ඉස්සරම දවසක මම මුහුණු පොතට ලිව්වා පොඩි සටහන් පෙළක්...පොත් ගුල්ලියකගෙ මතක කියලා....එක තව ආලවට්ටම් ටිකක් එහෙම දාල බ්ලොගේට ලියන්න හිතුනා ඉතින් ...ඒ කලින් ලිව්වට වඩා තව මතක තියධ කියල අවුස්සන්න ත් ඕන...නමුත් ළමා කාලේ කියන්නේ කොච්චර මතක ගොඩක් තියන සුන්දරම කාලයක්ද නේද.....
කියවීම....
ඒක නිකම්ම නිකම් කියවීමක් නම් නොවෙයි....
මේ අවදිවන්නේ පොත් කියවීමක් ගැන මතක....
ඉස්සරම පොඩිම කාලේ ම පටන් පොත් කියවන්න මගේ තිබුනේ නොනවතින පිපාසයක්...
ඒක කොහොම ඇති වුනාද කියලා කියන්න මම දන්නේ නැහැ
නමුත් සම්පත් ඉතා සීමිත වු ඒ වගේ කාලයක වුණත් අතට අහුවෙන පත්තර කැබැල්ල පවා ..ලෝබකමින් අකුරක් නෑර කියෙව්ව යුගයක් ඒක...
පාසල අහවර වී ගෙදර ආවමත් බත් පිගාන එක අතකටත් පත්තරය අනෙක් අතටත් අරගෙන තමා කන්න සුදානම් වෙන්නේ ...අපේ තාත්තා අදටත් කියන්නේ ...මම කාල තියෙන්නේ පත්තර කියලා....
අද වගේ විවිධාකාර පත්තර සඟරා ඒ කාලේ තිබුනේ නැහැ...නමුත් තිබුණ සීමිත ප්‍රමාණය ..අර්ථ රසයෙන් අනුනයි ...ඒ ලිපි එක්ක...මගේ මතකය අවදි වන්නේ ඒ පතපොත එක්ක....
ඉස්සරම පුංචි කාලේ ..සූකිරි...මීපැණි ..සුරතලා....ඔන්න ඔහොම පත්තර තිබුණා මතකද....
හරිම සරල සුන්දර ළමා පත්තර ..
සුරතලා පත්තරේ චිත්‍ර ඇන්දේ පියල් උදය සමරවීර මහත්මයා...එයා ඒ කාලේ උන්නේ මාතර...අපේ ලොකු මල්ලී එක පාරක් වෙසක් කලාපයක එයාගේ යාලුවෝ එක්ක...ඒකෙ කතාවක උන්නා...

මල් මාමා..බූ බබා ..බටකොළ ආච්චි ..ඔන්න ඔය වගේ කල්පිත චරිත අපේ ළමා කාලේදි පත්තර හරහා අපේ ලෝකෙට ආව ...
ඉන් පස්සේ විජය මිහිර...පත්තර ...දැනුම් සාගරයක් එක්ක ..
මගෙත් මල්ලිලාගේත් පත්තර එකතුව කාලයක්ම අපේ මහා ගෙදර සුරක්ෂිතව තිබුණා....මම එයින් සමහර කලාප මගේ දරුවන්ගේ පාසල් වැඩ සදහා අරගෙනත් ආවා....
අද කාලේ වගේ පින්තුර අච්චු ගහල කොළ ප්‍රින්ට් කරලා නැති ඒ කාලේ..පාසල් පැවරුම් සම එකටම පත්තර ගොන්න පෙරලගෙන රූප සහ කරුණු සොයන අපි මට දැනුත් මැවිලා පේනවා

ප්‍රහේලිකා පිරවීම්....ඒවාට තෑගි ලැබුනත් නොලැබුනත් ඒවා පුරවා යවන්න ඒ කාලේ මම හරිම ආසයි..අදටත් පත්තරයක් අතට ගත්තම ප්‍රහේලිකාවක් තියේ නම් එක පුරවන්න යන්නේ ඒ පුරුද්දට
ළමා පුවත්පත් වලට කවි කෙටි කතා රචනා ලියන්නට අපේ ළමා කාලේ උන්න ළමයි හරිම ආසයි...දෙමවුපියන් වුණත් එකාට අපිට බලකලා....උනන්දු කළා...ඒත් දැන් මේ යුගයේ දරුවන් එහෙම ලියන්න හරිම මැලි බවක් දක්වන්නේ... ඒ කාලේදී තමනේ නිර්මාණයක් පල වුනාම සතුටු වෙන්න වගේම තවකෙක්ගේ නිර්මාණයක් කියවලා දැනුමක් සතුටක් ලබන්නත් අපි පුරුදු වුනේ එතනිනුයි....
මගේ ළමා වියේ පොත් ගොන්නේ තිබුනේ රුසියන් ළමා කතා... දැන් තියෙන්නේ ඒවායේ දෙවැනි තුන් වෙනි වට ..ඒ කියන්නේ ආයේ ආයෙම මම ඒ පොත් ගන්නවා....කාට හෝ ඒවා පිරිනමන්න..ලස්සන වසිලිස්සා....රුසියන් ළමා කතා....බොහෝ පොත්..ඒ එකතුවේ තිබුණා...

