ජීවිතේ කියන්නෙ මහ අරුම පුදුම දෙයක්....විසිරි එහෙම හිතන්න ගත්තෙ අද ඊයෙ නෙවේ..ඒත්..දැන් ඔන්න ආයෙම හිතන්න වෙලා...දැන් නම් අවධානය ජීවිතේ ට දෙන්න ඕන කාලයක්...
අවුරුදු විස්සකට නොඅඩු කාලයක් ලෙඩ්ඩු එක්කම වැඩ කල විසිරි ....තමන්ගෙ සෞඛ්‍යය ගැන බරපතලෙට හිතන්න මේ ගත්තමද කොහෙද.......
විසිරි අවුරුදු විස්සක් ම ප්‍රතිකාර කලේ නිකම්ම නිකම් ලෙඩ්ඩුන්ට නෙවේ...කෙටි හා දීර්ඝ කාලීන ශාරීරික ආබාධ සහිත ලෙඩ්ඩුන්ට....අංශබාග රෝගය...ආතර්‍යිටිස්..මොලයට හානි වූ අය...සුෂුම්නා ආබාධ...උපතින්ම ආබාධ සහිත දරුවන්....එකී නොකී මෙකී හැම ජාතියම.....
අපේ මිනිස්සු ලෙඩක් වෙනකල් තමන්ගෙ සෞඛ්‍යය ගැන හිතන්නෙ නෑ..මේ විසිරි කියන මමත් කයිවාරු ගැහුවට එමමයි...ලෙඩ්ඩුන්ට එක වේලක් මගහරින්නෙ නැතුව බේත් බොන හැටි නාට්‍යානුසාරයෙනුත් කියා දෙන විසිරි....පැනඩෝල් පෙත්තක් බොන්නත් අමු හොරයි....
අපි හැමදාම එකම වයසේ එකම නීරෝගී බවින් ඉන්නෙ නැහැනෙ....විශේශයෙන්ම මේ non communicable disease...අපිට අතවනන වයසක් එනවා...දියවැඩියාව..කොලෙස්ටරෝල් ...අධි රුධිර පීඩනය...වගේ එව්වා...මේ තත්ව ප්‍රවේණිගත ව එනව වගේම අපේ ජීවන රටාවේ යම් යම් අඩු පාඩු නිසාත් එන්න පුලුවන් නෙ...
අවුරුදු දහ අටක් විතර ලෙඩ්ඩු එක්කම හොඳට දුවල පැනල වැඩ කල විසිරි..පුහුණු පාසලට පත්වීම ලබල ආවම ඔන්න ජීවන රටාව එහෙම පිටින්ම වෙනස් උනා....කම්පියුටර් එක ඉස්සරහයි ...දේශන ශාලාවෙයි....කාලය ගෙවන්න උනා....
ඉස්සර ලෙඩ්ඩු එක්ක වැඩ කරන කොට තේ එකක් බොන්නවත් ඉඳගත්තද මතක නෑ...දවල් කෑම වෙලාව තමයි එහෙම විවේකයකට ආවෙ...ඒත් දැන් ඒ තත්වෙ වෙනස්..මොලේ අධිකව වෙහෙසෙනවා...ඇඟ හොරවෙලා...
හුලං ගහපු බැලුමක් වගේ විසිරි මෙන්න මහත් වෙන්න ගත්තා...කන ප්‍රමාණය සෑහෙන්න අඩු බව ඇත්තෙ..
ඒත් මේ මහත් වෙන එක...nolimit.....ඉස්සර ගිනිකසයා වගේ බස් කෝච්චි වලට දිව්වට දැන් බොහෝම අමාරුයි ඒක....කකුල් හිරි වැටිල්ලක් එනකොට තමා ඔන්න විසිරිට තරු පෙනුනෙ.....
හිත හිත ඉන්නත් වෙලාවක් නෑනෙ....ඔන්න ඉතින් ගියාලු පෝෂණ වේදී තුමෙක් හම්බ වෙන්න....එතනට ගියාම උසයි බරයි මැන්නලු...බර කිලෝ 72 පැනලා..උසත් එක්ක බැලුවම BMI එක උපරිම සීමාවට එහා....මදැයි වෙච්ච දේ.....
