Sunday, February 19, 2017

36. ඇස රැඳුණ තැන්


විසිරිගේ මගතොට දී දැක්ක රූ ගැන ඔන්න පෝස්ටුවක් දමන්නම් කිව්වනෙ.....ඒක ට ටිකක් කලක් ගියා..

සාමාන්‍යයෙන් ගමනක් යද්දි මග තොට දි දකින සමහරක් දේවල්....ජංගමයේ කැමරාවට තමයි ඉතින් හසු වෙන්නෙ...මොකද හොඳ කැමරාව මිනිස්සුන්ට මානන කොට ඒ ස්වභාවික පෙනුම එන්නෙ නෑ

අනික ...මේ ගන්නා හැම දේම කෙනෙක්ට හානිකර නොවිය යුතුයි කියන මතයේ මාත් ඉන්නවා....අපි කෙනෙක්ගේ තරාතිරම කුමක් වුවත් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්නට ඕන...

අපි ජීවත් වෙන ලෝකයේ කොච්චර සුන්දර දේ තියනවද..ගස් වැල් ..මල් ..කොල...සත්තු.....ඒ හැමදේම වගේම මේ මිනිස් ඉරියවු සහ මුහුණු...හරිම අපූරු ප්‍රකාශනයන්ගෙන් යුක්තයි...වචන වලින් කියවන්නට බැරි දාහක් දේ එක ඉරියව්වකින් ප්‍රකාශ කල හැකියි...


ඉතින් මම ඔබට ඇරයුම් කර සිටිනවා.....මේ රූප චාරිකාවේ මාත් එක්ක යන්න එන්න කියලා......

ළමා විය කියන්නේ මොන තරම් සුන්දර අවධියක් ද...ඒත් ඔබ මේ දකින් රූ දෙක සසඳන්න...වින්දනය වෙනස්.....සීමාවල් වෙනස්...මම පහදන්න යන්නෙ නහැ.
..ඔබට හිතන්න ඉඩ දෙනවා




මේ හැම සේයාරුවක්ම මගෙ ඇහැ ගැටුණෙ..හදිස්සියෙම ...එතකොට අතේ තිබෙන්නෙ ජංගම දුරකතනය..එවිට ගන්නා  රූ නිසා සමහර විට තාක්ෂණ්ය අතින් ගැටලු ඇති...නමුත් ඔබ මෙය විඳීවි

වියපත් භාවය කෙතෙක් අසරණද යන්නත් හුදෙකලාද යන්නත් මට මීට වඩා නිර්වචනයක් කරන්න බැහැ





සමහරක් අහම්බයන් ඇස දකින්නෙ ඉතාම දුරකින්...ඒත් සුන්දරත්වයේ කොහෙද අඩුවක්...
මේ ගාලු කොටු බැම්ම උඩ ඉඳන් මුහුදු වෙරලේ උන්න තාත්තෙකුයි පොඩි පැට්ටෙකුයි...සූම් කරලා නිසා පැහැදිලි මදි

මගතොට ජීවිත බොහොමයක් දකින්නට ලැබෙන්නෙ කොලඹ දි...මේ එයින් සමහරක්



පිරියම් කරන්නේ ජීවිතයමද...මට හිතුනා මෙතනදි



අන්තරාය....මිනිස්සුන්ට පමණයිද...



සරල වූත් කෙටිම වූත් රූප චාරිකාවෙන් මිදෙන්නට පෙර...ඉතින් ඔබෙන් අදහස් ඉල්ලනවා..මේ ගැන...
ජීවිතය බොහොම සුන්දරයි.....ඒක විඳින්න

මිටින් මුදා හැර බැලුවෙමි 
සත්තයි නුඹ නොගියා 

මවෙතින් ඉගිලී...



22 comments:

  1. හරි අපූරුයි විසිරි... මමත් හරි කැමති දෙයක් මේ ෆොටෝ ගැහිල්ල, මම වැඩිපුරම කැමති සොබාදහමට සමීප රූප ගන්න තමා.මගෙත් තියෙනවා එකතුවක් වෙලාවක දාන්නම්කෝ.මේ වලින් මගේ හිත වැඩිපුරම ගියේ අර වියපත් මනුස්සයෙක් ගේ දිහා බලන් ඉන්න එක සහ අර සුදු පැටියා ඉන්න එක. තප්පර ගානක් ඇතුලත පපුවට දැනුන බරකුත් ඒ එක්කම ඊ ළඟ තප්පරේදි හරි ආදරණීය බවකුත් ඒ පින්තූර දෙකෙන් මම වින්දා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සඳවතී...මාත් ස්වභාව ධර්මයට ගොඩක් ලං වුන කෙනෙක්..එහෙම ගත්තු සේයා රූ එකතුවකුත් මා ගාව තියනවා..ඔයාගෙ පින්තූර දවසක පෝස්ටුවක එක් කරන මෙන් ඉල්ලා සිටිනවා....