ඒ වගේම සිංහල ගත කතුවරුන් වුන...ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා වගේ අයගේ රහස් පරීක්ෂක ළමා කතා...
කල්ලන්දුවේ මුතු කොල්ලය ...ආදී ළමා කතා ...වීරත්වය දනවන සුළු....කතා චිත්ත රුප මවමින් ...අප වෙත ආව....ඒ වගේ ළමා යොවුන් සාහිත්‍යයක් එදා තිබුණා.....
මතකයේ අහුමුලු අතර සැරිසරන ඒ කතා එක්ක මම තාමත් ජිවත් වෙන්න ආසයි...ඒ කතා සාහිත්‍යය එක්ක අපේ ලිවීමේ හැකියාවන් දියුණු වුනා...මගේ රචනා හැකියාව ..පාසල් කාලයේ හැකියා...දියුණු වුනේ ඒ සාරයෙන් ...
මඩොල් දුව ..අඹ යාළුවො වැනි කතා..අදටත් කියවන්න හිතෙනවා..නේද....ඒ කතාවල ගැමි පරිසරය..චිත්ත රූප මවන හැටි....අමතක නොවෙන්නේ ඒ නිසාමයි...ගැමි පරිසරය හා බැඳුනු අසිරිය ඒ කතාවල නොඅඩුව තිබුණා...

අනෙක් අපුරුම දේ තමයි...ඉස්සර අපිට පත පොත කියවන්න තිබුණ පරිසරය...ගස් ගල් උඩ නැගල හරි සොබා දහම එක්ක අනුගත වෙලා අපි නිදහසේ කියෙව්වා....අද වගේ අපිට දියූ තාක්ෂණික මෙවලම් තිබුනේ නැහැ...අඩුම ගානේ මුල්ම අවධියේදී රුපවාහිනී යන්ත්‍රයක් වත් අපේ නිවෙස්වල තිබුනේ නැහැ...ඒ නිසා.පොත් පත් කියවීමට ලොකු කාලයක් ඉතුරු වුනා...
අතීත මතක අවුස්සාගෙන පොත් පත් කියවන මේ ලිපි පෙලට තව ටිකක් එක්කාසු කරන ඉක්මනට එන්නම්...මේ සටහන් පෙලට ඔබේ අත්දැකීම් ....මතක් වෙනවා නම් ලියන්න ...අතීතය තුළ සැරිසරන එක කොච්චර සුන්දරද කියලා මඳක් සිතන්න ........
ඉතින් පොත් ගුල්ලියගේ දෙවන කොටසින් එන්නම් ඉක්මනට .......