පෝෂණ වේදී තුමා බාර දුන්නා කාර්‍යයක්...සතියක්ම කන බොන දේවල්..වතුර ටික පවා.ප්‍රමාණ හා වෙලාව එක්ක....සටහන් කරන් ඇවිල්ලා හමු වෙන්න කියලා...
ඉතින් ඔන්න ආපහු සේවා ස්තානයට ඇවිල්ලා ඊයෙ කාපු බීපුවයින් පටන් ගත්තා...ටිකක් ලියාගෙන යද්දි...විසිරිටම ලැජ්ජයි වගේ......කන්නෙ නෑ කියල හිතන් උන්නට සෑහෙන්න කාලා.....අනවශ්‍ය දේවල් කාලා හරියට...ප්‍රමාණ ගැනත් හිතුවම එහෙමයි...
මේක ලිය ලියා ඉද්දි ආයතන ප්‍රධානිතුමා එතනට ආවා....සිද්දිය අහලා එතුමා කිව්වෙ මෙහෙම කතාවක්....
කෙනෙක් records තියන එක වටිනවා කියලා දැනෙන්නෙ ඔන්න ඔහොම දේවල් වලදි...අපි අපි ගැනම ස්වය්ං විෂ්ලේෂණයක යෙදෙනවා...අපි expert කෙනෙක්ගෙන් උපදෙස් ගන්න යනකොට අපිම අපේ ගැන පාලනයකට එන්න පටන් අරන්......
ඇත්තෙන්ම දින දෙකක් ලියද්දිම හිතුනා....තමන් ස්වයං විෂ්ලේෂණයක යෙදෙන්න ගන්නවා....තමන් කෑ අනවශ්‍ය දේ අඩු කරන්න පටන් ගන්නවා...එක්කො වලක්වාගන්නවා...අත හැර දමනවා.....කාල පරාසය හදාගන්නවා....
අනවශ්‍ය දේ ජීවිතෙන් අත හරින්න කොච්චර අමාරුද කියනෙක තේරෙන්නෙ...අත හරින්න පටන් ගන්න මුල්ම දවසෙ....කන බත් ප්‍රමාණය වැඩියි කියලා අත හරිද්දි...මොළයයි හිතයි ඔන්න මහ ගට්ඨනයක....එන්න එන්නම ඇඟේ අපහසුතා එන්න අරන්...ඈනුම් යනවා...ඇඟට පණ නෑ..එක එක ලකුණු....හිත කතා කරන්නෙම පරණ පුරුද්දට ආපහු අනුගත වෙන්න.....බලෙන් හිත හයිය කරන් දින දෙකක් ඉන්න බලන්න....ඉබේම මේ තත්වය සමනය වෙනවා....
මේ අර කලින් කිව්ව රෙකෝඩ් තබන එක නම් අපි ජීවිතේ ට හුරු කරගත යුතු දෙයක් කියලා මට හිතෙනවා.ඉස්සර අය දිනපොත් ලිව්වා...අපේ මුත්තාගෙ අල්මාරි ලාච්චුවේ තිබුන 1930-40 , කාලවල ඉඳන් තිබුන දිනපොත් වල අය වැය සටහන්...ඒ වගේම වැදගත් තොරතුරු සටහන් වෙලා තිබුනා....දිනපොතක් පවත්වා ගත යුත්තේ එදිනෙදා කල කී දේ ලියන්නට වඩා සැලසුම් සහගත ජීවිතේකට පෙර / පසු සටහනක් ලෙසටයි.....
කෑම චාට් එක පටන් ගත්තු විසිරි ත්...ඉබේම අනවශ්‍ය කෑම වලින් මිදෙන්න අඩියක් ඉස්සරහට තිව්වා...සමහර විට හැම පියවරම එක වගේම සාර්ථක නොවෙන්න පුලුවන් ......
මේ එක්කම එදිනෙදා ව්‍යායාම කිරීම ගොඩක් වැදගත් වෙනවා..
