලධාරීන් ඒවාට ප්රතිකාර කරනවා..
මේ සඳහා..ලෝකයේම පිළිගත් විවිධ ප්රතිකාර කට්ටල මේ රටේ වෘත්තීය චිකිත්සක නිලධාරීන් ද භාවිතා කරනවා..LOTCA කියන්නේ එයින් එකක්...මේ මගින් අවබෝධය සමග ඇති වන ගැටළු සොයාගෙන ප්රතිකාර කරනු ලබනවා..
මෙයින් කෙරෙන සමහර ප්රතිකාරාත්මක ක්රියාකාරකම් පහත රුප වලින් පෙන්වන්නේ..
.
කුමන හෝ වේවා...ආබාධයකට ලක් වන කෙනෙකු
කාටවත් බරක් නොවී තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් නම් ඒත් ඇති කියන මතයේ තමයි..අපි හැමෝම ඉන්නේ..
ඉතින් අංශභාග තත්වය ට පත් වෙන අයවත් මේ වගේ ස්වාධීනව තමන්ගේ වැඩ කරගන්න පුහුණුවක් අපි ලබාදෙනවා...
අතේ ක්රියාකාරීත්වය හොඳට ආවොත්..ඒක ලේසියි..නමුත් බොහෝ දෙනෙකුගේ මේ තත්වය ටිකක් ප්රමාදයි..එවිට අපිට සිදු වෙනවා...එක අතකින් වැඩ කරගන්න පුහුණු කරවන්නට..ඒ කියන්නේ අසනීපය වැළදුණු අත භාවිත කරන්නට බැරි නම් අනිත් අතින් වැඩ කරගන්න...
මේක ඒ තරම් ලේසි නැහැ
නමුත් අවශ්යතාවය තියේ නම් බැරිත් නැහැ...
සමහරක් විට අපිට සාමාන්‍ය තත්ත්ව යටතේ රෝගීන්ට මෙහෙම පුහුණු කරවීම් බැරි වෙන්නට පුළුවන්..එවිට විශේෂ ලෙස විකරණය කරන ලද උපකරණ භාවිත කරන්නට සිදු වෙනවා..
මේවාට කියන්නේ adaptation කියලා...
අංශභාගය සැදුන ඕනෑම කෙනෙකුව ඇවිද්දවන්නට බැරි වෙන්නට පුළුවන්..එවිට විශේෂ ආධාරක මත හෝ ඔවුන් ට චලනය සඳහා උදව් වෙන්නට භෞත චිකිත්සක නිලධාරීන් පුහුණු කරනවා..
මෙයට අමතරව...සමහර අවස්ථාවල...රෝද පුටුව භාවිතා කරන්නටත් වෙනවා...වයස..රෝගයේ බරපතල කම අනුව..
ඒත්...දැන් ගැටළුවක් තියනවා නේද..?
රෝද පුටුව කොහොමද පදවා ගෙන යන්නේ එක අතක් වැඩ නොකර...
මේ සඳහා...විශේෂ රෝදපුටු වර්ගයක් තියනවා..අංශභාග රෝගීන්ටම තියන..
හොඳින් බැලුවොත්...මෙහි පේනවා නේද..රෝදයේ රවුම් කීපයක් ( pushing wheels) තියන බව..එක අතකින් රෝද දෙකම හසුරවන්නට මේ මගින් පුළුවන්...
මේ වගේම ..රෝගියාට ලියන්නට ..හා..අනෙකුත් වැඩ වලටත් පුහුණු කල යුතු වෙනවා..
උයන්නට...ගෘහණියක් නම්...
ඉතින් අංශභාගය කියන්නේ..සරල එක රෝගයක් නොවෙයි..මෙහි පැති ගොඩක් තියනවා..ඒ සඳහා විවිධ වූ ප්‍රතිකාර ද තියනවා..මේ සඳහා..විශේෂ පුහුණු වූ කෙනෙකුගෙන් ප්රතිකාර ගැනීම කල යුතු වෙනවා..
ව්යායාම විතරක් මදි කියන්නේ ඒකයි...
ඉතින්...සාමාන්‍ය මනුස්සයෙකු ලෙස කාලයක් ජීවත් වෙලා...ඉන්පසු ආබාධ සහිත තත්වයට පත් වෙන කෙනෙක් තමන්ගේ කලින් ජීවිතයේ කල කී දෑ වලට නැවත යොමු කල යුතුයි...
එය යහපත් සෞඛ්යයක මුල්ම අදහසයි...
ඉතින්...අවශ්‍ය දෙයක් ඇත්නම් අහන්න..සියලුම දේ පෝස්ටුවක ලියන්න අමාරුයි..නේ
ඉතාමත් වැදගත් ලිපියක්. මේ දැණුම බෙදා හදා ගන්නවාට බොහොම ස්තූතියි!
ReplyDeleteස්තුතියි ඔබට.කියවා අදහස් පල කිරීමම හිතට දිරියක්
Deleteවටිනා බ්ලොග් එකක්.
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි ඔබට
Deleteමේක ෆලෝ කරන්න විදිහක් තියනවාද? ගැජට්ටුව එල්ලුවා නම් සරි
ReplyDeleteමම එය කරන්නම් ...ස්තුතියි නැවතත්
Delete