34. අමතක ව ගිය කවි අතර
ජීවිතයේ බොහෝ සුන්දර අත්දැකීම් උපන්නේ ඔබේ ස්නේහය නිසාවෙන්මය....
ඔබේ ඇස නොගැටෙන මුත් මේ මගේ සොඳුරු අවකාශයයි..එහි මම මගේ සෙනෙහස ලියා තබන්නෙමි
අමතක ව ගිය කවි අතර
ඔබ උපද්දපු කවි තවම ඇත
උරහිසට හිස තැබූ සැණ
එකවි එකිනෙක ගලා එත....
අතින් අත මිදීගිය කලක පෙර
හිත වියැළි කතරක්ව තිබූ තැන
එකම එක සුසුමකින් පණ ලබන
යායක්ම මල් පීදුණේ කොහොම...
නළලතක පටු ඉඩක තබා ගිය
ආදරේ සුසුමකට නෙත් වැසුව
ජීවිතේ සියලු සෙනෙහස් හැඟුම්
යළි යළිත් පිපෙනයුරු දුටුවෙහිද...
ගෙවී ගිය මතක මත
ReplyDeleteනිවී සැනහුණු මසිත
තැවී වදවී රිදුම් දෙන සඳ
කවී ලියැවී සතුට දෙනු ඇත....
ලස්සනයි විසිරී.
ජයවේවා!!!
ස්තුතියි දුමී
Deleteලස්සන පබැදුම...
ReplyDeleteස්තුතියි නිර්මාණි
Delete
ReplyDeleteඅපූරුයි විසිරි... දැනුනා හොදටම ඒ නිසාමයි මේක ,
සිතින් සියවරක් නොව
දසදහස් වාරයක්
කල්පයක් නොවේ කප්
සුවහසක කාලයක්
හැඩූවෙමි ඉකිගසා
අපි අපේ නොවූ නිසා
මල් අතුල මාවතේ
අදත් නුඹ එයි සිතා
මදක් නැවතී බලමි
මල් පාර නෙතු අයා
අපි අපේ නොවූවත්
දෛවයට ඉඩතබා
තවම හිත වැලපෙනව
හුරු පුරුදු පෙම පතා
අනේ ඔය උරහිසට තව
වරක් හිස තියා
හිදින්නට ලැබේනම්
ඇසිල්ලක් නෙතු පියා
හරිම සුන්දරයි සඳා නංගී
Deleteසොඳුරුයි මේ පද
ReplyDeleteඔයා නම් මේ කවි කියවලා ඇති නේ..කලිනුත්
Deleteප්‍රේමය සමඟ බැඳුන නොකී කතාවක් හැම කෙනෙකුටම ඇති, එයිනුත් බොහෝ පිරිසකටම පොදු කතාවක් මේ
ReplyDeleteඑකම හැඟුමක පොදු සාධකය වෙන්න අපිට හැකි වීමත් සුන්දරයි නේද
Deleteආදරේ සුසුම් හඳුනන
ReplyDeleteජිවිතේ මිහිරියාවක සැනසෙන
වෙරලෙ රැලි කවි කියන
සිහිනයකි හිත දවන