Saturday, May 27, 2017

59. ජිවිතය සහ ආදරය ගැන පුංචි කතා 3


දිරිමත් බවේ  රහස 




" හොඳයි ඔබ සිතනවා ...මම ධෛර්යවන්තයි  කියල....." ඇය ඇසුවා ....

" ඔව්..මම එහෙම හිතනවා..."

" සමහරවිට ....ඔව්, එහෙම වෙන්න ඇති....මට හිටියා ජිවිතයට ආලෝකයක් දෙන මගේ ජීවිතයට මග පෙන්වන ගුරුවරුන්..මම ඔබට ඉන් එක්කෙනෙක් ගැන කියන්නම්...
බොහොම කාලයකට පෙර මම ස්වෙච්ඡා සේවකයකු ලෙස  ස්ටන්ෆොර්ඩ් රෝහලේ සේවය කළා ...මට එහිදී හමු වුනා ...ලීසා කියල පුංචි ගැහැණු ළමයෙක්...ඇය ඉතා දුර්ලභ ඒ වගේම බරපතල රෝගයකින් පෙළෙමින් උන්නේ ..ඇයට ජිවත් වෙන්නට තිබුණ එකම අවස්තාව වුනේ....අයගෙම පස් අවුරුදු වියැති සහෝදරයා ගෙන්  රුධිර පාරවිලයනයක් කිරීම.....

ප්‍රාතිහාර්ය යකින් වගේ මෙම රෝගයෙන්ම ඇයගේ  සොහොයුරා සුවවී තිබුණා ..එම නිසා රෝගයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ ඔහුගේ රුධිරයේ තිබීමයි මෙම පාරවිලයනයට හේතුව .....

වෛද්‍යවරයා විසින් ලිසා ගේ කුඩා සොහොයුරාට මේ තත්වය පැහැදිලි කර දී ඔහුගෙන් ලීසා ට රුධිරය ලබා දීමට හැකි දැයි විමසුවා.....

මම දුටුවා ඔහු පිළිතුරක් දීමට මඳක් පැකිලෙන අයුරු....නමුත් ඉන් පසු ගැඹුරු හුස්මක් ගත ඔහු ප්‍රකාශ කළා මෙන්න මෙහෙම ...." ඔව් මම එයට කැමතියි....මට එයින් ලීසා ගේ ජීවිතය ගලවාගත හැකි නම්  ...."

" රුධිර පාරවිලයනය සිදුවෙන අතර තුර ....කුඩා පිරිමි ළමයා සිනා මුසුව ලීසා ට යාබද සයනයේ ..සිට  ලීසා දෙස බලා උන්නා....ලීසා ගේ කම්මුල් වල පැහැය යතා තත්වයට පැමිණෙන අයුරු අප සියල්ලන්ම දුටුවා....ඒ සමගම පිරිමි ලමයාගේ මුහුණ සුදුමැලි වෙමින් පැවතුනා ..ඔහු ගේ සිනහව අඩුවෙන්න පටන් ගත්තා....ඔහු වෙවුලන කටහඬින් වෛද්‍ය වරයාගෙන් මෙලෙස ඇසුවා ...."

" හ්ම්ම්...දැන් එහෙනම් මට මියයන්න සිදුවෙනවා නේද....? "

දරුවා කුඩා වියෙහි වු නිසා ඔහු වෛද්‍යවරයා ගේ ප්‍රකාශය තේරුම් අරන් තිබුනේ ..වැරදි ආකාරයට ....ඔහු සිතාගෙන උන්නේ ලීසා ට රුධිරය පාරවිලයනයෙදී..ඔහුගේ සියලුම රුධිරය ඇයට දියයුතු බව හා එය  කළ පසු ඔහු මිය යන බවයි....."


" ඔව් ඉතින් මම ධෛර්යවන්තයි......මට එවැනි මගහෙලි කළ ගුරුවරුන් ජීවිතයේදී හමුවුන නිසා....." ඇය යළිත් සිනාසී පැවසුවා ....


පරිවර්තනය .....chicken soup for the soul

16 comments:

  1. සංවේදී කථාව.

    ReplyDelete
  2. කුඩා සොහොයුරා එල ද බ්‍රා
    මේකත් පොඩි මෙන්ඩ ට

    ReplyDelete
    Replies
    1. මම පොඩ්ඩට මේ සෙට් එකාට කතා දාන්නම් මෙන්ඩ.....දිගටම

      Delete
  3. හිතාගන්නවත් බෑ ඒ පොඩි එකා ගැන.

    ReplyDelete
  4. සංවේදී කතාවක් අක්කා
    Hitha ගන්න be මෙහෙම හිතක් ගැන .

    අපූරුයි අක්කා me කතා ආයෙමත් අපිට lan කරනවාට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාත්‍රා ...භාෂාව මාරු

      Delete
  5. හොද කතාවක් මිස් වුණු පරණ පෝස්ට් ටිකත් කියවනන් එන්නම්

    ReplyDelete
    Replies
    1. කියවල මොනා හරි කොටන්න හොඳේ කොමෙන්ට් එකක්

      Delete
  6. සුපිරි කොල්ලෙක්නේ :) took a life note! Thanks for sharing :)

    ReplyDelete