Wednesday, February 22, 2017
37. ආදරෙයි ද....?
ආදරෙයි ද....?
මේ ප්‍රශ්නය ඔබ කී වතාවක් කී දෙනෙක්ගෙන් අසා ඇත්ද..?කුඩාම කාලේ දෙමවුපියන්ගෙන්..සහෝදර සහෝදරියන්ගෙන්...වැඩිහිටියන්ගෙන්...
ඉන් පස්සෙ කාලයකට පසු පෙම්වතෙක් පෙම්වතියකගෙන්...
ඔන්න ඔය වගේ...
ඒ වගේම ඔබෙන් කී දෙනෙක් කීවරක් නම් මේ දේ අසා ඇත්ද...?
මඳක් හිතන්න...
වාර ගණනක් හිතාගන්න බැරි තරම් නේද...?
සමහරක් විට ඒකට දීපු උත්තරත් මතක් වෙයි....
ඒත් ආයෙමත් හිතන්න...
මේ පැනය ..ඔබ ඔබෙන් අසා තිබෙනවාද....කිසිම දවසක...
ඔබ ඔබටම "ආදරෙයි " කියා පිළිතුරක් දීලා තිබෙනවද...?
ඉතාම කලාතුරකින් කියාවි කෙනෙක්.."හ්ම්ම්" කියලා...ඒත් සහතිකෙන්ම නම් නෙවෙයි...
මඳක් සිතන්න...
මුලු ලෝකයෙන්ම ඔබ ආදරය සොයනවා...ඔබ බොහෝ දෙනෙකුට විවිධ මානයන්හි සිට ආදරය කරනවා..ඒත් ඔබ ඔබට ආදරය කරනවද....ඔබේ මනසට ඒ ආදරය ඒත්තු ගන්වලා තියනවද...?
මේක මහ පිස්සු කතාවක් කියලා ඔබ සිතනවා ඇති...නෑ..
මම මේ කියනවාට ...එකම එක දවසක්...
ඔව්..
එකම එක දවසක්..
ඔබ මේ දේ කරන්න...
ජීවිතේ හරි සුන්දරයි කියා ඔබට දැනේවි..
උදෑසන මුහුණ බලන කන්නාඩිය ඉස්සරහට ගිහින් යාන්ත්‍රිකව ආලේපන ගල්වන්නෙ නැතුව ...මඳක් තමන් දෙසම ...ආදරයෙන් සිනා මුසුව බලන්න....
තමන්ගේම හිතට කියන්න ඔයා ලස්සනයි..ස්මාර්ට් කියලා...
කාටවත්ම ඇහෙන්නෙ නෑනෙ...
ඔව්..
තමන්ට තමන් ලස්සනයි...කඩවසම් අපූරු සුන්දර චරිතයක් ලෙස පේන්නට ඕන...වෙන කාට පෙනුනත් වැඩක් නෑ...ඒක තමුන්ට නොපෙනි
ඉඳහිට දවසක ...තමන්ට ආදරේ කරන දවසකුත් හොයා ගන්න...
තමන් වෙනුවෙන් පමණක් පොඩි සාප්පු සවාරියක් යන්න...නාස්තියක් නෙවෙයි...ඒක හිතට බරටම දැනෙයි....
මම යනවා පඩි ගත්තම ඔන්නොහොම පොඩි රවුමක්.....මට ම විතරක්....පොඩි පොඩි ආයිත්තම් ටිකක්...සුකුරුත්තම් ටිකක් ගන්න...ගෑණු නෙව....නේද....තනියෙන් අයිස්ක්‍රීම් එකක් කාල..බීම එකක් බීලා...ඇඳුම් ආයිත්තම් ටිකක් අතපත ගාල බලල....නිකම් ඔන්නොහෙ ඇවිදින්න....ඕකට මහ වෙලාවක් යන්නෙ නෑ...
වැඩේ සුලුයි..ඒත් හිතට එක්කාසු වෙන සතුට හරි ලොකුයි...
දවසකට වරක් වත් තමන්ගෙ මේ දිවිය ගැන සුබවාදීව හිතන්න...ඒ වෙනුවෙන් එකම දෙයක් හරි කරන්න...
දවස අවසානේ හැරිල බලද්දි හිතට තෘප්තියක් සතුටක් ගෙනේවි ඒ කල කී දේ...
