Wednesday, May 17, 2017
56. කපුටු අම්මාගේ වලප
එල්පින්ස්ටන් හන්දියේ කහ ඇහැළ ගස මත කූඩු හැදුවා
කළා කෙත ළඟ උපත ලැබුවට මගේ පැටවට ගීත බැරුවා
අයාලේ යන කෙවිලියක් විත් හොරෙන් බිජුවට දමා තිබුණා
මගේ පැටවුන් වගේමයි උන් නොදැන පෙම් සිත් වඩා හැදුවා......
මවක් නැතිවුණ පියෙක් නැතිවුණ කොවුල් පැටවුන් යසට හැදුණා
ඇහෙන නාටක ගීත අහලම උනුත් තාලෙට තාල තැබුවා
කතන්දර වල කොතෙක් කිව්වට කිසිත් ගැහැටක් අනේ නැතුවා
මගේ උන් ලෙස අනේ සෙනෙහෙන් උනුත් මම ආදරෙන් වැඩුවා.....
ඉකුත් දවසක අලුත් නාටක ගීත හඬකුත් එහෙන් ඇහුනා
අලුත් තටු ඇති මගේ කෙවිලිය ..දුවේ නුඹ ඒ දෙසට ඇදුනා
එහා ඉම සිට ඇදුන එළියක් ඇහැට ගිනිකණ එවා තිබුණා
තුඩග ගොළුවුන ගීතයක් ගෙන මගේ දූ මග මැරී වැටුණා......
2017/05/ 18
Labels:
විසිරි කවි
Subscribe to:
Post Comments (Atom)
අගේ ඇති නිර්මාණයක්. හෙඩිම වෙනස් විය යුතු නේද //කපුටු අම්මාගේ වලප// විලාප
ReplyDeleteනලීන්. මම අහලා තියෙන විදිහට "වලප" කියන්නෙත් "විලාප" කියන එකටමයි. විසිරිත් මේ ගැන කියයි.
Deleteඔව් නලින් දුමි හරි..වලප යනු විලාප කියන එකටම වෙනත් වචනයක්..
Deleteඑල ද බ්‍රා ..
ReplyDeleteඇත්තටම ලස්ස්සන්යි
ස්තුතියි මෙන්ඩා
Deleteබුකියේ දාල දවස් කීයකට පස්සෙද බ්ලොග් එකේ දාන්න මතක් වෙන්නේ? :/
ReplyDeleteඑහෙම තමා අනේ...
Deleteමේක මම කලින් බුකියෙන් කියවපු එකක්නෙ..හරි අපූරුයි අක්ක වෙනස් විදියට හිතල ලියල එකක්නෙ
ReplyDeleteස්තුතියි සඳු නංගි...
Deleteමේක ශෝක්..
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි බොහොම
Deleteහරිම ලස්සන කවියක්. වෙනස්ම විදියකට හිතල ජය වේවා අක්කේ.
ReplyDeleteබොහොම ස්තුතියි කටකාරී,,,නංගි
Deleteමේ වැළපිල්ල සංවේදීව ලියලා. අපූරුයි විසිරී.
ReplyDeleteජයවේවාල්!!!
ස්තුතියි දුමි
Deleteස්තුතියි ඔබට
ReplyDeleteලස්සනයි අක්කා
ReplyDeleteකලින් කියෙව්වාත් ආයෙමත් ඒ අපුරුවම වින්දා