      Delete
  2. විසිරි...ජංගමෙන් පින්තුරු ගන්නකොට zoom නොකර ගන්න...ඊට පස්සේ ලැප් එකට ට්‍රාන්ස්ෆර් කරලා ක්‍රොප් කරන්න...හොඳ ස්මාර්ට් ෆෝන්ස් වල තියෙන කැමරා සෑහෙන්න හොඳයි...එඩිට් වලට ගිහින් adjustments වලින් ක්‍රොප් කරන්න පුලුවන්...ෆිල්ටර්ස් එෆෙක්ට්ස් දාන්නේ නැතුව උනත් හොඳ quality final product එකක් ගතෑකී ඔයාගේ ඔය නිර්මාණාත්මක ඇහෙන්...ට්‍රයි කරලා බලන්නකෝ...!
    මට නං ආසාම අර බංකුවෙ හැරමිටියට වාරු වෙලා ඉන්න ඇත්තගේ ශොට් එකට...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චෙෆ්...ඒ උපදෙස් ටිකට...මාත් ආසම හිතට දැනුන එකක් තමා ඒ පින්තූරෙ

      Delete
  3. විසිරී අපූරු පින්තූර ටිකක්. සටහනේ ඔබ කියූ පරිදි මිනිස් ඡායාරූප ගනිද්දී ඔවුන්ට හානිකර නොවිය යුතු බව මාත් පිළිගන්නවා. ඇත්තටම මගෙත් එකතුවක් තියෙනවා මේ වගේ. වෙලාවක පෝස්ට් එකක දාන්නම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී...ඒ පෝස්ටුව එනකල් මග බලා ඉන්නවා

      Delete
  4. මග තොට පින්තූර වල අපූරු කතා ටිකක් සටහන් වෙනවා.. මහන්සියට පත් වුනු වැඩිහිටි අයගේ රූප දැක්කම අපිත් කොයි වෙලාවේ හරි ඔහොමනේ කියා හිතෙනවා එතකොට මේ ගත කරන නිමේෂයේ අගය වැඩියෙන් වැටහෙනවා. ස්තූටියි විසිරි සිහින !

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම...රෝහලේදීත් මෙහෙම විඩාබර ඒ වුනාට හැඟීම් පිරුණ මුහුණු හමු වෙනවා නෙ..ඒත් අපිට ඒවා ගන්න බැහැනෙ මෙහෙම.
      ස්තුතියි නංගී...

      Delete
  5. විසිරි, මේ පෝස්ට් එක එනකම් බලන් හිටපු අය අතරේ මමත් එක්කෙනෙක්. ඇත්තමයි පිංතූර කියන්නේ නිහඬ කවියක් වගේ... ඔබේ ලිවීම් වගේම මේ නිර්මාණාත්මක ඇහැත් හරිම අපුරුයි විසිර...

    ReplyDelete
    Replies
    1. වචන වලට එහා යන යමක්...නිහඬ වුවත් ප්‍රකාශනයක් ඇති දෙයක් ඒක...නේද එරන්දි...ස්තුතියි ඔයාට..ඒ දිරිමත් කිරීමට

      Delete
  6. පින්තුර වලින් අපුරු කතා මතු වෙනවා. ඔබ අපුරුවට ඒ හැම කතාවක්ම කාච ගත කරලා තියෙනවා. ආයෙමත් ආයෙමත් විදින්න පුළුවන් දකින්න පුළුවන් සහ එවිට කියන්න පුළුවන් කතාවක් ඒ පින්තුර ඇතුලේ තියෙනවා. පින්තුරයක් කියන්නේ සමහර වෙලාවට කෙටි කතාවක් තවත් වෙලාවකට දිග කතාවක්. කොහොම උනත් පින්තුරයක් කියන්නේ ජිවිතයක පැත්තක් පෙන්නුම් කරන සියුම් පෙත්තක්.
    හරිම අපුරුයි හදිසියෙ යන එන ගමන් අසු කරගත් දේවල්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට ....මේ විනෝදාංශය ඉතින් කාලයක් තිස්සේම කරන එකක්නෙ මගේ...

      Delete
  7. ඉසිරී විසිරි රස!!! ස්තුතියි බෙදා ගත්තට.. (අම්බෝ..මමනං රත්තරන් දැක්කත් ෆොටෝ ගහන්නේ නෑ ආයේ.. හැක්.)

    ReplyDelete
    Replies
    1. අර මොකෝ කමී...ගුටි කන්නවත් ගියාද එහෙම එකක් ගන්න ගිහින්

      Delete
    2. අපෝ නෑ.. යන්තං හිරේ විලංගුවේ වැටිලා බේරුණා..

      Delete
    3. එහෙමද ...මාත් පරෙස්සම් වෙන්න ඕන එහෙනම්

      Delete
  8. මේ හැම පින්තුරෙකම සැගවුන කතාවක් ඇති...හදිසියේ ගත්තා උනාට, කවදත් ඔයාගේ පින්තුර වල ඒ කලාව රහට තියනවා...

    ReplyDelete
    Replies
    1. වචන වලට කියන්න බැරි කොච්චර දේ තියද නේද පොකුරු වැහි

      Delete
  9. ආයාසයක් නොපෙනී ඡායාරූපයක් ගන්නවා කියන්නෙම ලොකු වැඩක්.. දැනෙන්නම ලස්සනයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට..ඇත්තෙන්ම ඒක තරමක අභියෝගයක් තමයි...

      Delete
  10. අත්දැකීම් වල මතකය පින්තූරයක රඳවගන්න එක හරි අමාරුයි, නිරන්තර සූදානම, සුදුසුම අවස්ථාව තෝරා ගැනීම, ස්වයං නීති පිළි පැදීම වගේ දේවල් ක්ෂණිකව එකතු වෙලා පින්තූරයටක කැටි කිරීම ලොකු අභියෝගයක්. බොහොම සුන්දර වැඩක්

    https://nopalakatha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගුටි නොකා බැනුම් නාහා...අතේ තියන ෆෝන් එකෙන් කරන පොඩි පහේ ඇඩ්වෙන්චර් එකක් වෙලාවකට

      Delete