මම මේ දවස් වල බ්ලොග් එකේත් විසිරි සිහින මුහුණු පොතේත් ලියාගෙන ලියාගෙන යනවාය...
ඒ ලිවිල්ල බලාගෙන ඉන්න අයට වෙලාවකට මං මේ පිස්සෙක් වගේ ලියන්නේ ඇයිද යන ප්‍රශ්නය ඇතිවෙන්නට ඉඩ ඇත....
ඊයේ එක්කෙනෙක් මගෙන් ඕක ඇහුවාම මම කටට ආ උත්තරේ ලෙස දුන්නේ .... වෙන කරන්න දෙයක් නැති නිසා එන ස්ට්‍රෙස් එක අඩු කරගන්න ලියනවා " කියාය.. ..
ඒත් ඊට පස්සෙ මම ම කල්පනා කලේ මට ලියනවා හැර කරන්නට ඕන තරම් වැඩ තියනවා නේද කියාය.....උදේ 4ට නැගිට රෑ 11 ට නිදාගන්න...ගෙදරත් රැකියා ස්ථානයේත් අටෝරාශියක් වැඩ තියන මට ....කරන්න දෙයක් නැති කමට ලියනවා කීම අමු බොරුවක් බව මම නොදන්නවා නොවේය.
නමුත් ලිවීම කියන්නේ ස්ට්‍රෙස් අඩු කරන්නට කියාපු බේතකි...මට සම්බන්ධව එය එසේමය...තරහක් සතුටක් දුකක් විනෝදයක්..ඔය එකී මෙකී නොකී ඕනම හැඟීමකට ලිවීම මාර උත්තේජනයක් සපයයි..එය තරහ සමබ්න්ධයෙන් releasing factor එකක් වන අතර සන්තුශ්ටි දායක වෙලාවකදී....bursting factor එකකි.....
මම පරණ බ්ලොගෙන් මිදී විසිරි සිහින ලියන්නට ආවේද...පසු කාලයක විසිරි සිහින මුහුණු පොත් ගිණුමකට ආවේද මෙන්න මේ ලිවීමේ අභිලාශයෙන්ම පමණි...
මට ලිවීමේදී නිදහස ඕනෑමය..සමහරක් විට නන්නාඳුනන චරිතයක්ව සිටීම ඒ නිදහසට backup එකකි.....
නැත්නම් ලියන සේරම මටත් මගෙ ගෙදර අයටත් අදාල කරගෙන රස්සාවටත් අදාල කරගෙන විස්සෝප වන්නෝ එමටය....ලිවීම යනු එලෙස විය යුත්තක් නොවෙන නිසා මම මෙසේ ලියමි......
ලිවිම ගත්තාම ඉස්සර අපේ ආච්චි කිව්වේ..මොනවා ලිව්වත් මැල්ලුම් මිටියක් ලියාගන්නත් ගෑනු ළමයෙක් උනාම පුළුවන් වෙන්න ඕනය කියාය...ඒ කාලේ බැරි උනත්...දැන් නම් හීනියට මැල්ලුම් මිටියක් ලියන එකත් සිම්පල්ය ....අත ලියාගන්නේ නැතුව කොළ මැල්ලුම් ලියනවා මෙන්ම.....හිතට එන අදහස් ද පරෙස්සමින් ලිවිම කලාවකි...පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ලියවෙන්නේ හිත්ය....
පාරේ ඇවිද එන විට ...බස් එකක කෝච්චියක යන විට....පොතක් පතක් කියවන විට...මිනිසුන් සමග කතා කරන විට....ලියන්නට එක එක නිමිති එනවාය...ඒවා සමහරක් විට ෆෝන් එකේ එවෙලෙම කොටාගන්නා අතර...සමහරක් ඒවා මනසේ කටු සටහනක් ඇඳගන්නවාය.....
ෆෝන් එකට බ්ලොගර් ඇප් එක දමා ගත්තාම ටික ටික මෙන්න මෙහෙම සටහන් දමා ගත හැක....මගෙ ලියවිලි ලියවෙන්නේ එහෙමය.....
ලිවීම ගැන කියන විට කොළවල ලිවීම අතහැරීද නැත...මම මේ අවුරුද්දේ අරමුණ කරගත්තේ පොතක් ලියන්නය...ඒක තාම පරිච්ඡේද තුනකට සීමා වී ෆයිල් එක තුළටවී නිසොල්මනේය....බෝල බෝල අකුරු වලින් සටහන් තබා ගන්නට ආස නිසා...පොත් කීපයක කවි ටික මම ලියා තබනවාය....තවත් වයසට යනවිට බෝල අකුරු හැකියාව නැති වුණ කාලෙක බලා සතුටු වන්නට හැකි අකුරු ගොඩක් මගෙ එකතුවේ ඇත.......
ලිවීම මගේ ජීවිතය ට බොහෝ දේ ලබා දෙයි...