ලෙඩ්ඩුන්ට ඕවා කියලා දුන්නාට තමන් නොකල එකේ විපාක විඳින්න පෙර ඔන්න ඒකත් සීරුමාරුවෙන් පටන් ගත්තා මම..ව්‍යායාම වල වැදගත්කම අපි වෙනම පෝස්ට් එකකින් කතා කරමු..විසිරි ගෙ ප්‍රගතිය..අපි ඒ ගැන විශ්ලේෂණයක් කරමු.....තව මාස දෙකකින්...
කෑමෙදී කට පරිස්සම් කරන එක මටනම් කොරන්නම බැරි වැඩක්.හැබැයි ඉතින් කට පරිස්සම් නොකර ගත්තත් මම මගේ බර ගැන බොහොම සැලකිලිමත් වෙනෝ.මොකද මම කැමති නෑ ලෙඩ වෙන්න මට දොස්තර භීතිකාව ජයටම තියෙනවා.බෙහෙතුත් එහෙමයි පැනඩෝල් එක බොන්නෙත් දෙකට කඩලා ඉස්සරනම් කිරි හදාගෙන කිරිත් එක්ක බොන්නේ සත්තලන් එක්ක ආවට පස්සෙ ඒ සෙල්ලම් බෑ.ඒ නිසා දැන් වතුරත් එක්ක බොන්න පුරුදු වෙලා.
ReplyDeleteසොඳුරු අද නම් මට තහවුරු උනා සොඳුරු කියන්නේ මගේම ජාතියේ කෙනෙක්.... පෙනඩෝල් බාගේ කිරිත් එක්ක බිව්ව මං දැන්නම් මොනම විදිහකටවත් පැරසිටමෝල් අරික්කාලක්වත් උගුරෙන් පහලට දාගන්නේම නැති තරම් :) :)
Deleteහා හා මේ ඉන්නේ කිරිත් එක්ක බෙහෙත් බොන තව අය එතකොට. අම්මපා මේක පෙන්නන්න ඕනේ අපෙ උන්දට. එයා කියන්නෙ මට තරම් සමයං වෙන කාටවත් නෑ කියලා.
Deleteමම පොඩි කාලෙ බෙහෙත් බිව්වෙ fanta එක්ක විතරයි. ඒ කාලෙ මම නිතර බීපු පෙත්තක් තිබ්බා ... ඒකට කිව්වෙ ෆැන්ටා පෙත්ත කියලා..
Deleteදැන් නම් tablets පහක් උනත් දිවේ ඉදිරි කොටසේ තියලා වතුරත් එක්ක ගහලා දානවා. දිවේ ඉස්සරහට තිත්ත දැනෙන්නෙ නැහැ..
හා මෙන්න තවත් එකෙක් සතුටුයි සතුටුයි. මොකද මමත් ෆැන්ටා කියලා විශේෂයක් නැති උනත් ඔයා පාට බීම එක්කත් බෙහෙත් බොනවා වතුර නැතුව වෙන ඕන එකක්.
Deleteපැණි රහ බීම එක්ක විතරක් නෙවෙයි ඇයි චොක්ලට් කෑල්ලක් ඇතුලෙ තද කරලත් තිත්ත බෙහෙත් පෙති බීලා තියෙනවනේ
Deleteමේක නම් බොහොම වටින කතාවක්.. ඔය බොහොමයක් කාන්තාවෝ එකතුවෙන තැන් වලදී ජයටම කතා කෙන්රෙන මාතෘකාවලින් එකක් බර සිරුරේ හැඩය.... එත් කතා කරන වැඩි දෙනෙක් ඒ කියන පැවැත්මේ නැති බව බැලූ බැල්මටම පේන්න තියෙනවා හරියටම මේ මං වගේ. ඉතිං ඒ නිසා මම නම් අඩු තරමේ හුමිටි නොතියා ශේප් වෙලා ඉන්නේ මාව මට කණ්නාඩිය ඉස්සරහදි දැකලා පුරුදු නිසා. :) අවුරුද්දක කාලයක් මමත් Nutritionist කෙනෙකුගේ සහය ලබා ගන්නවා ඒ noninfectious disease එකක් නිසා. After surgery regenerate aspect එකක් වෙනුවෙන් මට වැඩි වශයෙන් ප්‍රෝටිනමය ආහාර ගන්න නිර්දේශ උනා. එහෙම තියෙද්දිත් එතුමා බොහොම නිවැරදිව මගේ බර පාලනය කරන ගමන් ම මගේ ඉහත අවශ්‍යතාවයත් ඉෂ්ට කරලා දුන්නා. ඒ නිසාම monitoring plan එකක වටිනාකම සහ අවශ්‍යතාව මට හොඳින් වැටහෙනවා.