මාතර පියල් උදය සමරවීර මට මුලින්ම හමුවන්නේ ලංකාදීපයේ වැඩට ගිය දවසේ. එහිදි මුලින්ම මා එක්ක කතා බහ කරපු අයගෙන් කෙනෙක් තමා පියල් අයියා. ඒ වෙනකොට ඔහු විජය පත්තරයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස කටයුතු කරේ. ඔහුගේ කවට සිතුවම් අපි අරබයා හැමදාමත් වගේ ඇඳුණා. පසු කාලයක විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරයත් ඔහු ට පිරිනැමුණා. ඒ දෙල්තොට චන්ද්‍රපාල මහතාගන් හිස් වු විජය කතු පුටුවට.
ReplyDeleteස්තුතියි නලින්....අගේ ඇති මතක
Deleteමකාගේ යලක්.. මල් මාමා නිසාම විජය පත්තරේ බොහොම ආසාවෙන් කියවූවා....ඔබ හරි පොතකින් ලැබෙන පරිකල්පන ශක්තිය අද දරුවන්ට නෑ. ඒ අය ඒ වෙනුවට කාටූන් හෝ ෆිල්ම් බලන්න පෙළඹෙනවා. මේ ළඟදී මම එක්තරා තරුණ ලියන්නෙක්ට උපදෙස් දුන්නා, මේ මේ පොත් කියවන්න කියලා... අයියෝ ෆිල්ම්ස් නම් බැලුවා පොත් කියවන්න කම්මැලී කියලා කීවේ නැද්ද ? ඉතින් කොහොමද ලියැවීම් සාර්ථක වෙන්නේ ? ඊළඟ කොටස ලියන්න ඉක්මනින් කියවන්න බලන් ඉන්නවා
ReplyDeleteස්තුතියි නංගි ...ලියන්නම් ඉක්මනට
Deleteමම මුළින්ම තනියම කියවපු පොත මේක කියවද්දී මතක් වුනා.ඒ පොතේ නම "කැළෑ ගමේ ඉස්කෝලේ ".ඒ කාලෙ දේවල් දැන් සෑහෙන්න අමතක වුනත් මට තාමත් ඒ පොත කියවපු හැටි මතක් කරගන්න පුලුවන් .
ReplyDeleteඒවා නැවත නැවත හොයාගෙන කියවන්න හිතෙනවා නේද
Deleteමේකේ ලියලා තියෙන බොහෝ දේවල් මගේ ජිවිතේ හා සමානයි.මමත් පොඩි කාලෙ පොත් ගුල්ලියක් පොතක් අතට ගත්තම කන්න බොන්න එළිවෙනවා රෑ වෙනවා මතකයක් නෑ.මම ඕ ලෙවල් කරන කාලෙදි අපේ තාත්තා ඉස්කෝලෙට ඇවිල්ල මැඩම්ට කියල මගේ ලයිබ්‍රි කාඩ් එකත් තහනම් කලා.අපිට ඒ කාලේ ලයිබ්‍රි එකෙක්න් පොත් දෙකක් ගෙදර ගෙනියන්න පුලුවන් සතියකින් තමා මාරු කරන්න දෙන්නේ. මම එක දවසඉන් හෝ දෙකකින් මගේ පොත් කියවනවා ඊට පස්සෙ යාලුවන්ගෙ පොත් එක්ක මාරු කරනවා ඉතින් මම සතියෙම පොත් කියවනවා. අපේ තාත්තට යකා නැගලා මට ලයිබ්‍රි එකත් තහනම් කලා.
ReplyDeleteතාත්තයි මායි අතරේත් සීතල යුද්දයක් තිබුණා....සෑහෙන්න පොත් කියවීම එක්ක... මාත් සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියේ ඔය වගේම....
Deleteසමහරක් කාලවල අපේ අම්මත් මට ඔහොම තහංචි දැම්මා..නමුත් කියවීමේ පිපාසය සන්සිදුනේ නැහැ
Deleteස්තුතියි සඳු
සොඳුරු මතකයන්..... පොත් එක්ක පොඩි කාළේම බැඳිලා තියෙන්නේ...වෙන් කරන්න බැරි වෙන්නම...
ReplyDeleteඑක තමයි මිනිස්සුන් සුන්දර කරන අඩිතාලම
Deleteමගේ ළමා කාලයත් ඔය වගේම තමයි..අපට කියවන්න ගොඩක් පොත් තිබුනේ නෑ තමයි..ඒත් අපේ අම්මා මට රුසියන් කතා පොත් ටිකනම් ගෙනත් දුන්නා.ඒ වගේම සුරතලා. හඳ මාමා,මිහිර, විජය පත්තර..මම නම් අපේ අම්මයි පුංචියි ගෙනාපු තරුණි පත්තරේත් කියෙව්වා..තව යොවුන් ජනතා කියලා පත්තරේකුත් ගෙනාවා මතකයි. අනික සිළුමිණ..අපේ මමා ගෙනාපු චිත්‍ර කතා පත්තරත් මම කියවනවා හොරෙන් අරන්...දැන් ළමයෙක්ට පොතක් දුන්නම කියවන්න අනේ මට කම්මැලියි කියනවා..
ReplyDeleteඑක හරිම කණගාටුවට හේතුවක් නේද සෙව්වන්දි ...ස්තුතියි ඔයාට මතක අවිස්සුවට
Deleteමං බ්ලොග් හුඟක් නොකියවන්න හේතුව තමයි ෆස්ට් ලව් එක වෙන පොත්වලට මුල් තැන දීම
ReplyDeleteඒක ඇත්ත ..නමුත් බ්ලොග් කියවිමෙත් එක රසාස්වාදයක් නැතුව නෙවෙයි නේද
Deleteමෙක මම ආසම මාතෘව කියලා ඔයා දන්නවා. මේ මතකත් ගොඩයි. ඇත්තටම අක්කා කියවීම තරම් ආකර්ෂණීය දෙයක් මට තාම හම්බ වේලා නෑ. (එහෙම උනානම් මෙහෙම වෙන්නැ නේ නේද 😂)
ReplyDeleteකොහොම උනත් අක්කා mee මතක එක්ක අතීතයට අරන් ගියා. මකාගෙ යලක් අපිත් කියෙව්වා මතකයි. ඉස්සර පින්තුර තියෙන පත්තර කැල්ලක් පෙන්න බැ. කන්න සිහියකුත් නැ. විජය පත්තරේට ආසම එක පින්තුර වලින් පිරිලා හින්දා.