ඒකාකාරී ජීවිතය පීඩනයෙන් මුදවන්නට ලිවීම මට සහය වේ.....
ඒකාකාරී ජීවිතය පීඩනයෙන් මුදවන්නට ලිවීම මට සහය වේ.....
මගේ සමහර ලියවිලි ....මුහුණු පොතෙන්..බ්ලොගෙන් එහාට ගොස් පත්තර වල වෙබ් අඩවි වලට යනවිට ...විශේෂයෙන්ම සෞඛ්‍ය ලිපි....මම එයින් තවකෙකු දැනුවත් වන දෙස බලා තෘප්තිමත් වෙමි....
හාස්‍යය ..විනෝදය සඳහා එදිනෙදා දකින..සහ...අත්දකින...දේ ලිවීමද අපූරුම දෙයකි.....මම ආසම දේ මටම හිනා වෙන්නට කුමක් හෝ ලිවීමය...
ඉතින්...මේ මගේ ලිවීමය ......
ලියලා කෝටිපතියෝ වෙච්ච මිනිස්සුත් ඉඳලා තියනවා නේ ! දිගටම ලියමු..
ReplyDeleteඑහෙම අයත් ඉන්නවා නේද සෙන්නා...අපි ත් සන්තුෂ්ටිය අතින් ලියලා කෝටිපතියෝ වෙනවා
Deleteමරු ඒක
Deleteඔයා මෙන්ම මමත් ලියන්නෙක් කියා ආයේ අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මටත් ඔහොම පිස්සුවක් ඇත. ඉස්සරෝම සිංහලෙන් මගේ නම තියෙන මූණු පොත් පිටුව තිබුනේ මගේ පෙට් නේම් එකෙනි. එ දවස මම තනිකරම ලිව්වේ එකී ෆේක් ගිණුමෙනි.අඩුම තරමේ මගේ පොටෝවක්වත් මේ මෑතක් වන තුරුම නොදැම්මෙමි.පසුව බොහෝ අය කිව්වේ මගේ සෑබෑ නමින් ලියන්න ගන්න එයයි වටින්නේ කියාය.ඉතින් මම මගේ සැබෑ නමින් ලියන්නට පටන් ගතිමි. මා ෆේක් කියා සමහර කවි පිටුවලින් මගේ නිර්මාණ බාර ගත්තේද නැත. ඉතින් මා ඉන් පසු මගේ පින්තූරයක්ද දමා ෆේක් එක රියල් කර දිගටම ලියමි.. ලියමි... ලියමි..
ReplyDeleteෆේක් වීම කෙතරම් නිදහස් දැයි තේරුනේ විසිරී සිහිනයෙන් ලියන්නට ගත්තාමය...දැන් මගේ තරාතිරම හෝ කිසිදු පුද්ගලික කාරණයක් ලිවීමට අදාළ නැත....සැබෑ නමින් ලියනවා හා සමානවම මට මෙහිදී තෘප්තියක් ලැබේ......අපි ලියමු..ලියමු ..ලියමු
Delete//සමහරක් විට නන්නාඳුනන චරිතයක්ව සිටීම ඒ නිදහසට backup එකකි.....// සත්‍යයකි එය දැන් මටද බොහෝ සෙයින් වැටහී ඇත. ආරුඪ නමකින් මුලින්ම නොආ එකේ අවාසිය යම් තාක් දුරට ඇතැම් ලියැවිලිවලදි ගම්‍ය වෙයි.
ReplyDeleteඒකෙන්ම
Deleteෆේක් වුණත් නැතත් දන්නා අය එකම ලිපියකින් අපගේ ලිවීම් ආරය හඳුනා ගනී.....නමුත් නලින් ..අටම්...මේ ලිවීමේ නිදහස මට රියල් අකවුන්ට් එකේදී නොලැබෙයි ..විශේෂයෙන්ම මුහුණු පොතේදී ..ඒ නිසා..මේ විදිය බොහොම හොඳය
Deleteඉස්සර නම් සෑහෙන්න ලීවේය... මුහුණු පොත පැමිණියාට පසු කොටන්නට පටන් ගත්තෙන් ලීවීම ක්ෂය ම වී ගියේය.... දැන් ලියන්නේ ම නැත... කොටන්නද කම්මැලිය....ඉතින් පිස්සු වගේය...
ReplyDeleteසින්බෑඩ් යනු....මගේ ළමා අවදියේ කතා වල අපූරු චරිතයකි....ඒ නිසා නොලියා ඉන්න එක නම් කරන්නම එපාය..අපි නැති වෙන්නේ ඔන්න ඔය මුහුණු පොතේ කෙටිල්ලෙනි ...ආයෙත් ලියන්න යයි ඉල්ලමි
Deleteඅනේ මන්දා මගේ සිතුවිලි කොහෙන් හරි කාන්දු වෙනවා ද කියලා...