ReplyDeleteමං ඔබව අගයකරන්නේ ඒ හේතුවත් එක්කම , ඔබේ සැබෑ උවමනාවත් කටින් බතල හිටවන අයට වඩා ආදර්ශය මුල් කරගනිමින් තවත් අය යහපත් දෙයක් සඳහා පෙළබවිම කියන හේතුත් මුල් කරගෙන.
සතුටින් ප්‍රගතිය දකිමින් මේ කටයුත්ත කරන්න... භාවනාවක් වගේ කරන්න පුළුවන් දෙයක් මේ.. ඔබට ජය..!
ප්‍රෝටීන් වැඩියෙන් ගැනීම සාර්ථක ලෙස මේදය දහනය කරන්න පුලුවන් ක්‍රමයක්. පේශි වර්ධනය වෙනුවෙන් තමයි වැඩියෙන්ම කැලරි පිච්චෙන්නෙ..
Deleteස්තුතියි එරන්දි....උත්සාහ කරනවා ඇත්තෙන්ම
Deleteඅපේ ආහාර වල කාබොහයිඩ්‍රේට් වැඩියි...ස්ථූල බවට එක් හේතුවක් ඒක..නේද කොච්චි
Deleteඔව්..අපි කාබොහයිඩ්රේට් වලට ඇඩික්ටඩ්
Deleteඔව්..අපි කාබොහයිඩ්රේට් වලට ඇඩික්ටඩ්
Deleteමේ පැත්තටත් ආපු එකේ කවියක් නොදී යන්නේ කොහොමද ඉතින්.
ReplyDeleteආස කෑම දැක්කම ඉවසන්න බැරී
රාස දැනෙනවා බර දුටු විට ඉතිරී
දෝස ගෙනෙන ආහර නොගැනීම හරී
මාස දෙකෙන් අපි තතු දැනගමු විසිරී......
ජයවේවා!!!
ස්තුතියි දුමී කවියට..
Deleteකට රැක ගන්න ඕනෑකම ඇති වීම
ලෙඩ දුක් වලට වැට බඳිනා හොඳ කෑම
විසිරිට වගේ ඔබටත් මෙය ඇති වීම
පතනෙමි නිරෝගී සුව ඉතිරෙනු හැමදාම
අපිනං ෆුල් ඔප්ශන්.....:)
ReplyDeleteඅනේ වාසනාවන්...ඇහුවත් සතුටුයි
Deleteරාත්‍රී ආහාරය බරට ගැනීම තමයි අපට හෙණේ. මම සාර්ථකව කිලෝ 95 දක්වා බර ඉහළ දාගෙන අන්තිම මාසෙ කිලෝ 4ක් බස්ස ගත්තා.. බත් පමණක් පාලනය කරලා
ReplyDelete95ක් ? බුදු අම්මෝ ....
Deleteඅයියෝ කොච්චි මට වඩා කිලෝ 10ක්ම අඩුයිනේ...!!
Deleteමට මේ කොච්චියි චෙෆාකියි පාරෙදි දැක්කොත් අඳුන ගන්න හැකි වෙයි...ටිකක් අයින් වෙලා යන්න ඕන....
Deleteමමත් පැණිරස නම් කන්නෙම නැති තරම්. නමුත් බත් සහ පිටිවලින් හදන කෑම පාලනය කරගන්න අමාරුයි.
ReplyDeleteපැණි රස වගේම තමා පාන් පිටි වලින් හදපු කෑමත් හොzදම නෑලු නේද
Deleteඋත්සාහ කල යුතු දෙයක්, අදහස දුන්නට බොහෝමත්ම පිං විසිරිට
ReplyDeletehttps://nopalakatha.blogspot.com/
හොස්පිටල් එකක වැඩ කරලත් ඒවා පිලි පදින්න බැරි හිතුවක්කාරකමක් මගෙත් තිබුනා....දැන් ටිකක් හැදිලා
Delete