අඩුම ගණනේ...තමන්ගෙ ඇතුලාන්තයට දැනෙන්න සිංදුවක් අහන්න...මලක් ගහක් දිහා බලන්න...හිටවන්න....සුරතල් සතෙක්ට ආදරය කරන්න....පෙරලා ලැබෙන දෙයින් සතුටු වෙන්න....මොකුත්ම නොලැබුණත් සතුටු වෙන්න...
දවසේ කිසිම වෙලාවක ,....හිත තරහින් පුරවා ගන්න එපා....ඒක මහ බරක්....තරහ නොයන මිනිස්සු ගැහැණු නැහැ...ඒත් ඒකෙන් හැකි ඉක්මනින් මිදෙන්න
හිත වෙලාවට තමන් වෙතම නතු කරගන්න...වැදගත් වෙන්නෙ අර තමන්ටම ආදරය කිරිමයි...
ඔබ දන්නවාද ඔබෙ සිනහව අනුන්ට වටින තරම්...ඒකෙන් කෙනෙක්ගෙ මානසික ආතතිය නැති කරාවි සමහරක් වෙලාවට...ඔක්කොම එපා වෙලා ඉන්න කෙනෙක්ට ...ඒ ඔබේ සිනහව අලුත්ම මානයක් ගෙනල්ලා දේවි...හිතන්නට....
එතකොට තමන්ට...
එක දවසක්..බලන්න
ඔබ ඔබ එක්කම හිනා වෙලා...
ඇත්තෙන්ම කොච්චර සුන්දරයිද කියලා ඔබටම හිතේවි...
පුරා දිය විසිර ගිය
කලසක් ව හිඳින්නෙමි
ජීවිතේ සෙත් කවට
පැන් පොදක් ඉසිලමින
සලා මල් රොන් විසුල
කිනිති බර තුරක් වෙමි
සුවඳ සලනා හිතට
පැහැය තවරා නිතින
කලා සොලසක් පිරුණ
සරා සඳ සේ නැගෙමි
අමාවක අවසන්ව
හිත් අහස එකලු කර
හිස් ව ගිය ජීවිතේ
මී විතග පුරා ලන
පන්හිඳට පණ පොවන
සොඳුරු කව වෙමි තුටින
ඉතින් ස්තුතියි...ආයෙම හමුවෙමු...විසිරි හැඟීමක
Labels:
හැඟීම්
Subscribe to:
Post Comments (Atom)
සෙනේ පිරුණු හිතකින් ලොව දැකගන්න
ReplyDeleteදිනේ පුරා ජය සිකුරුයි දැනගන්න
දැනේ ඔබේ සිනහව නිති පතුරන්න
ගෙනේ හිතට සැනසුම එය පිළිගන්න....
විසිරිගේ ලිපියත් කවියත් ලස්සනයි.
ජයවේවා!!!
ස්තුතියි දුමී...හැමදාමත් වගේ රහම රහ කවියකින් දිරිමත් කලාට
Deleteකවි නොලියවෙන පන්හිඳ
ReplyDeleteතුඩග තෙමනවා කඳුළකින්..
ලියන්නලු කවියක් කාලෙකින්..
ආදරේ ගැන.. ආදරෙන්..
.
.
.
.
.
.
.
.
.
මම කියුව.. මට බෑ කියල... :/
මට තියෙනවා ඉස්සෙල්ල
ආදරේ කරන්න ඉගෙන ගන්න..
ඔක්කොටම කලින්.. මටම..
.
.
.
.
.
.
.
.
ස්තුතියි මතක් කරාට..
ඔව් ඉගන ගන්න ඕනම දෙයක්..තාම පරක්කු නෑ..ඉන් පස්සෙ ඔන්නොහොම ලස්සන ආදරණීය කවි ලියවෙයි
Deleteපොඩි කාලේම කොහේද කියෙව්වා කන්නාඩිය ලඟට ගිහින් මම හරි කඩවසම්ය, මගේ හිනාව හරි ඇට්ට්‍රාක්ටිව්‍ය වගේ දේවල් හිතුවාම ඒ දේවල් අපෙන් අනෙක් අයට විසිරෙනව කියලා විසිරි.ඉතින් පුරුද්දක් හැටියට තාමත්, ඒ කීවේ වල පයයි ගොඩ පයයි තියාගෙනත් හැකි හැමවෙලාවෙම ප්‍රැක්ටිස් කරනවා ඕක...!