ReplyDeleteඒ ගැන වෙනම සටහනක් දාන්ට ඕනේ පස්සේ වෙලාවක...
මටත් හිතුනෙම අර බර්මියුඩා වට වත් අහුවෙනවද කියාය....ලියන්න ලියන්න ඒ සටහනත්
Deleteදුකත් සතුටත් කියන හැඟුමන් ඇදී එනවිට එක මත
ReplyDeleteහිතත් නලියා වචන සිතුවිලි එකින් එකට ගැළපෙණු ඇත
මටත් එහෙම වී ලියෙයි පදවැල් එවිට සැනසුම් වෙයි සිත
හෙටත් එමි මම කියවගන්නට ලියණු දිගටම බ්ලොග මත....
ජයවේවා!!!
කවිය රසවත් මිතුරු සිත ගෙන එනා ඇරයුම ඉවත නොහෙලමි
Deleteහෙටත් අලුතින් හැඟුම් අරගෙන බ්ලොගේ පිටුවක් හෙමින් සරසමි
ස්තුතියි දුමි
ලියන්නෝ සහ වවන්නෝ දිනනෝ කියලා කියලා කව්ද මන්දා කියලා තියෙනවා
ReplyDeleteඔව් ඔව් මමත් වවනවා..එළවලු..ඒ වගේම ලියනවා ....
Deleteඅපිට නං උලත් එකයි පිලත් එකයි ඩෝ
ReplyDeleteඒක වෙන්නැති ඔය හෝ ගාල ලියන්නේ නේ
Deleteඇත්තටම, ලිවීම මගෙත් හිත සැහැල්ලු කරගන්න මාධ්‍යය. මේ තියෙන්නේ මං මගේ ලිවීම ගැන ලියපු සටහනක්. :)
ReplyDeleteඇත්තෙන්ම ඔව්...මම ඒ සටහන කියවන්නම්
Deleteකියෙව්ව!
ReplyDeleteස්තුතියි රාජ්
Deleteඇත්තටම මන් ලියන්නෙ ඇයි. අනේ මන්දා දැවෙන ප්‍රශ්ණ විසිස්‍රි මේවා
ReplyDeleteහා හා දැවෙන්න එපා...නිවිලා හිතලා බලන්නකෝ
Deleteමමත් පුරුද්දක් විදිහට දවසේ සිදුවීම් සේරම පොතක ලියනව.දුකක් සතුටක් දැනුනත් ලියනවා.කාට හරි බනින්න ඕනෙනම් එවත් ලියනවා...ඇත්තටම ලිවීමෙන් මානසික සහනයක් ලැබෙනවා...
ReplyDeleteපොතක ලියන එකත් අපුරුම වැඩක්....ඒත් මතක ඇති කාලෙකින් මම ලියල නෑ එහෙම
Deleteලියන්නේ හිතේ කැකෑරි තියෙන දේවල් එලියට දාල හිත සැහැල්ලු කරගන්න නේ
ReplyDeleteඔව්...ඒකත් එක දෙයක් තමයි නේද
Deleteමුහුණු පොතේ නම් දිගට හරහට ලියල තියනවා දැක්ක. බ්ලොගේ අප්ඩේට් වෙන්නේ නැහැ ඒ තරමට නේද?
ReplyDeleteඒවා කෙටි සටහන් නිසා කෙලින්ම මුහුණු පොතට දාන්න ලේසියි..නමුත් බ්ලොග් පෝස්ට් එකක් ලියද්දි ඊට වඩා ටිකක් ඕනෑකමින් ලියන්න මම උත්සාහ ගන්නවා...ඒකයි පමාව
Deleteකොහොම උනත් මට නම් මැල්ලුම් ලියන්න බැරිය.
ReplyDeleteඇත්තටම ලියන කෙනෙකුට නිදහස ඕනේ. අක්කා දැන් නිදහස්ව ලියනවා. ඒවා කියවන්න ආස හිතනවා. තවත් ලියන්න සුබ පතනවා. ඔයා ලියන්න ඒ තමන්ගෙම නමින්ද නැද්ද කියන එක නෙවෙයි. අපි ඒවා ආසවෙන් කියවනවා. ඒ නිසා දිගටම ලියන්න. ජය
කොහොම උනත් මට නම් මැල්ලුම් ලියන්න බැරිය.
ReplyDeleteඇත්තටම ලියන කෙනෙකුට නිදහස ඕනේ. අක්කා දැන් නිදහස්ව ලියනවා. ඒවා කියවන්න ආස හිතනවා. තවත් ලියන්න සුබ පතනවා. ඔයා ලියන්න ඒ තමන්ගෙම නමින්ද නැද්ද කියන එක නෙවෙයි. අපි ඒවා ආසවෙන් කියවනවා. ඒ නිසා දිගටම ලියන්න. ජය