ReplyDeleteඅනිත් එක, මම මාව සතපවාගන්න කරන්න පුලුවන් හැමදේම කරන්න පුලුවන් වෙලාවට කරනවා කවුරු මොනවා කීවත්...!
මම මට මාර ලව්..ඒකට එකම හේතුව කවුරුවත් ඒ තරමට මට ආදරේ නැති නිසා...!
හිස් නොවුන ජීවිතේ
උතුරා යන මීවිතෙන්
පොඟවමි සදාකල්
මට මා හමුවෙන තුරා...!
:)
අන්න එහෙම තමා ඉන්න ඕනේ
Deleteඇත්ත චෙෆ්...තමන්ට තමන් ඒතරමටම ආදරේ වෙන්න ඕනමයි....
Deleteඒකයි මේ එහෙනම්....
Deletehttps://chef-archiect.blogspot.com/2017/02/blog-post_23.html
මම මේ බැලුව...________
ලිඛිතා හිතුවෙ මොකක්ද...?
Deleteවිසිරිගේ මේ පෝස්ට් එක නිසා තමයි ඒක ලියවුනේ මයේ හිතේ..කොහෙන් කොන් අල්ලගන්නවද මංදා...!!
ඒ සටහන දැක්කම මටත් ආස හිතුනා චෙෆ්...
Deleteහා හා ඔය කියන විදියේ සාප්පු සවාරියක් මම අද උදෙත් ගිහින් ආවේ .. මං වෙනුවෙන්ම.බොරු කියන්නේ මොකටද මමනම් මට පුදුම විදියට ආදරෙයි.මම මට ආදරේ කලොත් තමයි අනිත් අයට ආදරේ කරන්න පුලුවන් අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්න පුලුවන් කැප වෙන්න පුලුවන් වෙන්නේ.පිරිමි කෙසේ වෙතත් ස්ත්‍රී පාර්ශවයට බොහෝ වෙලාවට විවාහයෙන් පස්සේ දරුවන් ලැබුනයින් පස්සේ තමන්ව තමන්ට මඟහැරෙනවා.නැත්තන් විහින් මගහරව ගන්නවා.මමනම් කියන්නේ විවාහයෙන් පස්සෙ තමා අපි අපි ගැන වැඩිපුර උනන්දු වෙන්න ඕනේ.මම මේ කියන්නේ අනිත් සේරම වැඩ පැත්තක තියලා හබියව දරුවන්ව දෙකේ කොලේට දාලා තම තමන් ගැන බලා ගන්න එකවත් තමන්ගේ හිතු මනාපෙට දෙවල් කරන එක ගැනවත් නෙවෙයි.අපි අපි ගැන සැලකිලිමත් වෙන තරමටම අපි අපිට ආදරේ කරන තරමටම අපේ ජිවිත හා ළඟින් බැඳිල ඉන්න අයට ආදරේ කරන්න ඕනේ සැලකිලිමත් වෙන්න ඔනේ.ඒ වගේම අනුන්ට තමන්ව වටිනව කියල දැනෙන්නනම් මුලින් අපිට අපිවම වටින්න ඕනේ.
ReplyDeleteවටිනා පෝස්ට් එකක් විසිරි. මේ කවියත් හරිම අපූරුයි.
මේ ඉන්නෙ ඒ ඛාණ්ඩයේ අය...අහද්දිත් ආසයි...
Deleteමම මට ආදරේ නැත්නම්, අනිත් අයට ආදරේ කරන්නේ කොහොමද. ආදරේ නම් සතුට රඳවන්න ඕන. මම සතුටෙන් ඉන්නවා. L LOVE ME,,,,,,,,,,,,
ReplyDeleteඅයි ලවු මී...එහෙම නේන්නම් ඉන්න ඕන....
Deleteතමන් එක්ක ටිකක් කතා කරනවා කියන්නෙ වෙනමම අත්දැකීමක්.
ReplyDeleteඅමුවෙන් වගේම ටීක් වෙන්න මත් උන වෙලාවල් වල ඔහොම කල්පනා කරල තියනවා..ඒ නිසා සතුටුයි.
ජීවිතය රසයි
සොයාගත යුතුයි
දැනගත යුතුයි
රස වර්ග ඇතිබව.
ජයවේවා..!!
ගෑණු අපි ඉතින් ඔය මත් වීම කියන එකෙන් ටිකක් ඈතයි නෙ....ඔව් තමන් තමා සමගම සංවාදශීලී වෙන්නම ඕන...මාත් ඒකට එකඟයි
Deleteදුක සතුට ජය පැරදුම පශ්චත්තාපය සහ තවත් බොහෝ හැඟීම් ඔය විදියටම මම මමත් එක්කම බෙදා හදා ගත් වාර අනන්තයි. නමුත් එය මෙලෙසින් ලියන්නට හිතුනෙනම් නෑ, ඔබ ඒ හැඟීම ලස්සනට ගලපල තියෙනව.
ReplyDeletehttps://nopalakatha.blogspot.com/
ඔව් නොපල කතා....ඒක එහෙමම වෙන්න ඕන..අපි සතුට වගේම දුකත් බෙදා ගන්න ඕන...ස්තුතියි කියවන්න වගේම අදහස් දෙන්න ආවට
Deleteඔබේ ලිපිය එක අතකට පොඩි research paper එකක් විසිරි.. ඔබට එක නිගමනයකට එන්න පුළුවන් වෙවී අවසානයට "බ්ලොග් ලියන්නේ තමන්ට ආදරේ කරන මිනිස්සු කොටසක් කියලා" . ඒ නිගමනයට ඔබට එන්න පුළුවන් උනොත් අපි කතාකරමු ඒ ගැන.
ReplyDeleteවටින ලිපියක් හරි අපුරූ නිස්දසකුත් එක්කම...
ඇත්තෙන්ම එරන්දි..ඒ කතාව මම එකහෙලාම පිලි ගන්නවා..මම මේ පෝස්ටුව කලින් ලිව්වේ මුහුනු පොතට..ඒක එහිත් ගොඩක් අයගෙ හිතට ඇල්ලුවා....
Deleteමම ඉස්සර ලිව්වෙ වෙන බ්ලොගයක්...පෞද්ගලික හේතුවක් මත මම එය නවතා දමලා....මේකෙන් ලියන්න ආවෙ...ඇත්තෙන්ම කොතැනටත් වඩා සුන්දරයි බ්ලොග් ලෝකයේ ඉන්න ලියන කියවන අය....
තමන්ටම ආදරය කරන එක... ඒක මහ පුදුමාකාර අහම්බයකින් මටත් හමු වුනා. මමත් හිතන්නෙ ඔයාකාරයෙන්.
ReplyDeleteකාටවත් කියා පහදන්නට බැරි තමන්ටම දැනෙන්න ඕන හැඟීමක් එය
Deleteමම මට ආදරේ නැහැ තමයි ...
ReplyDeleteබලමු උබ කියන එක කරලා
මම කියනවාට එහෙම කරලා බලන්න මෙන්ඩා...අපූරුම වෙනසක් වේවි ඒක
Deleteඋබ /////
ReplyDeleteසමාවෙන්න්න
ඒක බොහොම හිතවත් වචනයක් ලෙස බාරගන්නා බැවින්..සමාව බාජනයකට දමා තබා ගන්නා ලෙස ඉල්ලමි
Deleteමීට මාසේකට කලින් හැමදේම එපා උනා. ඒ දවස් ටිකේ හුගාක් දේවල් ඇත් කරා. මම ඒ සති ගාන පුරාවට දැන ගත්තා තමන්ට තමන්ව දැනෙන්නේ කොහොමද කියලා. මම දන්නෑ එත් මම හිතනවා ඒ සති ගාන ඇතුලේ මම මට නොසැහෙන්න ආදරේ කලා කියලා. පුංචි ම දෙයක් නිසා එකතු උන කල කිරීම පහ උනා. මේ පොස්ට් එක කලින් කියවලා තිබුණා. මේක මට ඒ සති කිහිපය ඇතුලේම කියවන්න ලැබුණා නම් මම ඊට කලින් මම මෙතන මේ විදිහට ලියනවා. අපුරුයි අක්කා.
ReplyDeleteඅනේ යනවා යන්න...මාසයක් විතර තමුන් උන්නේ...තමුන්ට ආදරේ කල අපෙනුත් ඈත් වෙලා...මම ඒ වෙනසට ඉඩ දීලා හැදිලා එන්න දුන්නේ...ඔයා වෙනස් කෙනෙක් බව දන්න නිසයි...කමක් නෑ....කාලය හොඳ දෙයක් කලා නෙ
Deleteහී. යී.
Deleteවිසිරි අක්තා එහෙනම් අපි ආයෙම පටන් ගමු